බල්ලෙකුටවත් කන්න බැරි කජු ජනාධිපතිට දීලා
Posted on September 11th, 2018

උපුටාගැණීම අද දෙරණ

නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා චෝදනා කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී හම්බන්තොට ගොවි ජනතාව සමඟ පැවති හමුවකදී ය.

රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

දැන් මම ගිය සතියේ නේපාලයේ ඉදලා ඉන්දියාවේ ඉදලා ලංකාවට ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එද්දි දුන්නා කජු වගයක් කන්න. 

වාඩිවෙලා ඉන්න කොට දෙනවනේ එක එක ඒවා කන්න. කජු පීරිසියක් ගෙනත් දුන්නා.බල්ලෙක්ට කන්න බෑ මිනිහෙකුට තියා.

කවුද මේවා අනුමත කරන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගේන මිනිහෙකුට තියා සතෙකුට කන්න බැරි කජු කවුද අත්සන් කරලා අනුමත කරන්නේ.

මේ රටේ වගා කරන්න පුළුවන් දේවල් එක එක ඡාවාරම්කරුවන්ට ඕන විදියට  පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව මේ ගෙන එක නවත්වන්න ඕනේ.

6 Responses to “බල්ලෙකුටවත් කන්න බැරි කජු ජනාධිපතිට දීලා”

  1. NeelaMahaYoda Says:

    අපේ ජනාධිපති තුමා බල්ලෙකුටවත් සමාන් නැති නිසාද බල්ලෙකුටවත් කන්න බැරි කජු ජනාධිපතිට දීලා තියෙන්නේ. එහෙමනන් ඒ ගුවන් සේවකයාට/සේවිකාවට මාගේ ප්‍රනාමය.
    අපේ බල්ලත් කොච්චර හොඳ කජු දුන්නත් කටේ තියන්නෙම නෑ.

  2. . Says:

    The Daily Mirror Says;
    SriLankan Airlines said today its management has taken steps to rectify the issue where President Maithripala Sirisena was treated to some cashews which were not fit for human consumption.

  3. Hiranthe Says:

    This Hopper champion ate the hoppers with his boss and stabbed him from back.

    This low level minded proverbial fool Pinhami has eaten the Cashew nuts and stabbed the national air-line.
    Maybe the Air hostesses did not pay much respect to him and in return, he got annoyed and in the process of frustration and revengeful mind, damaged the reputation of the National carrier.

    No other leader of any country will do that. If there was a shortcoming, he should summon the CEO or the most senior officer of the Airline and warned him at the presidential office rather than damaging the reputation of the Airline internationally.

    It has become the news in many countries.

  4. Ratanapala Says:

    Rata, Jathiya, Aagama kelesana Ballekuta wena monawa dennada?

  5. Ratanapala Says:

    He has destroyed the local agriculture and the farmers acting on the dictates of the World Bank and IMF. What is he now talking like Rip Van Winkle? Looks like he has woken up from a deep slumber and cannot remember how he destroyed the rice, tea and rubber farmers as well as Maize and other essential food crops by denying them the fertilizer subsidy.

  6. dhane Says:

    President Sirisena open air remark on Cashew nuts display he is the biggest net case not suitable to be elected as President of Sri Lanka. He does not have any diplomatic quality in life. He would have thought exposing his Cashew nuts case in public he will be come an hero. No Sira you show your back stabbing policy is still continue by insulting your own National carrier. Instead he should summon the CEO of the Air line or Catering Service CEO of the Airline who were appointed with his knowledge or not and warned him at the presidential office. For that Sira does not have the guts as he may have to get permission from Ranil to do so.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress