ETI ගනුදෙනුවේ ලයිකා මොබයිල් හෙළුව එළියට
Posted on February 13th, 2019

උපුටාගැණීම  මව්බිම

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උප පාලිත සහ ආයෝජන වත්කම් විකිණීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට වීමට නියමිත වූ සමස්ත ගනුදෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ගනුදෙනුකාර ලයිකා මොබයිල් සමාගම නොගෙවීමට දරන කූට උත්සාහයට ශ්‍රී ලංකා මහ බැංකුවේද සහාය ලැබෙන බවට බරපතළ සැකයක් මතුව තිබේ.

එම ගනුදෙනුකාර සමාගම ස්වර්ණ මහල් මූල්‍ය සේවා පෞද්ගලික සමාගමට  (Swarnamahal Financial Services Ltd) යෙදවීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක එකඟතාව ගැනද ශ්‍රී ලංකා මහ බැංකුවත් අදාළ ගනුදෙනුකාර සමාගමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උප පාලිත සහ ආයෝජන වත්කම් සම්බන්ධ ගනුදෙනුව එකී ගනුදෙනුකාර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක එකඟතාවක් යටතේ සිදු කිරීමට තිබූ බවත්, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 54ක් ගෙවා අවසන් අතර ගෙවීමට පමා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදල මේ මස තුළදී ගෙවා දමන බවට එම සමාගම දන්වා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත් නිවේදනයක් මඟින් පවසා තිබිණි.

මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 54ක් ගෙවා තිබේ නම් සමස්ත ගනුදෙනුවට අනුව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 21කින් එම ගනුදෙනුකාර සමාගම ඉදිරි මස තුළදී ගෙවන්නේ ඩොලර් මිලියන 16ක් නම් ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5 සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව සහ ගනුදෙනුකාර සමාගම දරන නිහඬ පිළිවෙතට හේතුව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.

එම සමස්ත ගනුදෙනුව වන ඇමෙරිකානු ඩොලර් මිලියන 75න් ඩොලර් මිලියන 43ක් ස්වර්ණ මහල් ජුවලර්ස්, ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය සහ ඊ.ඒ.පී. චිත්‍රපට ආයතනය වෙතත් ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක් එදිරිසිංහ සමාගමේ දේපළ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ස්වර්ණ මහල් මූල්‍ය සේවා සමාගම (ඉජ්ඉ) සඳහාත් ගෙවීමට ගිවිසුම්ගතව ඇත.

එසේම අදාළ ලංසු තැබීම අවස්ථාවේදී ඉදිරිපත් වන ගැනුම්කරු බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් නම් සමාගම වන අතර ගනුදෙනුව සිදුවන අවස්ථාව අවසන් වෙද්දී ගනුදෙනුකාර සමාගම ලයිකා මොබයිල් සමාගම සතු පෙටිකෝ නම් සමාගම වෙත ඔවුන්ගේ කොටස් විකුණා අවසන් කර ඇති බවද වාර්තා වේ.

One Response to “ETI ගනුදෙනුවේ ලයිකා මොබයිල් හෙළුව එළියට”

  1. Cerberus Says:

    What are our country’s watchdogs like the Central Bank doing? Did they look into Lyca Mobitel at all? We have sold a very valuable asset to a Tiger sympathizer who was involved in giving money to the UK prime minister. Were they completely unaware of it or did they shut their to the facts in front of their eyes?

    Earlier when David Cameron was in power he was running all over the place trying to help the LTTE. Why because of the GBP 400,000 he received from the LTTE groups. With all his Oxford accent high-minded talk he was just a cheap politician who took money from LTTE terrorists. Finally, the British people saw through the front and threw him out. Let us hope Sri Lankans also see through our local version of Cameron, Ranil Wickremasinghe and throw him out. Justin Trudeau should also beware that the same fate does not befall him. Please see the two links below.

    https://www.buzzfeed.com/heidiblake/the-french-connection?utm_term=.ukyMgJbeBx#.pckV1NlBJG
    https://ltteagents.wordpress.com/2014/02/14/david-cameron-and-team-meets-with-the-tamil-tiger-diaspora/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress