අස්වනු නෙළා ගැනීමේ මංගල්‍ය
Posted on April 25th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

යහපාලන රජයේ වසර හතරක් පුරා වැපුරූ මහා වෙනසේ අස්වැන්න නෙලා ගැනීමේ මංගල්‍ය පසුගිය ඉරිදා පාස්කු ඉරිදා මුළු මහත් ලෝකවාසී ජනතාව ඉදිරියේ එලි දක්වන ලදී. මේ රජය වසර හතරක් පුරා මොනවාද කලේ යයි අසමින් රජයට කොලොප්පන් කරමින් සිටි මිනිසුන්ට හොදට තේරුම් ගන්නට තරම් විශාල අස්වැන්නක් ලබාදී, අපි මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැයි කියන්නට තරම් අධි අස්වැන්නක් මෙරටවාසි සියලුම ජන කණ්ඩායම් වලටම උරුම කරදී ඇත.

යහපාලන රජයේ මේ අති දැවැන්ත වැපිරීම හා අස්වැන්නෙන් පිඩා විදි සියලුම ජනතාවට අපගේ බලවත් ශෝකය පළකරමින්, මියගිය හා තුවාල ලැබූ සියලුම ජනතාවට සුබවාදී සියලුම බලවේගයන්ගේ ආශිර්වාදය ලැබී,නිදුක් වේවා! සුවපත්වෙවායි! අප ඉතා සිතින් පතමු.

පන පිටින් කුණු කදුවලට මිනිසුන් වලලා දැමු බක් මාසයක් වෙනුවට මෙදා බක්මාසයේ අස්වැන්න මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තුලින් ජනතාවට උරුම කරදී ඇති අතර, මේ පාදඩ ක්‍රියාවලිය, සහමුලින්ම උපුටා දැමීමට මෙරට ජනතාව විසින්, සියලුම ආරක්ෂක හමුදාවන් සමග එකතුව සිදුකල යුතු පුජනිය කාර්යයක් බවට පත්ව තිබේ. මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලිය මෙතැනින්ම නවතා දැමීමේ හැකියාව මෙරට ආරක්ෂක හමුදාවන්ට ඇති අතර, ආරක්ෂක හමුදාවන්ට අමතරව මෙය නිම කිරීමට මෙරට ජනතාවටද විශාල කාර්යභාරයක් කිරීමේ හැකියාවක්ද ඇත. ඒ කෙසේදැයි වටහාදීම හා වටහා ගැනීම මුළුමහත් රටවැසි ජනතාවගේ පරම යුතු කමක් බව වටහා ගත යුතුය.

හමුදාව කදවුරු තුලට ගාල් කර ජනතාව අතර ත්‍රස්තවාදීන්ට ස්ථාපිත වීමට පරිසරය නිර්මාණය කල දේශපාලනයට එරෙහිව කටයුතු කල යුතු අතර, එය මනා  හික්මීමකින් හෙබි බුද්ධිය විසින් හැසිරවිය යුතු කටයුත්තක් බව මෙරට ජනතාව ඉතා පැහැදිලිව වටහා ගත යුතුය. අපට ලේ හා මිනි මස්වලින් සපිරි බක් මාසයක් මෙවරත් උරුමව තිබියදී. මේ මියගිය මිනිසුන්, සිය ජිවිත පුජාවෙන් අපිට කියා දෙන මහා පාඩම් මාලාව වටහා ගැනීමට මෙරට ජනතාව සුදානම් විය යුතුය. මේ වනවිටත් කතෝලික පල්ලියේ නායකත්වය හා මහා සග රුවනේ නායකත්වය යටතේ, ඉතා නිවැරදි ආකාරයෙන් සෑම කටයුත්තක්ම මනාව සිදුවෙමින් පැවතීම ඉතා බලාපොරොත්තු තැබිය හැකි තත්වයකි. එමෙන්ම අපගේ ආරක්ෂක හමුදා පෙර පරිදිම මන සංයමයකින් යුතුව සිය මෙහෙවර ඉතා සාර්ථකව සිදු කිරීමද සතුට දනවන කාර්යකි.

මේ ත්‍රස්තවාදය පිටුපස විශාල කතාන්දරයක් ඇති අතර, ඔවුන්ගේ ඒ සියලුම අරමුණු විනාශ කිරීමට ඒ කතාව සම්බන්ධව යම් අවබෝධයක් ලබාගතයුතුමය. ශ්‍රී ලංකාව යනු වර්ෂ 2030දි, මුළු ලෝකයේම අවදානය දිනාගන්නා රාජයකි. ඒ චීනය විසින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන සිදුකරමින් යන මහා සංවර්ධන ව්‍යාපෘතීන් නිසාය. ඉලක්ක ගත මේ සංවර්ධන ව්‍යාපෘතීන් නිසි ආකාරයට නිමවීම තුලින් ආසියාවේ,විශාල සමාජ විපර්යාසයක් සිදුවෙන අතර ලෝකයේ බලවත්ම මහාද්ධිපය ආසියාව බවට පත්වේ. සෑම සංවර්ධන කටයුත්තක් ආරම්භ වෙන මොහොතේම ඊට එරෙහිව එය විනාශ කිරීමේ,ප්‍රති විරුද්ධයද නිර්මාණය වීම ස්වභාවය බැවින්, යහපාලන රජය බිහිවිමම ඒ ප්‍රති විරුද්ධ නිර්මාණයේ, ආරම්භයයි. ගැටුම ඇත්තේ බටහිර ජාතින් හා චීනය අතර වුවද එහි අධිකම බලපෑමට ශ්‍රී ලාංකීය ජනතාවට සිදුව ඇත. එහි ප්‍රතිපලයක් ලෙස මුළු සිරියාවම බිමට සමතලා කල ISIS ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව බිමට සමතලා කිරීමේ කාර්යයේ, එක කොටසක් පවරා ඇත. අප මේ මුහුණ දෙමින් සිටින්නේ එහි ආරම්භක ප්‍රහාරයන් මාලාවට බව අප රටේ ජනතාව තේරුම් ගත යුතුමය. සිරියාවේ මෙන් ජන ශුන්‍ය ගරා වැටුන ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙන්නට ඉඩ දෙනවාද නැත්නම්, දැනට සැලසුම් සහගත සිදුවෙන ලෝක සංවර්ධනයේ, විශාලම නගරයක් බවට අප අගනුවර නිර්මාණය වෙන්නට සහ දෙනවාද යන්නත් එහි පලයන් අපේ දරුවන්ට භුක්ති විදීමට ඉඩ සලසනවාද යන්න රදා පවතින්නේ, වර්තමානයේ මේ අභියෝග යන්ට මුහුණ දෙන පරම්පරාවයි. අපට ඇති වගකීම මේ රට විනාශ කිරීම නොවන බැවින් දැන් අපි ඉදිරියේ මේ දිස්වෙන ISIS ත්‍රස්ත ව්‍යාපාරය විනාශ කිරීමට පෙරමුණ ගැනීම මෙරටවාසි සියලුම ජනතාවට සිදුව ඇත. එය කල හැකි අතර එය කල යුතුම කාර්යභාරයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress