බටලන්ද සිහිගන්වමින් දේශපාලන පළිගැනිමකට තංගල්ල පොලිසියේ වධකාගාරයකදී අංහිසකයෙක්ට දස වද දෙයි… [Video]
Posted on March 1st, 2019

mahinda.info වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

කට්ටඩිගේ තිළිණ කසුන් යනු තංගල්ල ප්‍රදේශයේ ජීවත් වෙන තමන්ගේ පාඩුවේ ‍රැකියාව කරගත් ධීවරයෙකි. පසුගිය 2018 දෙසැම්බර් මාසයේදී තංගල්ල පොලිසියෙන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන දින 9 ක් තිස්සේ කෲර ලෙස පහර දෙමින් ආහාරවත් හරි හැටියට නොදී රඳවා තබාගෙන ඇත.

ඉන් අනතුරුව තංගල්ල වරාය තුළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මිය ගිය 4 දෙනෙකුගේ සිද්ධියට අදාලව තමන් මහ මොළකරු ලෙස පිළිගන්නා ලෙසටත්, එය සිදු කළේ දකුණු පළාත්සභා අමාත්‍ය ඩීවී උපුල් මහතාගේ උවමනාවට යැයි ප්‍රකාශ කරන ලෙසටත් බල කරමින් තංගල්ල පොලීසියෙන් මෙසේ තිළිණ කසුන්ට පොලිස් වධකාගාරය තුළදී දිගින් දිගටම පහර දෙමින් මරණ තර්ජන කර ඇත.

පොලිසියෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයෙක්ව පැය 24 ක් තුළ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතු වුවද, තිළිණ කසුන්ව එසේ ඉදිරිපත් කරනවා තබා ඔහු ගැන පොලිස් සටහනක් හෝ තබා නැත.

වාසනාවකට මෙන් 2019 ජනවාරි 18 වන දිනදී තංගල්ල පොලිසියේ වධකාගාරයෙන් ගැලවී යාමට ඔහුට හැකියාව ලැබෙන අතර, ඔහු විසින් SCREF77-2019 නැමැති මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත. යම් ලෙසකින් ඔහුට පොලිස් අත් අඩංගුවෙන් බේරී යාමට නොහැකි වන්නට ඔහු මේ වන විට මරණයට පත් වී තිබෙනු ඇත. ආයුධ පෙන්වීමට ගෙන ගියා කියන්නේ මෙවන් සිදුවීම් වලටය.

තිළිණ කසුන්ගේ මව සේවය කරන්නේ ස්විස්ටර්ලන්තයේ වන අතර, තිළිණ කසුන්ව සොයා දෙන මෙන් පොලිසිය විසින් ඇයට අමතා ඇත. එහිදී පොලිසිය විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳව තහවුරු වෙන හඬ පට මෙම ලිපිය සමග දක්වා තිබේ.

එසේම මේ සමග දක්වා ඇති එක් හඬ පටයකින් පොලිස් පරීක්ෂක විජේතුංග විසින් පාපොච්චාරණය කරන්නේ ඔහු හොරණ බල ප්‍රදේශයේ සේවය කරද්දී ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑම මත අහිංසක පුද්ගලෙකුට බෝම්බයක් දැම්ම බවත් ඒ වෙලේවේ එකී පුද්ගලයා මහ හයියෙන් ඇඬූ බවත් ය. මෙලෙස හඬ පට මගින් සාක්ෂි තිබියදී, අදාල පොලිස් පරීක්ෂකවරයාට ලැබන දඬුවම වන්නේ හුදු ස්ථාන මාරුවක් පමණක් නම්, පොලිසිය යනු ආණ්ඩුවේ ලයිසන් සහිත පාතාල කණ්ඩායමක් යැයි ජනතාවට වැටහෙනු ඇත.

පොලිසිය විසින් මෑත කාලයේදී කරන ලද අපරාධ ‍රැල්ල අතුරින් මෙය එකක් පමණි. මීට පෙරද ඩීවී චානක මන්ත්‍රීතුමන්ගේ වාහනයට කිසියම් දෙයක් දැමීමට දේශපාලන බලපෑමක් මත පොලිසියෙන් කුමන්ත්‍රණය කර තිබී හසුවූ අතර ඒ සම්බන්ධයෙන් නඩු පවරා ඇත. එතුමන්ගේ පියා වන දකුණු පළාත්සභා අමාත්‍ය ඩීවී උපුල් මහතාව හසු කිරීම සඳහා මෙලෙස පුද්ගලයෙකුව පොලිස් වධකාගාරයක රඳවාගෙන මරණ තර්ජනය කරමින් පහර දීම පසුපසත් කිසියම් දේශපාලන බලපෑමක් ඇති බවට පෙනී යයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති 1988/1989 කාලයේදී බටලන්ද යුගය ආරම්භ වූයේත් මේ අයුරින් වන අතර, දිගින් දිගටම පොලිසිය යොදා ගනිමින් දේශපාලන පලිගැනීම් සිදුකිරීම මගින් ඉදීරියේදී සිදුවන්නට යන අන්තරාය ගැන ජනතාවගේ අවධානය යොමු විය යුතුය.

තංගල්ල පොලිසියේ මෙම අපරාධය සම්බන්ධයෙන් නීතීඥවරුන් කළ පැහැදිළි කිරීම සහ අදාල සාක්ෂි හඬ පට පහතින්.

– mahinda.info

574 Viewers

One Response to “බටලන්ද සිහිගන්වමින් දේශපාලන පළිගැනිමකට තංගල්ල පොලිසියේ වධකාගාරයකදී අංහිසකයෙක්ට දස වද දෙයි… [Video]”

  1. Ancient Sinhalaya Says:

    It is not suprising when traitor anti Buddhist, anti Sri Lanka, anti Sinhalese catholic run UNPatriottic_rats at
    the helm these things happening. Traitor chief die hard catholic token Buddhist Batalande wa(n)dakaya and
    its UNPatriotic_rats party with its catholic police top brass got rid of 60,000+ Buddhists during BHEESHANA
    SAMAYA. Then UNPatriotic_rats sacrificed 100,000+, mainly Buddhists, to traitor chief’s catholic buddy barrel
    man hitler mala paharan’s catholic tigers of tamil drealam saying the terras were invincible. MR came, so called
    invincible terras were running for their lives.

    Good thing for these Mother Lanka dismembering, minority worshiping, Sinhalese (Buddhist only, making sure tamils or muslims aren’t hurt/murdered which is a war crime) Sinhala modayas never understand these lying, thieving, corrupt UNPatriotic_rats traitor thugs true colours.

    Traitor chief die hard catholic token Buddhist’s anti Buddhist, anti Sri Lanka and anti Sinhalese UNPatriotic_rats
    party’s treacheries. You won’t see these in so called Buddhist (on paper) Sri Lanka where all the media are
    controlled by UNPatriotic_rats party henchmen.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress