නව අගමැති ලේකම් පත් කෙරේ : අරලියගහ මන්දිරය සවස 4ට භාර දෙන බව රනිල් ජනපතිට ඇනුම් දෙයි
Posted on October 27th, 2018

Lanka Lead News

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ සඳහා වන නව ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති බවයි මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේය.

සිරිසේන අමරසේකර 2010 අප්‍රේල් මාසයේ සිට 2015 ජනවාරි මස දක්වාද අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, ඊට පෙර අමාත්‍යාංශ කිහිපයක ලේකම්ධුරයන් දරා ඇති ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි.

අද (27) සවස් කාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරු 4.00 ට අරලියගහ මන්දිරය යළි භාර දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress