පොලිසිය අද පාතාලය සමඟ එකතු වෙලාපොලිසිය අද පාතාලය සමඟ එකතු වෙලා
Posted on September 23rd, 2018

මහනුවර – නදීක දයා බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

සමාජය පාලනය කිරීම සඳහා සමාජ විරෝධී පාතාලය භාවිත කරන තරමටම මෙරට පොලිසිය පිරිහී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය සහ මාකඳුරේ මධුෂ් යන අය මේ රට පාලනය කරන තත්ත්වයක් දැකිය හැකි බව මන්ත්‍රිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ඤාණරතන හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක නාපාන පේමසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් මහනුවර අනිවත්තේ පිහිටි ඒ මහතාගේ නිවෙසේදී පැවැත්විණි.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙසේද කීය.

ඉල්ලා අස්වීම සඳහා සති දෙකක කාලයක් පොලිස්පතිවරයාට ලබාදී තිබෙන්නේ ඔහුගේ සියලු වංචා සහගත දෑ සඟවා ගැනීම සඳහායි. හඬ පට පවා සඟවන තත්ත්වයක් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කරනවා. මැතිවරණයකදී ආණ්ඩුව ලබාගන්නා ප්‍රතිඵලය ඔවුන්ගේ නළලේ ස¼දහන් වී ඇති නිසයි අපව සිරගත කරන්න කටයුතු කරන්නේ. සිර ගෙවල් අපට හොඳට පුරුදුයි. සිරගත කොට අප බය කරන්න පුළුවන් කමක්් නැහැ.
රටේ ආර්ථිකය අද කඩා වැටිලා. නූල කැඩුණු සරුංගලයක් වගේ රුපියල් ඉබාගාතේ පාවෙනවා. ගෙවුම් ශේෂ පරතරය ඉතා විශාලයි. අපනයන ප්‍රමාණය ඉහළ ගිහිල්ලා කියලා අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රකාශ කළා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යනවා.

පෙට්රල් ලීටරයකින් රුපියල් 72ක් ද, ඩීසල් ලීටරයකින් රුපියල් තිස් නවක්්ද බදු වශයෙන් ආණ්ඩුව අය කරනවා. වර්ෂ 2004 දී බොරතෙල් බැරලයක් තිබ්බේ ඩොලර් 98කට. දැන් බොරතෙල් බැරලයක් ඩොලර් 50කට වඩා අඩු වුවත් ආණ්ඩුව ඉන්ධන මිල අඩු කරන්නේ නැහැ. නමුත් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කරනවා නම් ඉන්ධන මිල අඩු කළ හැකියි. දෙසැම්බර් හා ජනවාරි මාස වන විට ඉන්ධන මිල අඩු විය හැකි යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු එසේ කියන්නේ මැතිවරණය ආසන්නයේදී ඉන්ධන මිල අඩු කිරීම සඳහායි. බලයට පත්වීම සඳහා කාර් ලබාදීම, වොක්ස් වැගන් කාර් ඉදිකිරීම් ආයතන ආරම්භ කිරීම, ටයර් කර්මාන්තශාලා ඉදිකිරීම, ණය කපා හැරීම, උකස් කළ රන් භාණ්ඩවල පොලී කපා හැරීම, ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දීම වැනි අසත්‍ය ප්‍රකාශයන් රැසක් කළ ආණ්ඩුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කරමින් යළිත් බොරු කීමට උත්සාහ කරනවා.

නමුත් මෙම යහපාලන ආණ්ඩුවට ඉදිරි මැතිවරණවලදී බුද්ධිමත් ජනතාව තියා සාමාන්‍ය ජනතාව වත් රැවටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මහනුවර – නදීක දයා බණ්ඩාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress