රේගු නිලධාරීන්ට පහර දුන් විදේශික යුවලට එරෙහිව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලීම
Posted on July 30th, 2018

National Trade Union Center / Unions Lanka

ගරු මුදල් ඇමතිතුමා,
මුදල් අමාත්යාංශය,
කොළඹ 01.

මැතිතුමණි,

රේගු නිලධාරීන්ට පහර දුන් විදේශික යුවලට එරෙහිව නීතිය නිසි ලෙස කිරයාත්මක කරන ලෙස ඉල්ලීම

පසුගිය 27 වන දින උදෑසන 10.45 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිනෙමින් සිටි කුවේට් ජාතික යුවලක් විසින් රේගු නියාමක නිලධාරිනියක, සහකාර රේගු අධ්‍යක්‍ෂකවරයෙකු ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකුට නිර්දය ලෙස පහර දී තිබේ. මොවුන් සමග රැගෙන එමින් සිටි සුනඛයෙකුට අදාල නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලෙස දන්වා සිටීම මෙම පහර දීමට හේතුවයි.

ශාක හා සත්ව නිරෝධායන පනත බලාත්මක කරන නිලධාරීන් ලෙස ඔවුන් එය කළයුතු අතර, එය ඔවුන්ගේ වගකීම ද වේ. එහෙත් විවිධ රාජතාන්ත‍්‍රීක හා දේශපාලන බලපෑම හා මෙම සිද්ධිය සමතයකට පත්කරගන්නා ලෙස පහර කෑමට ලක්වූ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව පැත්තෙන් බලපෑම් එල්ල වෙමින් තිබේ.

ඇත්තෙන්ම ඔවුන් මෙලෙස පහර දී තිබෙන්නේ, රේගු නිලධාරීන්ට නොව අපේ රටේ ස්වෛරීත්වයටයි. එබැවින් මොවුන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදහත්වීම කරන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් මෙය බලවත් වැරදි පූර්වාදර්ශයක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත.

ස්තූතියි.

 

මෙයට විශ්වාසී,
ජේ. . ගුණතිලක,
ලේකම්,

සම්බන්ධීකරණය – – 071 8246948
Coordinating – +94 71 8246948

පිටපත්:
1.
ගරු ජනාධිපති මෛතිරපාල සිරිසේන මැතිතුමා
2.
රේගු අධ්යක් ජනරාල් තුමිය
3.
ජනමාධ් ආයතන වෙත

One Response to “රේගු නිලධාරීන්ට පහර දුන් විදේශික යුවලට එරෙහිව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලීම”

  1. NeelaMahaYoda Says:

    අද රට පාලනය කරන, අරාබියගෙ පස්ස පැත්තෙ මූන ඔබාගෙන ඉන්න, තුච්ච හා නින්දිත හු…..ගෙ පුතාලා ඉන්නකන්
    අපේ රටේ ස්වෛරීත්වය රැකගැනීමට ගැන හිතන්න එපා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress