නාස්පුඩු හකුළුවන සුජීවගේ දුගඳ වැඩ
Posted on September 29th, 2018

කමල් මහේන්ද්‍ර වීරරත්න උපුටාගැණීම  මව්බිම

ඓතිහාසික යුගයේ මෙරට පැවැති සමාජ ආර්ථික හැඩගැස්ම කාල් මාක්ස් විසින් හඳුන්වනු ලැබුවේ ආසියාතික සමාජ, ආර්ථික ක්‍රමය ලෙසිනි. එය කිසිසේත්ම යුරෝපයේ වැඩවසම් සමාජ ක්‍රමයට සමාන නොවීය. අහස පරයා නැඟෙන වෙහෙර – දාගැබ් මතු නොව සමුදුර පරයා නැඟෙන වැව්ද ඉදිකළ අපේ රජවරු හුදෙක් තමන්ටය කියා ගෙයක් ‍ෙදාරක් ඉදිකරගත් බවක් ලංකා ඉතිහාසයේ සඳහන් නොවේ.

එක්සත් ජාතික පක්ෂයේ කීර්තිමත් නායකයකු වූ ජුනියස් රිචඩ් ජයවර්ධනද වැටෙන්නේ ඒ ගණයටය. ඔහු තමන්ට පාරම්පරිකව ලැබී තිබූ ගේ ‍ෙදාරද රජයට ලියා තබා අවසන් ගමන් ගියේය.

එහෙත් වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන සිටින ඇතැම් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු කිසිදු ලජ්ජා බයකින් තොරව මහජන දේපොළ තමන්ගේ බැංකු ගිණුමට දමා ගන්නට වලිකන්නේ තම පක්ෂයේ අතීත නායකයන්ද නින්දාවට පත් කරමිනි. මේ සම්බන්ධව ඇති හොඳම උදාහරණය වන්නේ යහපාලන ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වන්නටත් පෙර සිදු කළ මහ බැංකු කොල්ලයයි. රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ වැන්නවුන් මෙම මහා සොරකමට දැක්වූ දායකත්වය හෙළි වූයේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදීය.

ජාතියේ අවාසනාවට අපේ මිනිසුන්ට ඉතාමත් කෙටි කාලයක් තුළ සියල්ල අමතක වේ. බැඳුම්කර සොරුන්ද එහි වාසිය නෙළා ගනිති. පර්පචුවල් සමාගම වෙනුවෙන් ‘ඇත්ත නැත්ත’ ලියා අල්ලස් ගත් උදවිය තමන්ට ඇඟිල්ල දික් වන විට පැස්බරා වැල්ලෙ හිස සඟවා ගත්තා මෙන් සැඟවී සිට දැන් නැවතත් සොරකමට කුරුමානම් අල්ලති.

ගිය ඉරිදා ‘මව්බිම’ ප්‍රධාන පුවතින් නම් නොකියා හෙළි කෙළේ තවත් එවැනි නවතම වෑයමකි. යුරෝ බිලියන පහක වාර්ෂික විදෙස් අපනයන ආදායමක් රටට ගෙන එන ඇ.ඩො. මිලියන 500ක ආයෝජනයකින් ආරම්භ කිරීමට සූදානම් කෙරුණු සිලෝන් හයිස්පීඩ් රේල්වේස් සමාගමේ විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් කොමිස් මුදල ඉල්ලමින් වසර දෙකක් තිස්සේ එය නවතාගෙන සිටීම පිළිබඳව අදාළ සමාගම ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලක් එම වාර්තාවට පදනම්ව තිබිණි. මෙවැනි අපරාධ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු ජනපතිට පැමිණිලි කර තිබුණේ ඇමැතිවරයකුගේ සහ රාජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික අපේක්ෂාවන් නිසා ජාතික වශයෙන් විශාල හානියක් සිදු වී ඇති බවය. මේ තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරියට යුරෝපයේ සිට දැන්වූ අවස්ථාවේ ඇයට මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසද ඇමැතිවරයා දන්වා ඇති බවද සභාපතිනිය සඳහන් කර ඇත.

තවද ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ඉතාලියේ සංචාරයක යෙදෙන බැවින් එහිදී සමාගමේ යුරෝපීය අධ්‍යක්ෂවරයා හමුවිය හැකි බවට කරන ලද දැනුම්දීමකට අනුව 2017.09.28 දින ඉතාලියේ මිලාන් සෙන්ට්‍රල් දුම්රියපොළ අසල හෝටලයකදී ඔවුන් දෙදෙනා හමුවූ බවද සභාපතිනිය සඳහන් කර තිබේ. එහිදී ආයෝජන මණ්ඩලය වෙනුවෙන් පැමිණි නිලධාරීන් පවසා ඇත්තේ එම හමුව රහසක් ලෙස තබා ගන්නා අතරම ව්‍යාපෘතියේ සියලුම ලිපි ලේඛන ඔවුන් වෙත නැවත ලබා දෙන ලෙසය. තවත් දින කීපයකට පසු යුරෝපීය අධ්‍යක්ෂවරයාට දන්වා තිබුණේ රාජ්‍ය ඇමැතිවරයා හට ආයෝජකයන් කෙළින්ම හා පෞද්ගලිකව හමුවීමට අවශ්‍ය බවයි. එම හමුව 2017.10.17 මිලානෝ නගරයේදී සිදු වූ බවත් එහි වීඩියෝ පට ඉදිරිපත් කරන බවත් අනුශ්කා රේණු සභාපතිනිය පවසයි.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා පැමිණ සිටියත් රාජ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ඔහු මඟහැර සාකච්ඡාව පවත්වා තිබේ. මෙහිදී සභාපතිනිය ජනපතිට දැනුම් දෙන ඉතා වැදගත් කාරණයක් වන්නේ රාජ්‍ය ඇමතිවරයාගේ ඉතාලි යහළුවෙක් වන දිලිප් වෙදමානික්කම් මඟින් ඉදිරියට ඇමැතිවරයා කෙළින්ම සම්බන්ධ කරගන්නා ලෙස ඇයට උපදෙස් දුන් බවය. තවත් දින කීපයකට පසු ඇමැතිවරයාගේ නියෝජිතයා ආයෝජකයන් පෞද්ගලිකව හමුවීමට අවශ්‍ය බව දැන්වී යැයිද සභාපතිනිය සඳහන් කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේ විදුලි දුම්රිය ව්‍යාපෘතිය පසෙකට තල්ලු වීමට ප්‍රධාන හේතුව මෙකී ඇමති හා රාජ්‍ය ඇමති දෙපළගේ ඉල්ලීම පරිදි ආයෝජකයන්ගේ කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදී ලබාදීමට එකඟ නොවීම බවය. දූෂිත ක්‍රියාවන්ට සහයෝගය දෙන ආයතනික දේශපාලන මාෆියාවක් බවට ආයෝජන මණ්ඩලය පත්වී ඇති බවද ලංකා හයිස්පීඩ් රේල්වේ සමාගමේ සභාපතිනිය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
විදුලි දුම්රිය ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික නියෝජිතයා වූ “සිලෝන් හයිස්පීඩ් රේල්වේස්” සමාගම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කරන ලද පැමිණිල්ල පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙයට අදාළ සියලුම ලිපි ලේඛන සහිතව ඔක්තෝබර් මස 4 වැනි දින පෙරවරු 9.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මියට දැනුම් දී ඇත.

මාධ්‍යයක වගකීම හා යුතුකම වන්නේ ඒවා හෙළි කිරීමය. මේ නොපනත් ක්‍රියාවේදී ඇඟිල්ල දිගුව තිබුණේ ඇමැතිවරයකුට හා රාජ්‍ය ඇමැතිවරයකුටය.

එදා එම මහ බැංකු බැඳුම්කර මහා කොල්ලය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි පාර්ලිමේන්තුව විසින් පත් කළ තේරීම් කාරක සභා කමිටුව (ඛ්ර්ණීර්ථීඡ්) 2016 මැයි මස 6 වැනි දින සිට ඔත්තෝබර් මස 28 වැනි දින දක්වා (මාස 6ක කාලයක් තිස්සේ) සාක්ෂි විභාගය පවත්වාගෙන ගොස් අවසානයේ සිය වාර්තාව ඉදිරිපත් කරමින් එකී මහා බැඳුම්කර වංචාවට වගකිව යුතු අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් පමණක් නොව ඊට සම්බන්ධ වෙමින් ක්‍රියාකළ හා ආධාර අනුබල ලබාදුන් අය පිළිබඳවද සිය නිර්දේශ ඉදිරිපත් කළේය.

එහෙත් ‘කෝප්’ කමිටු සාමාජිකයන්ගේ අස්සන කමිටු වාර්තාවට තබන අවස්ථාවේ අන්තිම මොහොතේදී කමිටු සාමාජිකයන් වූ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේම මැති ඇමැතිවරුන් 9 දෙනකු වාර්තාවට අස්සන් තැබුවේ කොන්දේසි 32කට යටත්වය.

එනම් වාර්තාවේ නිර්දේශිත ප්‍රධාන කරුණු අතුරින් කරුණු 32ක් හා තමන් එකඟ නොවන බවට ප්‍රකාශ (ජ්ර්ණීර්ණීඊ ව්ර්ණීඊඡ්ඉ) ‘පාද සටහන්’ තබමින් ඔවුන් වාර්තාවට සිය අස්සන් තැබූහ.

සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, වසන්ත අලුවිහාරේ, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු කාරක සභිකයන් එලෙස අස්සන් තැබුවෝ වූහ.
සමස්ත මාධ්‍ය ඔස්සේම මෙම (ජ්ර්ණීර්ණීඊ ව්ර්ණීඊඡ්ඉ) ‘පාද සටහන්’ තැබීම පිළිබඳව විශාල කතා බහක් ඇති වූ අතර දස දෙසින් එල්ල වූයේ බරපතළ විවේචනයන් විය.

මෙහි බරපතළම කතා බහ ඉස්මතු වූයේ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් කෝප් කමිටුවේ සාමාජිකයන් වශයෙන් සිටිමින් මහ බැංකු මහ වංචාව ගැන විමර්ශනය ක්‍රියාත්මක වන අතරතුරදීම මහ බැංකු මහ වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චූදිතයන් සමඟ රහස් සබඳතා හා දුරකථන සංවාදද පවත්වමින් කුප්‍රකට රංගනයක යෙදී ඇති බව මහ බැංකු මහා මගඩිය පිළිබඳ විමර්ශනයක යෙදුණු ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දිගහැරෙද්දීය.

දිනය 2017 නොවැම්බර් 16 වැනිදාය. එදින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීමෙන් සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිවරයකු තමා විසින් පිළියෙළ කරන ලද ‘ජ-350’ වශයෙන් කොමිසමේ සලකුණු කොට ඇති ලේඛනය ඉදිරිපත් කරමින් ‘ජ්ධපඥදඵඪජ අඥනධපබ ධද ඛ්ධථථභදඪජචබඪධද ධ්දටධපථචබඪධද ඒදචතරඵඪඵ’ කියා සිටියේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණයේදී අනාවරණය කරගත් කරුණු අනුව ‘කෝප්’ කමිටු විමර්ශන කාලය අතරතුර එහි සාමාජික මැති ඇමැතිවරුන් හා ඇලෝසියස් අතර දුරකථන සංවාද රාශියක් සිදුව ඇති බවය.

ඉන් වැඩිම සංඛ්‍යාව වන සංවාද 62ක්ම සිදුව ඇත්තේ සුජීව සේනසිංහ සහ ඇලෝසියස් අතර බවද ඔහු කියා සිටියේය.

මහ බැංකු බැඳුම්කර වංචාවට සුදු හුනු ගාන්නට පොතක් ලිවීමක් සිදු කළ සේනසිංහ මන්ත්‍රිවරයා දහ අතේ දිවුරමින් කියා සිටියේ තමා ඇලෝසියස්ගෙන් සතයක්වත් ලබා නොගත් බවය.

ඇලෝසියස්ගෙන් චෙක්පත් මඟින් මුදල් ලබාගත් මැති ඇමැති ආදීන්ගේ නම් අනාවරණය වෙද්දී ඔහු යළි කියා සිටියේ 2015 මැතිවරණය සඳහා තමාට ඇලෝසියස්ගෙන් රුපියල් ලක්ෂ 10ක් ලැබුණු බවය.

කොමිසම හමුවේ ඇලෝසියස් මැති ඇමැතිවරුන්ට මුදල් ලබාදුන් දින වකවානු හෙළිදරව් වෙද්දී ඔහුගේ ඒ කතාවද මුසාවක්ම බව පසක් වූයේ ඔහුට මුදල් දී ඇත්තේ මැතිවරණයට පෙර නොව මැතිවරණයට පසුව බව දිනවකවානු අනුව තහවුරු වෙද්දීය. ඒ එදාය, මේ අද ඔහුගේ නම ඔහු විසින්ම තවත් අවක්‍රියාවකට සම්බන්ධ කරගෙන ඇත්තේ අතන මෙතැන කට මැත ‍ෙදාඩවන්නට ගොස් නොවේ.

මහනුවර පැත්තේ මහත් ආඩම්බරයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කෙළේ පුවත්පතක් මඟින් තමාට මඩ ගසා ඇති බවටත් පුවත්පතට සති 2ක් ඇතුළත නඩු දමන බවටත් කට මැත දෙඩවීම මඟිනි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress