උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා තුනක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට .
Posted on October 30th, 2018

දිනසේන රතුගමගේ

උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා තුනක් නාවික හමුදාව විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවට අනුයුක්ත නාවිකයින් විසින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා දෙකක් සහ කච්චතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක් ධීවර යාත්‍රාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා නාවික නෞකා එලාරආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී..

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාර දී ඇති අතර ඔවුන්ව 30 දා කන්කසන්තුරේ පොලීසිය වෙත බාර දී තිබේ.

පොලීසිය පැවසුවේ අනාව්සරයෙන් මසුන් මරන ලද ධීවරයින් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress