සේනා දළඹු වසංගතය  මේ ආණ්ඩුවෙ  ගමන නතර නොකලොත් අද නීතියේ සරනවත් නැති  ශ්‍රී ලංකාවට  වියහැකි විනාශය පිළිබඳව අද්දෘශ්‍යමාන බලවේගයක  අනතුරු හැඟවීමක්ද ? 
Posted on February 3rd, 2019

චාර්ල්ස් එස් පෙරේරා විසින්,

බඩඉරිඟු වගාව විශාලවශයෙන් විනාශකර අනිකුත් වගාවනුත් අනතුරට දමමින් පැතිරීගිය සේනා දළඹු වන් නැතිකරන්නේ හෝ මර්ධනයකරන්නේ කෙසේදැයි  නොදැනුවත්ව අපේ ගොවිජනතාව  පසුගිය කාලයෙ මහත් සේ කම්පාවී සිටියෝය. ඒ උවදුර සැලකිය යුතු ප්‍රමාණයකට  හෝ අඩුවී ඇති බවක් දැනගන්නට තිබේ.

නමුත් හැම අංශයෙකින්ම  ක්‍රියාත්මක වුයෙ  මේ සේනා දළඹුවන්  මරා විනාශයකිරීම සඳහා ගතයුතු  පියවරල් සෙවීමකි . කිසිවෙක් මේ සඳහා බෞද්ධමය පිළිවෙතක් යෝජනා නොකළේය. සමහරක්විට එවැනි යෝජනාවක්  කිරීමත් මේ දියුණුවී ඇති විද්‍යා හා තාක්ෂනයුගයේ සිනහවට භාජනවීමටද හේතුවිය හැකිය. 

නමුත් අපේ ලංකාව පින්වත්  රටක් බව සමහරක් සිදුවීම් නිසා තේරුම් ගතනොහැකි බැවින් අප ඒගැන සැලකිලි  නොවන්නේමූ.  අපේ රට මුහුණු පා තුබූ අනතුරුදායක අවස්ථාවලදී අපරට බෙරගන්න හිතාගන්න නොපුළුවන් ධය්ර්යයකින් යුත් පුද්ගලයෙක් හෝ අපුරු සිදුවීමක්  හෝ හේතුවී ඒ අනතුරෙන් ගැලවෙනවා. දළඳා මාලිගාවටත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකළ අවස්ථාවේ අපි කර කියාගන්න දෙයක් නොමැතිව අසරණව සිටියා. ඊට පසුව ඇතිවූ සුනාමියෙන් මහත් විනාශයක් සිදුඋනා. ඒ කාලකන්නි කාලය අවසන් උනේ ත්‍රස්තවාදය අවසන්වී රට නව තම දියුනුවක්කරා ගෙන යාමට හැකියාවක් ඇති බෞද්ධ නායකයින්ගේ අවතීරණයෙන්.

අදත් අපේ රට එදා  සුනාමියට පෙරතුබු අසරණ කාලකන්නි කාලයකටයි ප්‍රවිෂ්ටවී සිටින්නේ.  කරකියාගන්න දෙයක් නොමැතිව නීතියේ සරණ වත්  නොමැති අවස්තාවකයි සේනා දළඹු ප්‍රවාහය ඇතිවී තිබෙන්නේ. අද්දෘශ්‍යමාන බලවේගයක  අවධානය ශ්‍රී ලංකාව අනතුරුදායක අවස්ථාවක මුහුනපාසිටින විට ඇතිවෙනබවක් ගැන කීවොත් සමහරෙක් සිනහාවෙනවා ඇති. 

වරක් පල්ලෙකැලේ භාවනා මද්‍යස්ථානයකදී අවධානය යොමුවූ දෙයක් නිසා  ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට අදෘශ්‍යමාන බලවේග පවතින බවහිතාගන්නට හැකියාවක් මේ ලියන මට ඇතිඋනා.  එබැවින් මේ කොයිබට යන්නේදැයි  නොදැන යන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුවෙ ගමන නතර නොකලොත් එය ශ්‍රී ලංකාවේ විනාශය වෙන්න පුලුවෙනි. සමහරක් විට මේ සේනා දළඹු ප්‍රවාහය සුනාමිය වැනි  අනතුරු හැඟවීමක්  විය හැකි නොවේද?

එබැවින් මේ සේනා දළඹු වසංගතයෙන් ගොඩ ඒමට ඒ සතුන් මැරීමට වඩා අපේ බුදුරජානන්වහන්සේ ජීවත්ව සිටියෙදී උන්වහන්සේ  සියලු භය දුරුකිරීමට උපයෝගීකරගත් ක්‍රමයක් යොදාගතහොත් සුදුසු නොවන්නේද ? 

වරක් අපේ බුදුපියානන්වහන්සේ රජගහනුවර වැඩ සිටියදී  වේසාලිනුවර දුගී  වැසියෝ දුර්භික්ෂයක් නිසා   මරනයට පත්වෙමින්  අසරණව සිටියෝය. මළමිනී කුණුවී දුර්ගන්ධය පැතිරුනේය. වසංගතයක් ඇතිවෙමින් මහත් උපද්‍රවයකට පත්වෙමින් සිටියෝය. වේසාලිනුවර වැසියෝ බුදුපියානන්වහන්සේගේ පිළිසරණ ඉල්ලා සිටි අවස්ථාවේ උන්වහන්සේ වේසාලි නුවරට වැඩමකළේය. උන්වහන්සේගේ වැඩීමත් සමග වේසාලි නුවර  මහා වර්ෂාවකින් සේදිගියේය. 

බුදුපියානන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහසේට රතනසුත්‍රය දේශනාකර  වේසාලි නුවර ලිච්චවී වැසියන් සමග රතන සුත්‍රය සජ්ජායනා කරමින් නගරය පුරා සැරිසරන්නට කීසේක.  ආනන්ද ස්වමීන්වහන්සේද බුදුපියාණන් කී පරිදි රතන සුත්‍ර දේශනාකළේය. ඉන් පසුව සියලු ලෙඩ දුක් රෝග භය අවසන්ව ලිච්චවී වැසියන් සතුටට පත්වූයේය.

ශ්‍රී ලංකාවෙ අද පවතින බෞද්ධාගමට  අගෞරව කරමින් ගෙනයන අධර්මිෂ්ඨ  දේශපාලන විනාශයෙන් රටත් ජනතාවත් බේරාගැනීමටත් ආහාර වැවිලි  ගහ කොලන් ආරක්ශාකරගැනීමටත්  ලංකාවේ  හැම ගම් නියන් ගම්වල බෞද්ධ විහාර වල එකම  දවසක  එකම  වෙලාවට  රතන සුත්‍රය ප්‍රධාන සර්ව රාත්‍රික පිරිත් සන්ගායනාවකින් පසුව  පිරිත් පැන් හැම ගමක, හැම වගාවකටම ඉසීමෙන් සමහරක්විට සේනා  දළඹු උපද්‍රවය පැතිරී යෑම  නවත්වාගන්නට පුලුවන්වේදැයි සොයාබැලීම සුදුසු පිංකමක් විය හැකිය. ඒ ඇරත් එවැන්නක් කිරීම රටේ අපල දුරුකර රටට යහපතක් සඳහාද සුදුසුය. මෙය හැමෝගේම අවධානයට ලක්වේවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress