ශ‍්‍රී ලංකා ටෙලිකොම් කොටස් සියයට 4.74  ක් විකිණීමට කටයුතු කිරීම හා ඊට විරෝධය පෑම
Posted on August 16th, 2018

ශ‍්‍රී ලංකා ටෙලිකොම් කොටස් සියයට 4.74  ක් විකිණීමට කටයුතු කිරීම හා ඊට විරෝධය පෑම

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් සියයට 49.5 න් සියයට 4.74 ක් කොළඹ කොටස් වෙළඳපලට නිකුත් කිරිමට සූදානම්කර ඇති බව දැනගන්නට ලැබී තිබේ. රාජ්‍ය පංගුවෙන් මෙම කොටස් ප‍්‍රමාණය විකිණීමෙන් මෙතෙක් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරත්වය මෙන්ම රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරිමේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියට ද බලපෑම් සිදුවෙයි. එය ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පැවැත්මට හා මෙතෙක් ආරක්ෂාකරගෙන ආ සේවක අයිතීන් හා වරප‍්‍රසාදවලටද මෙන්ම පාරිභෝගික විශ්වාසයටද බලපෑම් ඇතිකරනු ඇත. එවගේම තර`ගකාරි වෙළඳපල තත්වය අනුව මෙතෙක් පාලනාධිකාරිය විසින් ක‍්‍රියාත්මක කිරිමට නොහැකි වූ ඇතැම් තීරණ ක‍්‍රියාත්මක කිරීමේ නිදහස හා බලයක්ද නිර්මාණය කරගනු ඇත.

එබැවින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය හා රජය විසින් ගනු ලැබු තීරණයට ඉහත කී කරුණු පදනම්කරගනිමින් අප සංගමයේ විරෝධය පළකර සිට්න බවත් මේ සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය හරහා පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙමින් ලාංකීය ජනතාව මෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින් හා කොටස් හිමියන් දැනුවත් කරන ලෙස කාරුකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මිට විශ්වාසි,
පී.එස්.බි. ජයසුන්දර
ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress