මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්ය ධුරයට පත්වීමේ සිද්ධිය තවමත් අදහා ගැනීමට නොහැකිව සිටින බව දෙමළ ජාතික සන්ධානය කියයි
Posted on October 26th, 2018

දිනසේන රතුගමගේ

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමේ සිද්ධිය තවමත් අදහා ගැනීමට නොහැකිව සිටින බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු කාරක  සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම ගැන මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී තමන්ට පක්ෂයේ මතයක් ප්‍රකාශ කිරීමට කාලයක් නොමැති බවයි.

ගත වූ පැය කීපයේදී තමන් දෙමළ ජාතික සන්ධානයේ බොහෝ දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බවත් මේ සිදු වූ සිදුවීම දෙස මුලින් අධ්‍යයනයක් කිරීම  වඩා උචිත බව සියළු දෙනාගේ මතය වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියා සිටියේය.

මේ පිළිබදව ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා සමගද තමන් කතා කළ බව කී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියා සිටියේ ඉදිරියේදී මීට වඩා විශාල යමක් සිදුවිය හැකි නිසා මේ අවස්ථාවේදී ඒ සියල්ල දෙස ඉතා ඉවසීමෙන් යුතුව බලා සිටින ලෙස උපදෙස් දුන් බවද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

හදිසියේ සිදු වූ මේ වෙනස් කම මත විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පැන නැගී ඇති නිසා තමන් ඒ පිළිබදව ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සියල්ල ඉතා හොදින් සිදුවෙනු ඇති නිසා ඒ ගැන කලබල නොවී සිටින මෙන් උපදෙස් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට  දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව රැස්වන්නේදැයි විමසූ විට සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ තවමත් ඒ පිළිබදව තීරණයක් ගෙන නොමැති බවයි.

One Response to “මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්ය ධුරයට පත්වීමේ සිද්ධිය තවමත් අදහා ගැනීමට නොහැකිව සිටින බව දෙමළ ජාතික සන්ධානය කියයි”

  1. Ananda-USA Says:

    Bedumwadinta 20-wani vyavasta sanshodanaya sammata karaganeemata prathama Yamapalanaya kada wateema vishala pasubasmaki!

    Pitipassa doren EELAMAK laba ganeemata balaproththu wunu mey DUSHTA DESHA DROHIN gey balaporoththu dan sihinayak wee atha!! Ekai un kandulu salanney!

    Apey Maathru Bhumiyata DESHAPREMI RAJAYAK nawatha pihituwannata avasthawa laba dunney Theruwangey Pihitin satan kala edithara Sinhala Bauddha ranakaami saamanya deshapremi janathawai!

    DESHAPREMIN JAYAWEWA!

    DESHDROHIN BANGAWEWA!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress