ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයන්වලින් මියගිය අහිoසක පිරිස් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට බලවත් ශෝකය ප්‍රකාශකරමු
Posted on May 6th, 2019

මාධ්‍ය නිවේදනය JOINT SRI LANKAN ASSOCIATION FOR SRI LANKA 

ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා ඕස්ට්‍රේලියාවේ  වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ කුවින්ස්ලන්ත ප්‍රාන්ත වලසිට කටයුතු කරන ‘ස්පර්'( SPUR ) නමින් හදුන්වන සoවිධාන එකතුව, එම අරමුණු සඳහා කටයුතු කරන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ‘වැස්පර්‘ ( WASPUR ) සහ ගෝලීය ශ්‍රී ලoකා සoසඳය ( GSLF – ඕස්ට්‍රේලියා) යන සoවිධාන, පසුගිය  පාස්කු ඉරුදින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයන්වලින් මියගිය අහිoසක පිරිස් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට බලවත්  ශෝකය ප්‍රකාශකර සිටී.

පසුගිය කාලය තුලදී රටේ පාලකයින් විසින්  රටේ ආරක්ෂාව නොසලකා ගත් බොහෝ අදූරදර්ශී ක්‍රියාවන් නොවීනම් මෙවන් ව්‍යසනයක් වලකාලන්නට බොහෝ ඉඩකඩ තිබිණ.

බටහිර බලවතුන්  සතුටු කරලීමෙහිලා රටේ පැවැත්මට ඉතාමත් අහිතකර 30/1 සහ 40/1 වැනි යෝජනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුල සම්මත කරලීමට සම-අනුග්‍රහය දක්වා හමුදා නිළදාරීන් සහ රටක සුරක්ෂිතභාවය රැක්මේ  කොඳුනාරටියවන් බුද්ධි බළකාය දඩයම් කිරීම  මගින් රාජ්‍යආරකෂාව අඩපණකරලීම, රටේ ආරක්ෂාව හා අදාළවූ ක්‍රියාමාර්ග ලිහිල්කිරීම,  ආගමන විගමන පාලන කටයුතුවල නොසැලකිලිවන්ත කම, අදක්ෂ, නොසුදුසු පුද්ගලයින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යoශයේ සහ පොලීසියේ ජේෂ්ඨතම තනතුරුවලට පත්කිරීම  උදාහරණ කිහිපයකි. නොයෙකුත් උපක්‍රම හරහා, පාලනතන්ත්‍රය තම දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරලීම සඳහා  යෙදවීම මගින් ජාතික ආරක්ෂාව කෙරෙහි අවධානය යොමුකිරීම දුබලවිය.

පසුගිය වර්ෂ කිහිපය ඇතුලත, විවිද පාර්ශවයන් (සමහර මුස්ලිම් සoවිධානද ඇතුලුව) ඉස්ලාම් අන්තවාදීන් ගේ ආගමනය, ව්‍යාප්තිය, ප්‍රහාරක සැලසුම් පිළිබඳව දැනුවත් කලද, පාලකයින් එම අනතුරු හැඟවීම් සම්බන්ධව කිසිදු අවධානයක් දක්වා නැතිබව පැහැදිලව පෙනේ. මෑතකදී මාවනැල්ලේ  සිදවූ බුදුපිළිම විනාශකිරීම් විමර්ශනය කිරීමේදී පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ දී සොයාගත් පුපුරණ ද්‍රව්‍යය සහ සැකකරුවන් දෙදෙනා මුස්ලිම් දේශපාලකයෙකුගේ මැදහත්වීමෙන් මුදාහැර ඊනියා සoහිඳියාවේ නාමයෙන් එම විමර්ශන කටයුතුද යටපත්කර ඇත. එයින් එක් සැකකරුවෙකු පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිදුකල අයෙකු බව දැන් හෙලිවී ඇත.

කරුණු එසේවුවද, ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් අගයන අප සoවිධාන එකමුතුව පහත දැක්වෙන ප්‍රමුඛතා පිළිබඳව ශ්‍රී ලoකා රජයේ අවධානය යොමුකර සිටී.

  • ම්ලේච්ඡ ප්‍රහාරවලට සම්බන්ධ සියලුම පුද්ගලයින්ට එරෙහිව, ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම. ප්‍රහාර පිළිබඳව කල්තියා දැනුවත්ව සිටි නිළදාරීන්ගේ සහ දේශපාලකයින්ගේ සාපරාධී නොසැලකිල්ලද මෙයට අදාල වියයුතුවේ.
  • දේශහිතෛෂී අතිදක්ෂ නිළදාරීන්  රාජ්‍යආරක්ෂක අමාත්‍යoශය, හමුදාවන් සහ පොලීසියේ ජේෂ්ඨතම තනතුරුවලට පත්කොට රාජ්‍ය බුද්ධි අoශය පණගැන්වීම
  • අන්තවාදීන් රටට ඇතුලු වීම වලකාලීමට සහ රටතුල නීතිවිරෝධී ලෙස රැදී සිටින විදේශකයින් සොයා පිටුවහල් කිරීම.
  • විදේශ ආධාර මත ක්‍රියාන්විත, ප්‍රචණ්ඩ සoකල්ප උගන්වන ආගමික පාසැල් තහනම් කිරීම
  • ශ්‍රී ලoකාවේ පාසැල්වල ඉතිහාසය සහ ජාතික භාෂාවන් ඉගැන්වීමේදී පොදු පිළිවෙතක් ක්‍රියාකරවීම
  • මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වනසේ සැකසූ ඇඳුම් තහනම් කිරීම
  • දේශපාලකයින් විසින් රජයේ ඉඩම් ජනාවාස බවට පත්කිරීම නවතා එම නීතිවිරෝධී ජනාවාස ඉවත්කිරීම
  • උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පිහිටා ඇති ඓතිහාසික වැදගත් කමක් ඇති ස්ථාන ආරක්ෂා කිරීම
  • විදේශ බලවතුනට තම ගෝලීය අරමුණු ඉටුකරගැනීම උදෙසා මෙම අවස්ථාව උපයෝගීකරගැනීම වලකාලීම. විශේෂයින්ම රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය පලුදුකර,  ශ්‍රී ලoකාව             ජාත්‍යන්තර යුද්ධභූමියකට පත්කලහැකි රාජ්‍ය එකඟතාවයනට නොපිමිණිම

තිස් වසරක් පැවති කුරිරු ත්‍රස්තවාදයක්,  දැනට දස වසරකට පෙර මුලින් උපුටා දැමීමට ශ්‍රී ලoකාවාසී ඔබගෙන් ලද සහයෝගයෙන් අපගේ රණවිරුවනට  ඊට සරිලන දේශපාලන නායකත්වයක් යටතේ හැකිවිය.

මේ අවස්ථාවේදීද, එක්සත්ව, එක්සිත්ව ඉතාමත් සාමකාමීව කටයුතු කර ජාතික ආරක්‍ෂාව තහවුරු කරලීමට අදාල රජයේ ආයතන වලට සම්පූර්ණ සහයෝගය ලබාදෙන මෙන්  ශ්‍රී ලoකාවාසී ජනතාවගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටමු.

දසරත් ජයසූරිය (සභාපති – ‘ස්පර්’ වික්ටෝරියා)

නිමල් ලියනගේ (සභාපති – ‘ස්පර්’ නිව් සවුත් වේල්ස්)

ජානකී චන්ද්‍රරත්න (සභාපති – ‘වැස්පර්’ බටහිර ඕස්ට්‍රේලියා)

නිලන්ත කරුණාරත්න (සභාපති – ‘ස්පර්’ කුවින්ස්ලන්ත)

හර්ෂ පෙරේරා (සභාපති – ගෝලීය ශ්‍රී ලoකා සoසඳය – ඕස්ට්‍රේලියා)

One Response to “ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයන්වලින් මියගිය අහිoසක පිරිස් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට බලවත් ශෝකය ප්‍රකාශකරමු”

  1. Christie Says:

    “බටහිර බලවතුන් සතුටු කරලීමෙහිලා රටේ පැවැත්මට ඉතාමත් අහිතකර 30/1 සහ 40/1 වැනි යෝජනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුල සම්මත කරලීමට සම-අනුග්‍රහය දක්වා හමුදා නිළදාරීන් සහ රටක සුරක්ෂිතභාවය රැක්මේ කොඳුනාරටියවන් බුද්ධි බළකාය දඩයම් කිරීම මගින් රාජ්‍යආරකෂාව අඩපණකරලීම”,,,,,

    Who are the people behind these western powers?

    They are Indians.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress