ඒකාධිකාරිය වෙනුවෙන් බහුජාතික සමාගමක වැඩක් ? සේනා ලංකාවට ආපු හැටි හෙළිවෙයි!(Video)
Posted on January 22nd, 2019

Lanka Lead News

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව ඇති ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබේ.

බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය ඒකාධිකාරිය ලබා ගැනීම සඳහා මෙම දළඹු බිත්තර සමඟ බඩඉරිඟු බීජ ගෙන්වා ඇතැයිද මෙම වාර්තා වල දැක්වේ.

එම වසරේ බඩඉරිඟු බීජ මෙටි‍්‍රක් ටොන් 1200 ක් ගෙන්වා ඇති අතර එම අවස්ථාවේ මෙම දළඹු බිත්තර රෝග නිරෝධායන ඒකකයට හසුනොවීම පිළිබඳව බලධාරීන් සොයා බැලිය යුතු බවද සඳහන්.

ගෙන්වන ලද එම බීජවල සාම්පල් පරීක්‍ෂා කිරීමට හැකියාව ඇතැයද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

මේ අතර අද(22) ආර්ථික පර්යෝෂණ ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතාද මේ පිළිබදන අදහස් දැක්වීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress