ජිනීවා හදිස්සියට ලක ලෑස්ති මන්නාරම් තොප්පිය ආණ්ඩුව දමා ගනීවිද?
Posted on February 20th, 2019

මතුගම සෙනෙවිරුවන්     

  සෑම වර්ෂයකම ඇරඹෙන මානව හිමිකම් සමුළුව මෙවරත් ජීනිවා වල පැවැත්වෙන බව තොරතුරු පළ වී ඇත..දැන් කාලයක් තිස්සේ ලංකාවට එරෙහිව වැඩ කටයුතු කරන කොටි හිතවාදී ඩයස්පෝරා කණ්ඩායම් දත මැදගෙන බලාගෙන ඇත්තේ නව වටයකින් ශ්‍රී ලංකා රජයද ත්‍රිවිධ හමුදාවද හිර කරන්නටයි. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ගොනු කර ගැනීමට ඔවුහු නිති පතා වෙහෙසෙති. උතුරේ අවතැන් වූවන් ගේ දෙමව්පියන් ගේ උද්ඝෝෂණ පැවැත්වෙන අතර.පෙත්සම් ද සකසති. ඒ අතර අතුරුදහන් වූවන් ගේ කොමිසම හමුවේ ගොනුකළ සාක්ෂි පිට පාරෙන් පන්නා ගැනීමටද ගත් උත්සායක් වාර්තා විය.ජාතික ලේඛනාගාරයේ තැන්පත්ව තිබෙන එම රහස්‍ය ලේඛන බැලීමට ඔවුන්ට අවසර ලබා දී තිබෙන්නේ ජනපති ලේකම්වරයායි.ඒ අස්සේ මන්නාරමේ සමූහ මිනිවලේ කැණීමෙන් හමු වූ අස්ථි කොටස් කීපයක්ද ඇමරිකාවට යැවිණ.ඒවා යේ කාල නිර්ණ වාර්තාව දැනට ලංකාවට පැමිණ තිබේ. එහෙත් බදාදා දිනයේ මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා නියෝග කොට ඇත්තේ නිල වශයෙන් මෙම කාල නිර්ණ වාර්තාව අධිකරණයට ලැබෙන තෙක් එම තොරුතුරු හෙළි නොකරන බවයි.

       මෙම මිනී වල සොයා ගන්නා ලද්දේ මන්නාරම උසාවිය අසල පිහිටි පැරණි ස.තො.ස. ගොඩනැගිල්ලක් කඩා පස් ඉවත් කිරීමේදීය.පසුව මන්නාරම් හිටපු මහේස්ත්‍රත්වරයාගේ නියෝගය පරිදි වෝහාරික පුරා විද්‍යාව පිළිබඳ කීර්තිමත් පුරා විද්‍යඥයෙකු වූ මහචාර්ය රාජ් සෝමදේව මහතා වෙත මෙම මිනී වලේ කැණීම සහ ගවේශණය භාර කර තිබිණ2018. මැයි 28 වන දින ආරම්භ වූ කැණීමට2019 පෙබරවාරි මස විසි අට වනදා වන විට මාස නවයක් ගත වෙයි .මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන පරිදි මෙම ඇට සැකිලි වර්ග කීපයකි. කැබලි කරන ලද පුද්ගල මළ සිරුරු අස්ථි කොටස් පමණක් දක්නට ඇති මළ සිරුරු සහ පූර්ණ වශයෙන් දක්නට තිබෙන මළ සිරුරු මේ කොටස් තුනයි. මේ සියල්ලම ගැණ බැලූ විට මළ සිරුර තුන්සිය විසිතුනක් පමණ දැනට හඳුනා ගෙන ඇති බවද හෙළි වී ඇත. එසේම මළ සිරුරු දෙකක අත් වල පැළඳි සත්ව ඇට කටු වලින් තනන ලද මුදු දෙකක්ද වීදුරු පබළු කීපයක්ද ඕලන්ද සමයට අයත් භාජනයක කොටසක්ද මළ කෑ යකඩ කොටස් කීපයක්ද දැනට මතු කර ගෙන ඇති බව පැවසෙයි.  මෙම ඇට සැකිලි පිළිබඳ ස්ථීර නිගමනයක් දැනට නොපවතී. ඇමරිකානු වාර්තාව විවෘත කල පසු හෙළිදරව් වනු ඇත්තේ එම මළ සිරුරු කුමන කාලයකට අයත්ද යන්න පමණය.එහි ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව දැනටමත් නිගමනයක් පවතින අතර ඔවුන් කුමන ජන වර්ගයන්ට අයත්දැයි තීරණය කළ හැක්කේ ලැබී තිබෙන වාර්තාවත් මළ සිරුරු සමග හමු වූ වෙනත් දෑ හා මන්නාරම් අවට සමාජ වපසරිය තුළිතව විග්‍රහ කර ගැනීමෙන් පසුවයි.එයට තව කාලයක් ගත විය හැකිය. එම අවසාන වාර්තාව සැකසීමට සමින්ද රාජපක්ෂ මහතාගේ සහ මහාචාර්ය රාජ් සෝමදේවා මහතාගේ විචක්ෂණ නුවණ ඉතා අවශ්‍ය වේ.විශේෂයෙන්ම වෝහාරික පුරාවිද්‍යාව පිළිබඳ අත්දැකීම් බෙහෙවින් අවශ්‍ය වේ. මෙම කැණීම පවත්වාගෙන යෑමට අතුරුදහන් වූවන් සඳහා වූ කොමිසම මගින් මුදල් යොදවන බවට සාකච්ඡා වුවද පසුව එම තීරණ වෙනස් වී තිබේ.ඒ නිසා මහාචාර්යවරයාගේ වියදම් සහ ශිෂ්‍යයන් ගේ වියදම් මෙතෙක් පියවා නොමැති බව දැන ගන්නට ඇත.මෙම මිනී වල සම්බන්ධව මාධ්‍යයට අදහස් පළ නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග දී ඇත්දැයි අප විමසූ විට මහාචාර්ය සෝමදේව මහතා ප්‍රකාශ කර සිටියේ එවැන්නක් නැති බවයි.

     කොටි ඩයස්පෝරාවේ බලාපොරෙත්තුව වනුයේ මෙම වාර්තාව මෙවර ජිනීවා වලට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා හමුදාවට  තිබෙන යුධ අපරාධ චෝදනාව දෙගුණ තෙගුණ කරලීමට පසුබිම සැකසීමයි.මේ හදිස්සියේ ඇමරිකානු වාර්තාව ප්‍රසිද්ධ කරලීමට වලිකන්නේද එබැවිනි.කාල නිර්ණය පිළිබඳ වාර්තාව පෙබරවාරි මස 25 වන දින මහජනතාවට විවෘත කරන බවට දැනට ප්‍රකාශ කර තිබේ.ජිනීවා සමුලුව ඇරඹෙන්නේද එයට සමගාමීවයි..ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවට එදා මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයා සම අනුග්‍රහ දැක්වීය.ඒ කැබිනට්ටුව හෝ ජනපතිවරයා පවා දැනුම්වත් නොකරමිනි.මේ නිසා හමුදාවට දඬුවම් කළ හැකි  පනත් කෙටුම්පත් කීපයක්ම පසුගිය කාලයේ සම්මත විය. දැනට ඉතිරිව තිබෙන්නේ යෝජනා තුනක් පමණකි. සත්‍ය සෙවීමේ කොමිසම දෙමුහුන් අධිකරණය සහ 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ඇතුලත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ අතර තිබේ.ඇමරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වුවද එම යෝජනාව ශක්තිමත් කරලීමට මෙවර මහා බ්‍රිතාන්‍ය ඉදිරිපත් වී තිබේ. ඔවුහු නෙස්බි සාමිවරයාගේ සත්‍ය කරුණු දැක්වීමද නොසලකා හැර ඇත. ඒ නිසා මෙවර සමුලුවේදී තවත් වටයකින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ අත කැරකැවීමට සූදානමක් තිබේ.

        එක් පැත්තකින් මන්නාරම් වාර්තාව කලඑළි බසිද්දී අගමැති වරයා උතුරේ සංචාරය කරමින් ප්‍රකාශ කොට ඇත්තේ හමුදාව සහ එල්.ටී.ටී. ඊ. සංවිධානය යන කොටස් දෙකම යුධ අපරාධ කර ඇති බවයි. මේ බැව් මතියපරනන් ඒබ්‍රහම් සුමන්තිරන් කළ හෙළිදරව්වක් අන්තර්ජාලයේ පළව ඇත.මීට පෙර 2008 වර්ෂයේ දී පමණ ඇමරිකානු තානාපති බ්ලේක් මහතා ඉදිරියේ දී එවකට සිටි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිට ඇත්තේ යුද්ධයේ දී 40000 ක් පමණ මිය යා හැකි බවයි. මෙම කතාව විකිලිස් වෙබ් අඩවි ප්‍රකාශ වල සඳහන්ය.මේ කතාව පදනම් කර ගෙන දරුස්මාන් වාර්තාව හරහා ශ්‍රී ලංකා හමුදාව අතින්  40000 ක දෙමළ ජනතාවක් ඝාතනය වූ බවට කරුණු ඉරිපත් විය. යුධ අපරාධ චෝදනා එල්ල වනුයේ එතැන් සිටයි.දැන්  දෙපිරිසම යුධ අපරාධ කර ඇති බවට ප්‍රකාශ කරනුයේ ඇයි. මන්නාරම් මිනිවලේ වළලන ලද සිරුරු කොටි ත්‍රස්තාවාදීන් ගේ ඝාතන ලෙසට යම් හෙයකින් තහවුරු වුවහොත් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කර ඒ කතන්දරයද තව දුරටත් ඇද ගෙන ගොස් කොටි ත්‍රස්තවාදීන් ගේ පවුල් වලට වන්දි ගෙවීමට යාන්ත්‍රණයක් සැකසීමට අවස්ථාව උදාවේ.කොටි සාමාජියන් දැනට ජීවතුන් අතර නොමැති හෙයින් එකහෙළාම යුධ අපරාධ චෝදනා වලට වන්දි ගෙවන්නට වන්නේ අපේ හමුදාවන්ටයි.. අනෙක් කරුණ නම් දැනට අසන්නට ලැබෙන පරිදි මහා බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කරන යෝජනාවට ප්‍රතියෝජනාවක් වශයෙන් දෙපිරිසම යුධ අපරාධ කළ බවට පිළිගැනීමට ඉඩ සැලසීමයි.මන්නාරම් වාර්තාව එයට පසුබිම සකසයි.මෙම ප්‍රති යෝජනාව ඉදිරිපත් කළහොත් ආණ්ඩුවට තාවකාලයක් මානව හිමිකම් උගුලෙන් මදකට බේරී සිටි හැකිය . චම්පික රණවක ඇමතිවරයාද මෙවැනි ප්‍රතියෝජනාවක් ගැන මාධ්‍ය වලට අදහස් දක්වා තිබේ.

      සැබවින්ම සත්‍ය සෙවීමට කොමිසමක් දැමීමට අවශය නැත. යුද්ධයේ දී මිය ගිය සැබෑ ගණන දැනටමත් හොළදරව් වී අවසන්ය.උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන වැඩ සටහන්ද එදා නොකළයුතුව තිබූ දේවල්ය.ඒවා ගැන ජිනීවා වලදී කතා කළ යුතු නමුත් මානව හිමිකම් කවුන්සල අයිතිකරුවන් තමන් සිටින මතය වෙනස් කරනුයේ නැත.  එම නිසා මෙම ප්‍රශ්ණයේ සැබෑ ස්වරූපය හෙළිදරව් කොට මංගල සමරවීර අමාත්‍යවරයාගේ යෝජනාව සම්පූර්ණ යෙන්ම අහක දැමීමට  ජගත් ප්‍රජාව දැනුම්වත් කළ යුතුය.මේ ප්‍රශ්ණයේ සැබෑ ස්වරූපය  අතර පළමු කාරණය ඊනියා දෙමළ නිජ බිමක් නොමැති බව  තහවුරු කරලීමය. ඒ සදහා යම් ප්‍රවේශයක් පසුගිය සැසිවාරයේදී මහාචාර්ය චන්න ජයසුමන විසින් ගනු ලැබිණ.එම මතය තවත් දැඩි කරමින් උතුරෙන් සිංහලයන් පළවා හැරී ආකාරයද 1819 දී උතුර දෙමළ ප්‍ර දෙශයක් ලෙසට වෙස්ලියන් මිෂනාරීන් විසින් නම් කළ ආකාරයද හෙළිදරව් කළ යුතුය.ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණ කරන ලද බෙදුවම්වාදී ක්‍රියා 1818 දී කළ සැහැසි ඝාතන සියල්ල හෙළිදරව් කිරීමට මේ අවස්ථාව වඩාත් උචිත වේ. මේ මිෂනාරීන්ට සහ බෙදුම්වාදීන්ට සුවචව කීකුරුව හීලෑ වී 2012 සිටම පක්ෂ විපක්ෂ සියලුම දෙන කළ මෝඩකම් ඉවත දමා රට වෙනුවෙන් ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි දුන් විරුවන් වෙනුවෙන් කටහඬ අවදිකළ යුතුය.මන්නාරම් තොප්පිය සියතින්ම පළදාගෙන බ්‍රිතාන්‍යයට පක්ෂපාත වී ගෙනෙන ප්‍රතියෝජනාවක් වෙතොත් එය ලංකාවේ දී මෙන්ම ජිනීවා වලදීද පරාජයට පත් කළ යුතුය

 

 

One Response to “ ජිනීවා හදිස්සියට ලක ලෑස්ති මන්නාරම් තොප්පිය ආණ්ඩුව දමා ගනීවිද?”

  1. Hiranthe Says:

    While our politicians are busy with power struggles, only general citizens are coming forward to defend Mother Lanka. Though late, it has to be done to destroy the unfair and false claim of Tamil homeland.

    We are a Hela nation and we are not descendants of Indian origin. King Vijaya was a hooligan prince who was chased away by his father due to his mischiefs. This Island has been a blessed place for over 15,000 years with its Rakshasa and Naga tribes. These facts are to be presented at UNHCR.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress