ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය උගසට තබා බලය තර කර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා
Posted on March 14th, 2019

කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්   මාධ්‍ය නිවේදනය

ප්‍රජාතන්ත්‍රවාදය විකුණා බලය ලබාගැනීම වෙනුවට මැතිවරණය පවත්වා නියම  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය ඉල්ලයි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පසුගියදා කොළඹ පැවති වැඩ මුළුවකදී මේ බව අවධාරණය කළේය.

වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරදීම වෙනුවට  තම බලය තර කර ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන බව පැහැදිලි වන්නේ යැයි ද හෙතෙම පැවසීය.  ජනාධිපතිවරයා   මැයි 31 වන දිනට පෙර පළත් සභා  මැතිවරණය පැවැත්විය යුතු බව අවධාරණය කරමින්  ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයෛන් උපදෙස් විමසමින් කල් මරමින් සිටින බවත්, අගමැති වරයා සිය බලය තර කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක සිහින දකිමින් සිටින බවත්  ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.  

ජනාධිපති වරයා පවසන ආකාරයට මැයි 31 වන දින  පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට  දින 56 කට  පමණ පෙර එනම් අප්‍රේල් මාසයේ දෙවන සතිය තුළ නාම යෝජනා කැඳවිය යුතු  බව අවධාරණය කළ මනාස් මකීන් මහතා වැඩිදුරටත් කියා සිටියේ සියලුම පළාත් සභා මැතිවරණ එකවර පවත්වන්නේ නම් ක්‍රියාත්මක පළාත් සභා විසිරුවා හැරීම ආදී කටයුතු රැසක් ඇති බවයි. නමුත් එ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සූදානමක් පවතින බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව සඳහන් කළ හෙතෙම කියා සිටියේ පළාත් සභා මැතිවරණය පවත්වන බව අඟවා ජනතාව මුළා කොට තමන්ට වාසිදායක වන අවස්ථාව බලා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට රජය සැරසෙන බවයි.

මීට පෙර පැවැත්වූ පළත් පාලන  මැතිවරණය ද රජයේ වුවමනාවට වඩා ජනතා ඉල්ලීම් නිසා පැවැත්වූ එකක් බව අවධාරණය කළ කැෆේ සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ්  මනාස් මකීන්  මහතා කියා සිටියේ  නිදහස් හා සාධාරණ මැතිවරණ  පැවැත්වීමට අවශ්‍ය මූලික පසුබිම සකස්  කර ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවයි.

 

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress