නව ව්‍යවස්ථාවේ රටට හානිකර වගන්ති 24ක්
Posted on August 16th, 2018

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු  උපුටාගැණීම  මව්බිම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් වී තිබෙන විශේෂඥ කමිටුවේ මූලික ලියවිල්ලෙහි රටට එරෙහි බරපතළ කරුණු 24ක් හඳුනාගෙන තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී මෙම කරුණු 24 පිළිබඳ හෙළිවූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කෙළේය.

එම විශේෂඥ කමිටු වාර්තාව සැකසීමේදී 6:4 වශයෙන් විශේෂඥ කමිටු සාමාජිකයන් 10 දෙනා බෙදී තිබෙන බවත්, මෙහි බරපතළකම සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ක්‍රියා කරන බවත්, රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙම ආණ්ඩුව සූදානම් වන්නේ බෙදුම්වාදී බලවේග සහ කොටි හිතවාදීන් ඇතුළු ජනවාරි 08දා වෙනස වෙනුවෙන් සහයෝගය දැක්වූ පිරිස් සතුටු කිරීමට බවත්, එය එසේ සිදුවීමට ඒකාබද්ධ විපක්‍ෂය ඉඩ ලබානොදෙන බවත්, රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress