‘19’ සංශෝධනයේ හිලක්.. මහින්දට නැවතත් ජනාධිපතිවරණයට වරම්.. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණාත්මක මූලික අයිතිවාසිකම් පෙත්සමක්..
Posted on August 16th, 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාව ඇති බවට නීති විශාරදයන් මත පළ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තුන්වැනි වතාවට ජනාධිපතිවරණයක් සදහා තරග කල නොහැකි වුවද එම සංශෝධනය අතීතතයට බලපාන ලෙස සම්මත වී නැති බවද ඔවුනගේ මතයයි.

අතීතයට බල නොපාන ලෙස මෙම සංශෝධනයව සම්මත වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටද නැවත වතාවක් ජනාධිපතිවරණයකට තරග කිරීමට නීත්‍යානුකූල සුදුසුකම් ඇතැයි මෙම පිරිස අදහස් කරයිද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කළ යුතුව ඇති අතර ඒ සඳහා ඉදිරි දිනවලදී මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි ද පුවත්පත වැඩි දුරටත් සදහන් කරයි.

One Response to “‘19’ සංශෝධනයේ හිලක්.. මහින්දට නැවතත් ජනාධිපතිවරණයට වරම්.. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණාත්මක මූලික අයිතිවාසිකම් පෙත්සමක්..”

  1. aloy Says:

    A double edged sword. If successful, to bring yahaps to power again. If not to discredit Sri Lankans as a confused lot.

    A few days ago I saw an article in these columns describing a practice prevailed in coastal areas around Colombo during British colonial days: the particular locals had a symbiosis with the master to give their small children to be used as a bait for crocodile hunting. This is a sensational item of news. If true this was by a certain group who trusted them and were ready to give ‘anything’ and got favours from the Colonials. But the idea was to discredit the whole country on the eyes of readers around the world that we are an uncivilized lot.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress