ශී්‍ර ලංකා පොදුජන පෙරමුන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩපිළිවෙලට සහමුලින්ම විරුද්ධයි.
Posted on January 14th, 2019

ශී්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

• අපරාධ වැඩිවෙලා දිනපතා මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා.
• නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්තී5වරු එකගනැති බව සහභාගීත්වයෙන් පැහැදිලි වෙනාවා.
• රජය යැපෙන්නේ දෙමළ සන්ධානය මතයි.

රජයේ ප්‍රමුඛ අරමුණක් විදියට පෙබරවාරි 04ට පෙර නව ආණAඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවාලූ. ඊට පෙර වාර්තා පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ මේ වැඩ පිළීවෙලට සහමුලින්ම විරුද්ධයි. මේක නැති ප්‍රශ්න ඇති කරන දෙයක්. අද රටේ නීිතිය සම්පූර්ණයෙන් කඩා වැටිලා. දිනපතා මනුෂ්‍ය ඝාතන සිදුවුනත් රජය කිසිදු කි්‍රයාමාර්ගයක් ගන්න බව පේන්නේ නැහැ. ආර්ථීක පීඩනය, බදු බර වගේ දේවල් තමයි අද ජනතාවට තියෙන ප්‍රශ්න. ආණAඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මැතිවරණ කල්දමමින් හිතුවක්කාර පාලනයක් මේ සුලූතර රජය ගෙනයනවා. මාධ්‍ය මර්ධනයක් කි්‍රයාත්මක වෙනවා. රටේ යථාර්ථය පිළිබදව ජනතාව දැනුම්වත් කිරීම වළක්වන්නයි මේ මාධ්‍ය මර්ධනය වෙන්නේ.
සිකුරාදා මේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අවස්ථාවේ එජාපයේ මන්තී්‍රවරු කිව්වා මේ ගැන ඔවුන්ට වැටහීමක් නැති බව. විශේෂයෙන් ඔරුමිත්තනාඩු කියන දේ ගැන පැහැදිලි කරන්න කිව්වා. අපි දන්නේ නැති අධ්‍යයනය කරලා නැති දෙයකට ඡන්දයක් දෙන්න බැරි බව හෘද සාක්ෂියක් ඇති මන්තී්‍රවරුන් කිව්වා. පාර්ලිමේන්තු ස්ථාවර නියේාගවලටත් පටහැනිවයි මේ දෙය කලේ. මේ ලියවිලි හදාරලා එහි හරය අවබෝධ කරගන්න අඩුම තරමේ දින තුනකට කළීන්වත් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කළ යුතුයි. ඒකාබද්ධ විපක්ෂය මේ ගැන කිව්වත් නොසලකා හැරියා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් පමණක් වුවත් මොකක්ද ඉදිරිපත් කලේ? ඉදිරිපත් කළා කියන්නේ විද්වත් කමිටුවේ වාර්තාවක්. මේනිසා නීිතියට හා සම්ප්‍රධායට පටහැනි දෙයක් සිදුවුනේ. විද්වත් කමිටුවත් ප්‍රදාන කරුණු සම්බන්ධයෙන් එක`ගතාවයකින් තොරවයි මේ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් මෙයට එතරම් උද්යෝගයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පරම්පරා කිහිපයකට බලපාන කාරණයක්. නමුත් සභා ගර්භයේ 169ක් මන්තී්‍රවරු හිටියේ නැහැ. අගමැති ඇතුලූ සුලූතර රජය කාගේ වුවමනාවටද මෙය කරන්නේ. පෙබරවාරි 04ට කලින් මේක පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් ගේන බවයි අගමැති කියන්නේ. දමිල සන්ධානයයි මේ රජයට ඔක්සිජන් දෙන්නේ. දමිල සන්දානය රජයට සහාය දෙන්නේ නැහැ කිව්වොත් හෙට උදේ වෙද්දි මේ ආණAඩුව කඩා වැටිලා ඉවරයි. අගමැතිතුමා ආරක්ෂා කරන්න දමිල සන්ධානයේ මන්තී්‍රවරු 14ක් තිරණයක් ගත්තා. අයවැය ලේඛණය පරාජය වුනොත් රජයක් නැහැ. පරාජය වුනොත් කැබිනට් මණAඩලය විසුරුවා හැරිය ලෙස සළකනවා. දෙමළ සන්දානයේ 14 දෙනා නැතිව අයවැය සම්මත වෙන්නේ නැහැ. රජය යැපෙන්නේ දෙමළ සන්ධානය මතයි. මේ නිසා කැමැත්තෙනක් හෝ අකමැත්්තෙන් දෙමල සන්ධානය එක්ක ඉන්න වෙනවා. ඇත්තටම මේ රට පාලනය කරන්නේ සුමන්දිරන්ද වික්‍රමසිංහද? එජාපයද දෙමළ සන්දනායද? මේ ආණAඩු ක්‍රම ව්‍යවස්ථ ාවැඩපිළිවෙල ජනතාවගේ සුබ සිද්ධියට නෙවෙයි. රජය බලයට පත්වීමට දායක වුනු අය පිනවිමට කරන දෙයක්. මේ වැඩ පිළිවෙලට සුජාත බවක් නැහැ. ජනතාව අනුමත කරලා නැහැ. ඒ නිසයි විනිවිදභාවයකින් තොරව කෙටි මාර්ගවලින් ජනතාවට හැංගි හොරා මෙවැනි වැඩපිළීවෙලක් කරන්නේ. ජනතා මතය උරගා බැලු පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද කොට්ඨාශවලින් 71% මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණට ලැබුනා. මේ ප්‍රශ්නය ජනතාවට යොමු කිරීමේ වුවමනාව රජයට නැහැ. ප්‍රතිඵලය මොකක්ද කියලා රජය දන්නවා. අපි්‍රයෙල් මාසය වෙද්දි පළාත් සභා අටක් විසිරගිහින් අවසානයි. පරාජය වෙන බව දන්න නිසා එජාපය මැතිවරණය තියන්නේ නැහැ.දමිළ සන්ධානය පළාත් සභාවලට බලතල ඉල්ලූවත් පළාත් සභා මැතිවරණය පවත්වන්න උනන්දුවක් නැහැ. පළාත් පාලනමැතිවරණයත් කළ් දැම්මා. ආණAඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ කල් දැන්න බැරි එකම මැතිවරණය ජනාධිපතිවරණයයි. මේකත් කල් දාන්න අත්සාහ කරනවා. මින් මත්තට ජනාධිපති පත්කරන්නේ ජනතාව නෙවෙයි පාර්ලිමේන්තුව කියලා යෝජනාවක් අවිත්. මෙහි එකම අරමුණ ජනාධීපතිවරණයත් කල්දාන්නයි.
තවම ව්‍යවස්්ථා කොටුම්පතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව නවීන් දිසානායක කියනවා. නමුත් ඉංගි්‍රසි පිටපතේ ග්‍රාෆ් කියලා ස`දහන් වෙනවා. මේ රජය කොහොමද විශAවාස කරන්නෙ. පළාතසභා මැතිවරණ පනත සම්පූර්ණයෙන් වෙනස්කලේ කමිටු අවස්ථාවේදියි. පිටු 35ක් සංශෝධන 33ක් කමිටු අවස්ථාවේ ඉදිරිපත් වුනා. ඊට පස්සේ කතානායක අත්සන යෙදුවට පස්සේ විමර්ශන කරන්න බැරිලූ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබ`දවත් ඒ කූඨ ක්‍රමය අනුගමනය කරන්න ඉඩ තියෙනවා. දෙමළ සන්ධානයට ණය ගෙවන්න රට උගස් තියන්න අපි ඉඩදෙන්නේ නැහැ. මැතිවරණයක් පවත්වලා සුජාතභාවය ලබාගෙන මේ ව්‍යවස්ථා වැඩපිළිවෙල කරගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ.
ව්‍යාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළීවෙලට නිර්භීිතව ඉදිරිපත්වෙන කණ්ඩායම් හතරක් සිටිනවා. අපේ සංඝ රත්නයේ ආකල්පය මොකක්ද කියලා මේ වෙද්දි පැහැදිලියි. අපේ පාර්ලිමේන්තු මන්තී්‍රවරුන්, මාධය හා වෘත්තීය සමිති මේ කණ්ඩායම් හතරයි. මේ කණAඩායම් හතරම විවිධ උපක්‍රම හරහා නිශ්ශබ්ද කිරීමට උත්සාහ කරනවා. අපේ මන්තී්‍රවරුන්ට විනය පරීක්ෂණ තියලා කිසියම් කාලයකට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ වැඩපිළිවෙලක් මේ වෙද්දි කි්‍රයාත්මකයි. ඒ කාලය තුළ ආණAඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළීවෙල ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන බව පේනවා. මාධ්‍ය බිය ගැන්වූවොත් ඔවුන්ගේ වැඩපිළීවෙලට පහසුයි. වෘත්තීය සමිති අඩපන කරලා හිර අඩස්සියේ දානවා. අපේ භික්ෂූන් වහන්සේත් හිරේ දමනවා. මේ සියල්ල ජනතාව විසින් තේරුම් ගැනීම වඩා වැදගත් කියලයි මම හිතන්නේ.

පාර්ලිමේන්තු මන්තී්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

• 1988 – 1989 කාලවල වගේ ගෝනිබිල්ලෝ ඉදිරියේදි දැකගන්න හැකිවෙයි.
• නව ව්‍යවස්ථාව නිසා එජාපයේ ඇතුලේ අර්බුදයක්.
• ජනාධිපතිතුමා පළාත්සභා මැතිවරණය තියන්න සූදානම්.
• වික්‍රමසිංහ මහත්තයා ලංකාවේ වැඩිම බොරු කියපු චේතිය රජ්ජුරුවන්ගේ වාර්තාව කඩනවා.
• අද දවසේ වික්‍රමසිංහ මහත්තයා රිවස් ගියර් එක දාලා. මේ වෙනකල් ආවේ හතරේ ටොප් ගියර් එකේ.

මේ වන විට රටතුළ ආගමික නායකයින් විද්වතුන් අතර වගේම ජන සමාජය තුළ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතාබහක් ඇතිවෙලා තියෙනවා. මාධ්‍ය ආයතනවලට අපේ ගෞරවය ස්තූතිය පුද කරනවා ගේන්න හදන නව ව්‍යවස්ථාව ගැන ඇත්ත ඇති සැටියෙන් රට හමුවේ හෙළි කිරිම සම්බන්ධයෙන්. මේ නිසාම ඉදිරියේදි මාධ්‍ය ඉදිරියට සම්පූර්ණයෙන්ම මුහුණු වහගත්ත අයත් එන්න ඉඩ තියෙනවා. පහුගිය දවස්වල කට විතරක් බැ`දගෙන ඇවිත් මාධ්‍යයේ කට වහන්න උත්සාහ කළාට ඒක හරි ගියේ නැහැ. 1988 – 1989 කාලවල හිටියා ගෝනිබිල්ලෝ. අද තරුණ පිරිස් ඒ අය ගැන දන්නේ නැහැ. ඒ ගෝනි බිල්ලන්ව ජිප් රථයේ නංගා ගෙන එනවා. ගෝනි බිල්ලා ඔව් කිව්වොත් වාහනේට දාගෙන අරන් ගිහින් යටර් දෙකක් දැලා පාර අයිනේ ගිනි තිබ්බා. නැත්නම් කැලණි ගගේ, නිල්වලා ගගේ පාකළා. එහෙම පාකරපු මිනී සංඛ්‍යාව අපමණයි. ගෝනි බිල්ලා නැහැ කිව්වොත් තමයි ජිවිතේ බේරෙන්නේ. ඒ වගේ ගෝනි බිල්ලෝ නැවතත් මාධ්‍ය ආයතන ඉස්සරහට එයි. අපි දන්න එක්සත් ජාතික පක්ෂය කොක්කෙන් හරි කෙක්කෙන් හරි වැඩේ කර ගන්නවා. ඒ නිසා බලය ර`දා පවත්වා ගන්න ඒ වගේ දේවල් කරයි.
අපේ පක්ෂයේ සභාපති ජී. එල්. පිරිස් මහතා ගියා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැ දකින්න. අන් වහන්සේ කිව්වේ ජන මතයට පිටුපාමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අවනම්බුවක් බව කිව්වා. අස්ගිරි පාර්ශAවයේ අනුනායක හිමියන් කිව්වා රටට ඕනේ ව්‍යවස්ථාවක් නෙවෙයි ඡන්දයක් බව. තෛයිනිකායික අනුනායක හිමියන් ගේ අදහස් මේ විදියටයි. ව්‍යවස්ථාවක් රටට ඕනේද නැද්ද කියන පණිවිඩය එන්න ඕනේ රටේ ජනතාවගෙන් මිස පාර්ලිමේන්තුවේ ඉන්න කිහිප දෙනෙක් අතරින් නෙවෙයි. පාර්ලිමේන්තුවට ගෙනාවේ ව්‍යවස්ථා යෝජනාවක් කියලා සමහරු කියන අතරේ තවත් සමහරෙක් කියනවා ව්‍යවස්ථා කෙටිම්පතක්ලූ. මොකක් නමුත් ඔය ගෙනාවා කියන එක ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනතාවට තමන්නාන්සේලා දෙන ලියවිල්ලේ ලියන්න. මේ ගෙනත් තියෙන දේ භාෂා දෙක අතර පරස්පරයි. ඉංගි්‍රසි එක නෙවෙයි සිංහල භාෂාවෙන් තියෙන්නේ.
අපි 2005 මහින්ද චින්තනය රටට ඉදිරිපත් කළා. රට පිළිගත්තා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපිපති වුනා. ඊට පස්සේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. අපි එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා කෑලි 9ට රට කැඩෙන, පොලිසිය ඛෙදෙන, පාටා පාට පොලීසි වල පාට පෙට්ටි හැදෙන යෝජනාව ජනතාවට ඉදිරිපත් කරන්න. අපි ඉදිරිපත් කරන්නම් අපේ වැඩපිළීවෙල. අද ව්‍යවස්ථාවට වැඩිය අර්බුදයක් සිරිකොත ඇතුලේ ඇති වෙලා. එජාප පාර්ලිමේන්තු මැති ඇමැතිවරු දන්නෙත් නැහැ මේ ගේන ව්‍යවස්ථාව මොකක්ද කියලා. ඒ ගැන දන්නේ ජයම්පති, සුමන්තිරන්, අගමැති වගේ එයට සහාය දෙන සීමිත පිරිසයි. මේ නිසා එජාපයේ පසුපෙල මන්තී්‍රවරු හා අනෙකුත් කණ්ඩායම් අතර ප්‍රශ්නයක් ඇති වෙලා. අද දවසේ වික්‍රමසිංහ මහත්තයා රිවස් ගියර් එක දාලා. මේ වෙනකල් ආවේ හතරේ ටොප් ගියර් එකේ. දැන් කියනවා මේක යෝජනාවක් විතරයි. ඒ වුනාට මිට කළින් කිව්වේ අපි නව ව්‍යවස්ථාවක් ගේනවා. ජනතාවට සහන දෙනවා. ඔය වගේ කතා. ඇයි රිවස් ගියර් වැටුනේ. ත්‍රෛයිනිකායික මහානායක හිමිවරු විරුද්ධ වෙන නිසාද? වික්‍රමසිංහ මහත්තයා ලංකාවේ වැඩිම බොරු කියපු චේතිය රජ්ජුරුවන්ගේ වාර්තාව කඩනවා.මේ ව්‍යස්ථාව සම්මත වෙනකොට රටට ඒ තරම් බොරු කියලා තියෙයි.
සුමන්තිරන් මහත්තයාට දැන් ව්‍යවස්ථා නාට්‍යයයේ අලූත් චරිතයක් බාර දිලා. සුමන්තිරන් උතුරට ඇරලා කියවනවා සිංහල ජනතාවගේ ආදරය දිනාගන්න ඕනේ කියලා. සුමන්තිරන් මහත්තයෝ සිංහල ජනතාවගේ ආදරය දිනාගන්න කළින් දෙමළ ජනතාවගේ ආදරය දිනාගන්න. අපි සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ සියලූ ජාතින් මේ රටේ ජිවත් වෙන්න ඕනේ. මේ අයගේ මන්තී්‍රකම් රැකිලා තියෙන්නේ ජාතිවාදය තියෙනකල් විතරයි. සිංහල මිනිසායි – ද්‍රවිඩ මිනිසායි අත අල්ලා නොගන්නකල් මේ අය රැකෙනවා. මේ අයගේ ඡන්ද පදනම රැකෙනවා. ඒ නිසා එදා යුද්ධය නිසා එකතු කර ගන්න බැරි වුනා මේ ජනතාව අද වෙන් කරන්න එපා කියලා අපි සුමන්දිරම්ටත් සම්බන්ධන්ටත් කියනවා.
ශී්‍ර ලංකා නිදහස් පක්ෂයයි පළාත් සභා ඡන්දය තියන්න දෙන්නේ නැත්තේ කියලා ආනAඩුව නිතරම කිව්වා. දැන් ජනාධිපතිතුමා කියනවා මම රජය විදියට මැතිවරණ කොමසාරිස්ට හා නිතිපතිට කතාකරලා පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන්න කිව්වලූ. දැන් කවුද ප්‍රමාද වික්‍රමසිංහ මහත්තයෝ. කරුණාකරලා උත්තරේ දෙන්න. අපි ලැහැස්තියි පළාත් සභා ඡන්දයට. දැන් ජනාධීපතිතුමාට බෝලේ පාස් කරන්න එපා. අපි උතුරු පළාත් සභාව හැර සියලූ පළාත් සභා ජය ගන්නවා. අපේ මහ ඇමැතිවරු යටතේ පාලනය වන පළාත් සභා පිහිටුවනවා.
ක‍නාධිපතිවරණය නියමිත වෙලාවට එනවා. ඊට කළින් පළාත් සභා මැතිවරණය තියන්න. එජාපය කියනවා අපි ටොප් බඩුවක් ගේනවා.රෙද්දෙන් වහලා තියෙන්නේ කියනවා. රෙද්දෙන් වහගෙන ඉන්න සැ`ගවුනු අමුත්තාව දෙන්නකෝ. අපි ලැහැස්තියි. 2018 පෙබරවාරි 10 පැවැති මැතිවරණයේදී ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ 44.65% ඡන්ද ගන්නවා. ශී්‍ර ලංකා නිදහස් පක්ෂය 13.38ක් ගන්නවා. ජවිපේ 6.27%ක් ගන්නවා. එජාපය 32%යි. දෙමළ සන්ධානය 3%යි. මේ පහුගිය ජනමතය. මේ ජනමතයත් එක්ක ජනාධිපතිවරණයට එද්දි ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුලූ එජාප විරෝධී කණ්ඩායම එකතු වෙනවා. 58%ක් ජනතාව ඉන්නේ මේ ක`දවුරත් එක්ක. එජාපය එක්ක එකතු වෙන්නේ කවුද? වික්‍රමසිංහ මහත්තයාගේ බාල සහෝදරයා ජනතා විමුක්ති පෙරමුනේ අනුර මල්ලි. දෙමළ සන්දානය. මේ අලි කොටි නරිටික එකතු වුනාම 41%යි. ඊළ`ග ජනාධිපතිවරණයට කුලූදුල් ඡන්ද ලක්ෂ 14ක් එකතු වෙනවා. මේ ලක්ෂ 14 තීරණාත්මක සාධකයක් එනවා.පාසලේ උසස්පෙල කරන කොට රටට වෙන විනාශය දැකපු මේ ඡන්දවලින් ලක්ෂ 10ක් ආණAඩුවට විරුද්ධයි. ඒ කියන්නේ ඊළ`ග සිංහල අවුරුද්ද ලබන කොට අපි ඉදිරිපත් කරන නායකයා තමයි රටේ ජනාධිපති.
අපේ මන්තී්‍රවරු 20ට නඩු දාන්න සූදානම්. පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්තී්‍රවරු ගහ ගත්තේ පළවෙනි වතාවටද? වාසුදේව නානායක්කාර මහත්තයාට බිම දාගෙන ගහලා තියෙනවා. ජනාධිපතිතුමාට ගහලා තියෙන බව එතුමාම කිව්වා. රොබට් ගුණවර්ධනට ගහලා තියෙනවා. ලෝකේ පුරාම ඒ විදියට ගහගෙන තියෙනවා. අපි කියන්නේ ගහ ගන්න එක හොදයි කියලා නෙවෙයි. මේක දඩමීමා කරගෙන පාර්ලිමේන්තුවේ කතා කරන එක නතර කරන්න , ජනතාව වෙනුවෙන් හ`ඩනැගීම නතර කරන්න හදනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය වළලන්න අපි ඉඩ තියන්නේ නැහැ.
චන්ද්‍රිකා නෝනා ජනාධිපතිතුමාට ලිපියක් එවමින් කියලා තියෙනවා පරාජය වුනු ජනතාව ප්‍රතික්ෂේප කරපු අයත් එක්ක එකතු වෙනවාට එතුමා කැමැති නැහැ කියලා. එතුමිය අමතක වෙන්න ගුළි කනවාද කොහොද? වික්‍රමසිංහ මහත්තයා 30 වතාවක් ප්‍රතික්ෂේප වුනා. ඊට පස්සේ අනුන්ගේ පානෙන් එළිය බලලා තියෙනවා. කරුණාකරලා අමතක වෙන ලෙඩේට ඛෙහෙත් හොයා ගන්න කියලා අපි චන්ද්‍රිකා නෝනාටකියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනතාව ප්‍රතික්ෂෙAප කරලා නැහැ. ඒ බව 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පැහැදිලියි.

පාර්ලිමේන්තු මන්තී්‍ර ගාමිණී ලොකුගේ මහතා

• වෘත්තීය සමිති නායකයින්ගෙන් දිගින් දිගටම පළිගැනීම්
• අසාධාරණ නීතියක් රජ කරන රටකයි අපි ඉන්නේ.

අලූත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරේ වැඩකරන පන්තියේ නැගී සිටීම වළක්වන්න වෘත්තීය සමිති නායකයෝ දඩයම් කිරීමත් ආණAඩුව අරඹලා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි කිව්වා වෘත්තීය සමිති නායකයින්ගෙන් දේශපාලන පළිගැනීම් කිරිම වළක්වන්නයි කිව්වා. රජයේ මාධ්‍යවලත් මේ දේ වෙනවා. ස්වාධින රූපවාහිනියේ 14ක් වැඩ තහනම් කළා. තරුණ සේවා සභාවේ විසිගානක් මාරු කළා. ඉංජිනේරු සංස්ථාවේ විසිගානක් මාරු කළා. නාගරික සංවර්ධන අධීකාරියේ මාරිකිරිම් කළා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මාරුකිරිම් කළා. මේ විදියට දිගින් දිගටම වෘත්තීය සමිති දඩයම් කරනවා.රංජිත් මද්දුමබණ්ඩාර කියනවා ස්වාධීන කොමිෂන් සභා පත්කරලා නිසා එහෙම වෙන්නේ නැහැලූ. එතුමාට වැරදි වෙලා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව විතරයි ස්වාධින කොමිෂන් සබාවට අයිති වෙන්නේ. වැඩපිළීවෙලක් නැතුවි වෘත්තීය සමිති නායකයෝ හිතුමතේ මාරු කරන්නේ. ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත විනය පරික්ෂණයකට යටත්ව ස්වාධීන රුපවාහිනියේ පිරිස නැවත සේවයේ පිහිටුවා තිඛෙනවා. විනය කටයුත්තක් වෙන්වෙන් මාරු කරනවා නම් නිදහසට කරුණු විමසලා හේතු දැක්වීමෙන් පස්සේ මාරුකරනවා. ඓහම නැත්නම් විනය මණAඩලයකට ගිහින් අතිරික්ත සේවකයින් මාරු කරනවා. ඒ කිසිම දෙයක් නොකර ප්‍රධානියාට ඕනේ විදියට යාපනයට, කහටගස්දිගිලියට වගේ මාරුකිරිම් කරනවා. මේ රනිල් වික්‍රමසිංහ දුර දිග බළලා කරන වැඩක්. ශක්තිමත් වෘත්තීය සමිති නායකයෝ අධෛර්යමත් කරලා තමන්ගේන අණපනත්වලට එරෙහිව නැගීසිටිම වළක්වා ගන්න කරන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය, වෘත්තීය අයිතීන් ගැන , නිදහස ගැන කතා කළාට ඒ දේවල් මේ ආණAඩුව අහිමි කරලා. කම්කරු ආරවුලක් ගැන කම්කරු කොමසාරිස්ට පැමිනිලි කළත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් එන්නේ නැහැ. ඒ කියන්නේ හිතාමතා වැඩකරන පන්තියේ පිබිදීම වළක්වන්නයි උත්සාහ කරන්නේ. ආණAඩුව මොන කි්‍රයාමාර්ග ගත්තත් වැඩ කරන පන්තියේ නැගී සිටීම වළක්වන්න බැහැ. අපි අධිකරණයට ගිහින් සේවක අයිතින් ආර්කෂා කරනවා. පෙනි හිටිනවා. අද ශී්‍ර ලංකා පොදු ජන පෙරමුනේ වෘත්තිය සමිති රටේ ප්‍රධාන වෘත්තීය සමිතිවෙලා ඉන්නේ.
තෙල් සංස්ථාවේ සේවකයෙක් මියගියා. කෝලහාලය ඇරඹුව කෙනා ඇප අරන් ගෙදර. බේරගත්ත කෙනා ඇප නැතුව හිරේ. දර්ශනවලින් කොටසයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මුහුණු පොතේ තියන දර්ශන කිසිවක් අරන් නැහැ. ඒවා ගැන අධිකරණය සැළකිල්ලක් දක්වලා නැහැ. මෙහෙම අසාධාරණ නීතියක් රජ කරන රටකයි අපි ඉන්නේ.
මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මන්තී්‍ර, පළාත් සභා මන්තී්‍ර සන්සදයේ සබාපති කාංචන ජයරත්න මහතාද එක්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress