ආහාර හා ආහාර ඇසුරුම් ක්ෂේත්‍රයේ දේශීය කර්මාන්ත වලට  ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීම සඳහා රජයෙන් මුල්‍ය සහන ලබා දීම.
Posted on February 14th, 2019

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මේ අනුව ISO 9001, ISO 14001, ISO 22000, ISO 50001 ජාත්‍යන්තර තත්ත්ව සහතික හා ආහාර සුරක්ෂිතතාව වර්ධනය සඳහා GMP සහතීකරණය ලබා ගැනීම සඳහා රජයෙන් මුල්‍ය අනුග්‍රහය  සඳහා  ලබා දෙනු ලැබේ .

ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික සඳහා 2019 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු තේ ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු නිෂ්පාදන හා ආහාර ඇසුරුම්කරණ ක්ෂේත්‍රයන්හී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීමට අයදුම් කළ හැකිය.

GMP සහතීකරණය සඳහා 2019 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 250ට අඩු සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආහාර සහ පාන වර්ග, රස කැවිලි සහ බේකරි නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන, තෙල් ආශ්‍රිත නිෂ්පාදන, සකසන ලද මස් හා මාළු නිෂ්පාදන ආහාර නිෂ්පාදන කේෂ්ත්‍රවල කර්මාන්ත වලට GMP සහතීකරණය ඉල්ලුම් කල හැක.

සෑම දිස්ත්‍රික්කයම කර්මාන්තකරුවන් සඳහා තොරතුරු 0112422319, sector1mid@yahoo.com විද්‍යුත් ලිපිනයෙන් විමසා ලබාගත හැක. මීට අමතරව ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර්මාන්ත හිමියෙකු නම් , අයදුම් පත් හා මේ පිළිබඳ වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් කාර්යාලය,අංක 98, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල,දෙල්කඳ, නුගේගොඩ යන ලිපිණයට ලිපියක් එවීමෙන්ද  idbcolombo@gmail.com යන ඊමේල් ලිපිණයට ලිපියක් එවීමෙන්ද 0112815009 යන දුරකථන අංකයට ඇමතීමෙන්ද ලබා ගත හැකිය.

අයදුම්පත් 2018.02.28 දිනට පෙර කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය  අධ්‍යක්ෂ, සංවර්ධන අංශ 1, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, 73/1, ගාලු පාර, කොළඹ 03. වෙත යොමු කරන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර්මාන්ත හිමියෙකු නම් අයදුම්පතෙහි පිටපතක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉහත ලිපිනයට යොමු කරන්න.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress