රියදුරගේ දරුවා අනුලාදේවියට නොගත්තැයි දකුණු ආණ්ඩුකාර විසින් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඈතකට මාරු කර යවයි.. ආණ්ඩුකාර එය පිලිගනී..
Posted on February 27th, 2019

 ජයකාන්ත ලියනගේ lanka C news

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව දරුවකු පාසලට ඇතුලත් කර නොගත් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවට වහාම ක්‍රීයාත්මක වන පරිදි දඩුවම් ස්ථාන මාරුවක් ලබා දී තිබෙන බව ගාල්ල කළාප අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

පන්තිකාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාය ඉක්මවා සිසුන් බදවා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබිය දී අධ්‍යාපන චක්‍රලේඛන උල්ලංඝනය කරමින් ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රියක පාසලකට ආණ්ඩුකාරවරයාගේ රියදුරකුගේ දියණියක් මෙසේ ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ස්ථාන මාරුව ලබා දී තිබෙන බව දැන ගන්නට තිබේ.

ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා එස් පි චන්ද්‍රවතී මහත්මියට ගාල්ල කලාපයේ සිට තංගල්ල කලාපයට  මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ. ඇය 2018 පෙබරවාරි 08 අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ලෙස සේවය කරමින් සිටිය දී  ගාල්ල අධ්‍යාපන කලාපයට ස්ථාන මාරුකර වසරක් ඉක්ම යෑමට මත්තෙන් මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.

ගාල්ල, අනුලාදේවි බාලිකා විද්‍යාලයට සිය රියදුරකුගේ දරුවකු ඇතුලත් කර ගන්නා ලෙස දකුණූ පළාත් ආණ්ඩුකාරවරයා එම විද්‍යාලයේ විදුහල්පතිනියට අවස්ථා කිහිපයක දීම දුරකථනයෙන් බලපෑම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛනය අනුව කිසි සේත්ම එවැනි කටයුත්තක් තමන්ට සිදුකල නොහැකි බව විදුහල්පතිවරිය ආණ්ඩුකාරවරයාට පවසා ඒ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරියද දැනුවත් කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමට හේතු වශයෙන් විදුහල්පතිවරිය ඔහුට පවසා ඇත්තේ අදාල ශ්‍රේණියට කිසිසේත්ම දරුවකු ඇතුලත් කර ගැනිමට නොහැකි බවයි. 10 වන ශ්‍රේණියේ කාණ්ඩ පන්ති කාමර 05 ක් තිබෙන බවත් එම සෑම පන්තියකම දරුවන් 52 බැගින් සිටින බවද ආණ්ඩුකාරවරයාට විදුහල්පතිනිය පවසා ඇත.

රියදුරගේ දරුවා අනුලාදේවියට නොගත්තැයි දකුණු ආණ්ඩුකාර විසින් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඈතකට මාරු කර යවයි.. ආණ්ඩුකාර එය පිලිගනී..

පසුව ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවටද මෙම දැනුම් දීම ආණ්ඩුකාරවරයා විසින් කර තිබෙන අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව, ආණ්ඩුකාරවරයාටද මෙම තත්ත්වය දැනුම් දී ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට ටික දිනකට පසු ගාල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය තංගල්ල කොට්ඨාශයට ස්ථාන මාරු කරමින්  මෙම ස්ථාන මාරුව ලැබී ඇති අතර ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතු වී ඇතැයි ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාල සේවක සේවිකාවෝ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් දකුණූ පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කල විමසීමේදී මෙසේ පැවසීය.

ඔය කියන කාරණාව සම්පුර්ණ ඇත්ත. මම නියෝගයක් දුන්න එම පාසලට දරුවකු ඇතුලත් කර ගන්න කියල. ඊට හේතු රැසක් තිබෙනවා. එකක් තමයි, සීමාව ඉක්මවා පන්තිවලට දරුවන් ඇතුලත් කර ගැනිම බරපතල වරදක්. එවැනි වැරදි කරපු විදුහල්පතිනියට තවත් එක් සිසුවියක් ඇතුලත් කර ගැනිම සුඑ දෙයක්. ඒකයි මම බලපෑම් කලේ. එහෙම කලේ ජාතික ප්‍රතිප්තතියක් අනුව පන්තිකමරයක සිටිය යුතු සිසු දරු දැරියන් සංඛ්‍යාවේ සීමාව නියමිත ලෙස පවත්වාගෙන යාමට අවවාදයක් ලෙසයි. ඒවත් මාධ්‍යයෙන් හෙලි විය යුතුමයි. ඔය කියන පාසලේ විදුහල්පතිනියට මම අවස්ථා කිහිපයකදී ම කිව්ව මේ දරුව පාසලට ඇතුලත් කර ගන්න කියලා. එයා හැමදාම කලේ මුදලට දරුවන් ඇතුලත් කර ගැනිම. ඒ නිසා තමයි අල්ලස් දැලට කොටුවෙලා ඇයට නීතිය ඉදිරියටත් යන්නට සිදු වුණේ.

මෙම දරුවා එම පාසලට ඇතුලත් කර ගැනිම ප්‍රතික්ෂේප කිරිම සහ විදුහල්පතිනියගේ ක්‍රියා කලාපය ගැන කියන්න මා ගාල්ල  කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව සහ පළාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරින් පිරිසක් මගේ කාර්යාලයට ගෙන්වාගෙන සියලු විස්තර පැවසුවා. පසුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව හරහා විදුහල්පතිනියට දුරකථන ඇමතුමක් ලබා දී එම දරුවා ඇතුලත් කර ගන්නට කීවා. දරුවා සමඟ දරුවාගේ පියා ගියවිට තමුසෙ ආණ්ඩුකාරයා හමුවෙලා ඉහලින් දරුවෝ පාසලට දාගන්නයි, හදන්නෙ. අද නම් හමුවෙන්න බැහැ, දවස් දෙකකට පස්සෙ එන්නැයි සැරෙන් කියල එදා  ඒ තාත්තා ආපහු  එවල තිබුණා.

පන්තියක සිටිය යුතු සිසු දරුවන් සංඛ්‍යාව ගැන මා හොදින් දැනගෙන හිටියා. ඒ පාසලේ හැම පන්තියකම දරුවන් 50 කට වැඩි පිරිසක් අදටත් ඉන්නවා. ඒ වැඩිපුර ගන්න දරුවන් හැම කෙනාගෙන්ම මුදල් අරගෙන තිබෙන බව අධ්‍යාපන  නිලධාරින්ට මා කරුණු පහදා දුන්නා. මේ වැඬේ කරන්න අධ්‍යාපන ලේකම්ට පැවරීමෙන් පසු ලේකම්වරයා හා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා එම පාසලට යවා විදුහල්පතිනියට බලකර පන්තියේ නාමලේඛනයට එම ළමයාගේ නම ඇතුලත් කර සිසුවිය පාසලට ඇතුලත් කිරීමට දකුණූ පළාත් ආණ්ඩුකාරවරයා හැටියට මට සිදුවුනා. ඒකයි  ඇත්ත කතාව.

ඒක බලය අනිසි ලෙස පාවිච්චි කිරිමක් නොව, සිසු දරුවන් පාසලකට ඇතුලත් කර ගන්නා සීමාව ඉක්මවා කටයුතු කිරීමට පියවර ගත් විදුහල්පතිනියට පාඩමක් උගන්වා සෙසු විදුහල්පතිවරුන්ටත් එම පාසල්වල කටයුතු කරන ආකාරය ගැන තමන් හොද අවබෝධයකින් සිටින බවට උදාහරණයක් ලෙස පෙන්විමට මෙම පියවර ගත්තා යැයි කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

විශේෂයෙන්ම තමන්ගේ වගකීමෙන් බැහැර වෙන්නට කිසිම නිලධාරිනියකුට බැහැ. හරියට ඒ වගකීම ඉටු කලානම් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ඒ ගැන දැන ගෙන ඉන්න ඕනෑ. ඔය කියන පාසලේ 10 වන ශ්‍රේණියේ එක් පන්තිකාමරයක සිසුවියන් 50 කට වැඩිය ඉන්න නිසයි, මම කිව්වේ තවත් ළමයෙක් ඇතුලත් කර ගන්න කියල. මේ දුර්වලකම් එක්කෙනෙකුගේ පිට පටවල වගකීමෙන් බැහැර වෙන්න බෑ කියල ගාල්ලේ අධ්‍යක්‍ෂිකාව දැනගන්න ඕනෑ. තමන්ගෙ වගකීම නිසි ලෙස ඉටුකර නැති බව මේ කාරණාවෙන් පැහැදිලි නේද ?

ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව දක්ෂ නිලධාරිනියක්. ඒක මම හොදින් දන්නවා. අම්බලන්ගොඩ කලාපයේ ඉතා දක්ෂ ලෙස පරිපාලන කටයුතු කරල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම මෙන්ම ගුරු තුලන පරිපාලන මෙන්ම විශ්‍රාම ලේඛන වැටුප් වර්ධන නිසි ලෙස කඩිනමින් සකස් කරපු දක්ෂ නිලධාරිනියක් බව මම හොදින් දන්නවා. මෙතුමියට ස්ථාන මාරුවක් දීම  හෝ නොදීම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩක්. මා මේකට කිසිම සම්බන්ධයක් නැතැයි ද ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් සදහන් කළේය.

මේ දක්ෂ නිලධාරිනියට ස්ථාන මාරුවක් ලැබෙන්නේ දුර්වලතා බොහොමයක් ඇති අධ්‍යාපන කලාපයකට. ඒකෙ තිබෙන පාසල්වල වැඩ කටයුතු බොහොමයක් අඩාල වෙලා. පරිපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යන්න දක්ෂ නිලධාරිනියක් ලෙස තංගල්ල කලාපයට දැනට ගාල්ලේ සිටින මෙම  කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවට ස්ථාන මාරුවක් ලබා දීමේ අසාධාරණයක් නැති බවද දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

2 Responses to “රියදුරගේ දරුවා අනුලාදේවියට නොගත්තැයි දකුණු ආණ්ඩුකාර විසින් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඈතකට මාරු කර යවයි.. ආණ්ඩුකාර එය පිලිගනී..”

  1. Randeniyage Says:

    Oh my God. previously this guy was our God, going after big sharks such as Ranil, Mahinda, Sirisena like a Sinhaya. Now see what happened ! Sirisena cunning fox got rid of him by appointing him as Governor. Now he is going after little Haalmesso !

  2. Christie Says:

    This man used to contribute to this forum with his garbage.

    What a bad man he is?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress