2019/03/01 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව
Posted on March 1st, 2019

අද (01) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්න කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලිමක් කළා. 20 වෙනි සංශෝධනය ගැන මේ වෙලාවේ කතා කරන්නේ ඇයි කියන එකයි අපි කල්පනා කරන්නේ. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියන එක වෙනම දෙයක්. ජනතා විමුක්ති පෙරමුනෙන් ඉදිරිපත් කරලා තියෙන 20  වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනියනවාද කියන එක තවත් දෙයක්. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි කියන අයත් සමහර විට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වෙන්න පුලුවන් එහි තියෙන දුර්වලතා මත. වඩා වැදගත් වන්නේ මෙහි ප්‍රායෝගික තත්ත්වයයි. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැතිවෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ජනාධිපතික්‍රමය ඉවත් කරනවා නම් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වෙනවා. ඡන්ද ක්‍රමය වෙනස් කරනවා නම් ඒ සම්බන්ධයෙන්සාකච්ඡා කරලා එකගතාවයකට එන්න වෙනවා. මිශ්‍ර ක්‍රමයක් ගෙනාවොත් සීමා නිර්ණය කරන්න වෙනවා. මගේ පුද්ගලික මතය නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයි. ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ජනාධිපතිධූරය අවශ්‍යයි කියන තැනයි. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා මේ යෝජනාව ගෙනත් ජනතාවගේ අවධානය වෙනතකට හරවනවා වෙන්න පුලුවන්. මේ මාසයේ ජිනිවා යෝජනා මාලාව සාකච්ඡා වෙනවා. රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල වෙලා කිසියම් ක්‍රියාදාමයකට යාමේ අවධානමක් තියෙනවා. මංගල සමරවිර මහතාගේ දේශපාලන ජිවිතයට වසර 30ක් පිරිම හා ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාගේ දේශපාලන ජිවිතයට වසර 40ක් පිරීම සිදුවුනා. මංගල සමරවිර දක්ෂ දේශපාලනඥයෙක් නිසා හිටපු සහ ඉන්න ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම ඇවිත් එතුමාගේ වේදිකාවේ කතා කරනවා අපි දැක්කා. එතුමාගේ ක්‍රියාදාමය බලපුවාම මානව හිමිකම් යෝජනාවට එකග වීමේ පාපකර්මයෙන් භව ගාණක් ගියාට මිදෙන්න බැහැ. විදේශ ඇමැතිකම එතුමාගේ භූදලයක් වගේ කරගෙන ගිහින් අපේ රට පාවා දුන්නා.

මුදල් ඇමැති කෙනෙක් විදියට ගත්තාමත් සිංගප්පුරු ගිවිසුම වැනි දේ ක්‍රියාත්මක වුනේ තනි තීරණයට එතුමාගේ කාලයේදීයි. එතුමා දක්ෂ දේශපාලනඥයෙක් වුනාට විදේශ ඇමැතිවරයෙක් විදියට රට පාවා දීමේ ක්‍රියාදාමයේ කොටස්කාරයෙක්.

පසුගිය 27 වැනිදාට බැදුම්කරයට වංචාවට වසර 4ක්. තවම කිසිවෙක්ට නිතියෙන් දඩුවම් දීලා නැහැ. මේක යටපත් කරන්න එපා. අඹ ගෙඩි කිහිපයක් හොරකම් කළාම හිරේ යනවා. මේ වගේ හොරකම් කරලා නිදහසේ ඉන්නවා. මෙතැන සමාජ සාධාරණත්වයක් නැති බවයි සාමාන්‍ය ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා

ගුරු හා විදුහල්පති ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් ඇති වුනා. ආණ්ඩුව දරුවන්ගේ දෑස් පාදන ගුරුවරුන්ට කදුලු ගෑස් ගැහුවා. දරුවන්ගේ ඔලු ගෙඩි හදන ගුරුවරුන්ගේ ඔලු පැලුවා. අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් කරනවා කියලා කරපු මේ වෙනස අපි තරයේ හෙළා දකිනවා. අද සමහර දේශපාලන පක්ෂ තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ දැවැන්ත ඇද වැටීම් වෙනුවෙන් ගුරුවරු විදුහල්පතිවරු යොදා ගන්න බවත් අපි දකිනවා. මේ පහර දීම හෙළා දකින අතරේ දේශපාලකයින්ගේ අරමුණු වෙනුවෙන් ජිවිත බිලි දෙන්න ලෑස්ති වෙන්න එපා. අද වෙද්දි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇද වැටීමක් වෙලා. පාසල් පද්ධතිය විනාශ වෙලා. ගුරු ක්ෂේත්‍රය විනාශ වෙලා. පාසල් පද්ධතිය අපි බලාපොරොත්තු වුනු ඉලක්ක කරා ගෙනිහයන්න බැරි වෙලා. අධ්‍යාපන බලධාරීන් දැන්වත් මේ නාඩගම නතර කළ යුතුයි.

20 වෙනි සන්නිය පටන් ගන්න හදන්නේ අනුර කුමාර දිසානායක කියන ගුරුන්නාන්සේයි. ඔහු 20 වෙනි සන්නිය ගැන විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කරන්න සූදානම්ලු. 19 වැනි සන්නිය නටලා රට නන්නත්තාර කරලා තියෙන වෙලාවක අනුර කුමාර ගුරුන්නාන්සේලා කියන විදියට 20 වැනි සන්නිය නැටුවොත් ඔහු කියන විදියටම රට අනාතයි. කුජීතයි. රට ආර්ථික වශයෙන් , සමාජයීය වශයෙන් වැටිලා වගේම දැවැන්ත දේශපාලන අර්බුදයකයි රට ඉන්නේ. මේ ප්‍රශ්නවලට 20 වැනි සන්නිය ගෙනත් විසදුම් දෙන්න බැහැ. රටටත් ජාතියටත් වින කරන මේ සන්නිය ගෙනත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න අපි සූදානම් නැහැ. දැන් නැව් පිටින් ටොන් ගණන් කුඩු අපේ රටට එනවා. දේශලපාලන ආශිර්වාදයත් ඊට ලැබෙනවා. ඒ වුනාට රෝගීන්ගේ අසරණකම ගැන නම් බලන්නේ නැහැ. ජනතාව සුවපත් කරනවා වෙනුවට සුවපති නිදැල්ලේ. වකුගඩු රෝගීන්ට ප්‍රමාණවත් බෙහෙත් නැහැ. පිළීකා රෝහලේ වෛද්‍යවරුන් හා රෝගීන් කියන්නේ අත්‍යාවශ්‍ය බෙහෙත් නැති බවයි. තියෙන බෙහෙත් ටිකත් ප්‍රමිතයෙන් තොරයි. ඒ වුනාට තමන්ගේ හිතවත්තු මේ ජාවාරමේ ඉන්නේ. සුවපතිතුමනි, මාධ්‍ය සංදර්ශණ තියන්නේ නැතිව රෝහල්වලට ගිහින් රෝහල්වල අඩුපාඩි සොයා බලන්න. රෝගින් සිටින්නේ ඛේදනීය තත්ත්වයක. වකුගඩු හා පිළීකා රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් ටිකවත් ලබා දෙන්න.

රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අවසාන අයවැය තීරණාත්මක අයවැයක්. සුන්දර වචන සෙට් එකක් එක්ක අයවැය ඉදිරිපත් කරයි. ජනතාවට සිනි බොල ටොපි චොකලට් දෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ක ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළීවෙල දැක්කාම තේරෙනවා ජනතාව අන්දන්න ලෑස්ති වෙන්න හදන බව පේනවා. රටේ රාජ්‍ය සේවකයාට වගේම පුද්ගලික සේවකයාටත් සහන අවශ්‍යයි. අපි වීදි සටන් වලට බැහැලා දුක් විදින ජනතාව වෙනුවෙන් දැඩික්‍රියාමාර්ග ගන්න සූදානම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

ආණ්ඩුව පටන් ගත්ත දවසේ මේ දකවා ගොවීන් කම්කරැවන් වෘත්තීයවේදින් ගුරුවරුන් විශෟව විද්‍යාල ශිෂ්‍යයින් ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසුනා. ආන්ඩුව දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ වගේ, ආන්ඩුවට අවශ්‍ය දේ කළා මිස රටට අවශ්‍ය දේ කලේ නැහැ. රට දිනෙන් දින ආර්ථිකයෙන් විරැකියාවෙන් කඩා වැටිලා ස්ථාවරත්වය නැති වුනා. අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරනවා කියලා ඇවිත් කිසි දෙයක් කරන්න බැරි වුනා.

දැන් ආන්ඩුවේම පාර්ශ්වයන් වුන ජනතා විමුක්ති පෙරමුණ නැවතත් 20 වෙනි සංශෝධනය ගේන්න යනවා. කළින් ගෙනත් අධීකරණ මතය ප්‍රකාශ කරලා තියෙනවා. මේ ගැන විපක්ෂ නායකතුමා එක්ක සාකච්ඡා කරන්න හදනවා. විපක්ෂ නායකතුමා ජනතාව වෙනුවෙන් සාකච්ඡාවලට එක්වෙයි. හැබැයි අපි දන්න ජනතා විමුක්ති පෙරමුණට බැහැ රටේ පොදු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න බැහැ. 6 දෙනෙක් පාර්ලිමේන්තු ආවේ මුලු රටෙන් ම ඡන්ද ලක්ෂ 5ක් අරන්. වැඩ කරන්න හදන්නේ ඒ අය තමයි නායකයෝ කියලා හිතාගෙන. රටේ ජනතාව 80 ගණන්වල වගේ අන්දන්න සූදානම් වුනත් ජනතාව අදින්න සූදානම් නැහැ.  20 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය නැති කරලා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න 225 දෙනා අතරෙන් යෝජනාවකින් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න මේ වෑයම් දරන්නේ. ඩිල් කුමාර කියන නම හරියටම හරි. බල්ලා විසින් නැට්ට වනනවා මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. දැන් නැට්ට තමයි බල්ලා වනන්න හදන්නේ. මේපක්ෂය හා පුද්ගලයෝ හැම මොහොතෙම පාර්ලිමේන්තුවේ තනතුරු ටික අරන් කලේ තමන්ගේ පක්ෂේ ගොඩනගා ගන්න එකයි. උදාහරණයකට වත්මන් ක්‍රමයට මැතිවරණය තැබුවොත් තමන්ගේ නියෝජිතයින් ගණන වැඩි කරගන්න පුලුවන් කියලා හිතලා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා. දැන් 8000ට වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් ජනතාව විසින් නඩත්තු කරනවා. පළාත් සභා යෝජනාව ගෙනත්  පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට කිව්වා මාස හතරක් ඇති මැතිවරණය තියන්න අපි මේක කරගෙන යන්නම් කියලා. දැන් 20 ගේනවා. ඇයි 20 ගේන්නේ. මේ අයට ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ. ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කලොත් ඡන්ද ලක්ෂ තුන හතරකට සීමා වෙන නිසයි කෙටි මාර්ගයකින් එන්න හදන්‌නේ. අද එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාටත්, ජවිපේ අපෙක්ෂකයෙක් ඉදිරිපත් කලොත් ඒ අපේක්ෂකයාටත්, වෙනත් පක්ෂයකින් අපේක්ෂකයොත් ඉදිරිපත් කලොත් ඒ අපේක්ෂකයින්ටත් අභියෝගයක් තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ

ආශිර්වාදයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයාට කිසිම අභියෝගයක් නැහැ. ඒ අපේක්ෂකයා වෙනුවෙන් ජනතාව සූදානම් වෙලා ඉන්නේ. අපි යුද්දේ ජය ගත්තේ 20 නැතිව, විධායක ජනාධීපතික්‍රමයක් එක්ක.

මත්ද්‍රව්‍ය යුද්ධයෙන් රට දිනාගන්න නම් විධායකය තිබිය යුතුයි. විධායකයේ තියෙන නුසුදුසු දේ ගැන මහින්ද රාජපක්ෂ මහතා කතා කරයි. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දෙන්නයි මේකටයුතු කරන්නේ කියනවා වගේ , නංගි පෙන්නලා අක්කා දෙන ගේම ගහන්න නම් බැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ පරිනත දේශපාලකයෙක්. අපිට ඉතිහාසය මතකයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කෙටි කාලීන ආන්ඩුවෙන් ජනතාවට මොන තරම් සහන ලැබුණද. ඒ ආන්ඩුව එපා කියලා වෙනස් කරන්න දැගලුවේ අද සාකච්ඡාවලට එන්න හදන අනුර කුමාර දිසානායකලා. එදා ජනතාවගේ පොහොර මිල අඩු වුනාත ඉන්ධන සහනාධාරය ලැබුනා. සියලු දෙනා එක්ක සාකච්ඡා පටන් ගත්තා. මේක බලාගෙන ඉන්න බැරිවයි ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට සහාය වෙන වැඩපිළිවෙලකට ගියේ. ඒ වගේම යුද්ධය අවසාන වෙන අවස්ථාවේ යුද්ධය අවසන් වුනොත් මහින්ද රාජපක්ෂ මහතාව නතර කරන්න බැහැ. මිනිස්සුන් තුළ ඇති වන විශ්වාසය නැති කරන්න බැහැ වගේ දේවල් ගැන හිතලා එවැනි කුහක සිතුවිල්ලකින් ආන්ඩුවෙන් ඉවත් වුනා. එවැනිකුහකකම් තියෙන පක්ෂයක්. පොර්ට් සිටිය හදන වෙලාවේ රටේ කලුගල් මදිවෙලා ඉන්දියාවෙනුත් කලු ගල් ගේන්න වෙයි කිව්වා. අද පොර්ට් සිටිය හැදිලා ඉවරයි. උමා ඔය හදපුවාම මුලු පළාතම විනාශ වෙනවා. ඒ පළාතට වතුර කදුලක් නැති වෙනවා කිව්වා. අද ඒ ව්‍යාපෘතියෙන් සියයට 70ක් වැඩ අවසන්. නොරොච්චෝලේ බලාගාරේ හදද්දි කිව්වා පුත්තල් පැත්තට යන්න බැරි වෙනවා කියලා. අද නොරොච්චෝලේ බලාගාරය නිසා තමයි සියයට 90ට වැඩි ප්‍රමාණයකට විදුලිය දෙන්න පුලුවන් වුනේ. ඒ නිසා කුහකකමින් 20 ගේන ආන්ඩුව සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්නේ.

ආන්ඩුවට තව අභියෝගයක් තියෙනවා. අයවැය පස්වෙනිදා ඉදිරිපත්කරන්න නියමිතයි. මේක ආන්ඩුවේ අවසාන අයවැය. ලබන වසරේ අයවැය ගේන්න මේ ආන්ඩුව තියෙන්නේ නැහැ. මේ ආන්ඩුව ගේන පස්වෙනි අයවැය මේක. කිසිම අයවැයක සාධනීය ලක්ෂණයක් තිබුනේ නැහැ. සිංහ ලීලාවෙන් කතා කරන මන්ත්‍රීවරු එක වැය ශිර්ෂයක් පරාජය කරන්නේ නැහැ. සිරිකොතේ අහවල් දේවල් පාවිච්චි කරනවා කියපු කෙනාව ගෙන්නලා අගමැතිතුමා දෙකයි කිව්වේ. ඒ බොලේ ඒකාබද්ධ විපක්ෂයට විසිකළා. අගමැතිතුමාගේ කාමරයට රිංගුවාට පස්සේ චන්ඩි දාන චන්ඩි මල්ලිලා ඡන්දේ දෙනවා. අඩෛක්කලනාදන් මන්ත්‍රීවරයා පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියලා තියෙනවා දෙමළ සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය දෙන්න සාකච්ඡා කරනවාලු. මේකේතියෙනවා අතුරුදන් වුවන ්පිළිබද, සිරගත වූවන්, ඉඩම් සම්බන්ධ ගැටලුව තියෙනවා. මේවා වෙනුවෙන් ගිවිසුම් අත්සන් වෙනවා. දෙමළ ජනතාවඉල්ලන්නේ මේවා නෙවේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැහැ. නිවාස ඇමැති හම්බන්තොට ගෙවල් විවෘත කරද්දි පෝස්ටර් වදින්නේ කොළඹ. හම්බන්තොටට දුන්න නිසාව ප්‍රමාණයම දුන්න තව දිස්ත්‍රික්කයක් පුලුවන් නම් කියන්න. අධ්‍යාපන ඇමැති කුලියාපිටියේ පාසල්විතරයි හද්නනේ. රටේ අනෙක් පළාත් වල දරුවෝ ඉගෙන ගන්නේ නැද්ද. අය වැයට අපි වෙන් කරපු මුදල්වලින් මහින්දෝදය 1000ක් එකවර මුල්ගල තියලා එකවර විවෘත කළා. ලෙඩ්ඩු ඉන්නේ කලුතර විතරද. මේ ආන්ඩුව මුලු රටම විනාශ කරලා. කලුතරට විතරක් වැඩ කරන සෙක්‍ය ඇමැති කෙනෙක් ඉන්නේ. අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ ගැටලුව තියනවා. මේ අයවැයෙන් බලය අල්ල ගෙන යන්නයි හදන්නේ. උතුරේ ජනතාව දරුවෝ මත්ද්‍රව්‍යවලින් බේරා ගන්න කියනවා. පාසල් හදන්න කියනවා. ප්‍රවාහනය දියුනු කරන්න කියනවා. ජනතාව සූදානම් මේ ආන්ඩුවටත් ආන්ඩුවට සහාය දුන්න අයටත් විරුද්ධව ඡන්ද දෙන්න. දෙමළ සන්ධානය මේ වංචාවන්ට අහු වෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. සුමන්දිරන්ගේ වුවමනාවන් ඉෂෟඨ වුනාට ඒ ජනතාවගේ වුවමනාවන් ඉෂ්ට වෙලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 20 සම්මත කරගන්න අපි පස්සේ එන්නේ ඇයි. ජනමතය තියෙන්නේ අපි එක්ක කියලා දන්න නිසා. පළමුව නයා මැරීමයි වැදගත් වෙන්නේ.ඊට පස්සේ භූමිය ආරක්ෂා කරගන්න පුලුවන්. ඒ නිසා 20 එක්ක එන නයා මරලා භූමිය ආරක්ෂා කර ගන්න ඒකාබද්ධ විපක්ෂයට පුලුවන්. ඒ නිසා මැතිවරණ සිහිනයක්. ආන්ඩුව මැතිවරණ දෙන්නේ නැහැ. ආන්ඩුවෙන් මැතිවරණයක් ගන්න අවශ්‍යයි. සියලු බලවේග එකතු වෙලා මේ ආන්ඩුව එළවන්න සූදානම් වෙන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress