පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]
Posted on November 16th, 2018

කථානායක කරු ජයසූරිය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව පාර්මේන්තු සභා ගැබට ඇතුළු විය.

ඒ වනවිටත් කථානායක පුටුව අල්ලාගෙන සිටි මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

පොලිස් බල ඇණි සමගින් සබාවේ කටයුතු සිදු කිරීමට ගත් උත්සාහයේදී එල්ල වූයේ දැඩි විරෝදයකි.

විශ්වාස භංගයක් සම්මත කලේ යයි කියා අනතුරුව කතානායකවරයා විසින් සබාව 19 වැනිදා පස්වරැු 01.00 දක්වා කල් තැබීය.

මන්ත‍්‍රිවරුන්ගෙන් එල්ල වූ පොත්පත් වතුර බෝතල් කුණු බාල්දි ප‍්‍රහාරය හේතුවන් පොලිස් බල ඇණි සමග කතානායකවරයා පිට විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩා දමමින් අද දිනයේම විශ්වාස භංගයක් ඉදිරිපත් කර අදම සම්මත කිරීමට ගත් උත්සාහයට විරෝධය පල කරමින් කතානායකවරයාට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress