Social Insecurity and its impact on Socio-Economic and Political conditions in Sri Lanka
Posted on June 1st, 2019

Professor Dr. Edward Perera

Politics කියන යුරෝපීය  වචනයෙ සිංහල තේරුම ලෙස දැනට භාවිතා කරන දේශපාලනය” නමැති වචනය වෙනුවට ජනතා සේවය” වැනි වචනයක් භාවිතයට යොදා ගැනීම.( ප්‍රධාන හේතුව දේශපාලනය කියන වචනය ජනතාවට ඒ තරමට එපා වී තිබීම නිසාත් දේශපාලනය කියන වචනයට ප්‍රතිවිරුද්ධ අර්ථයක් ප්‍රකට කරන අන්දමේ සමාජ විරෝධී හැසිරීමක් ඊනියා මහජන නියෝජිතයින් විසින් මේ දක්වා පවත්වාගෙන යාම).

රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් පන්ති පදනමක් මත නොව මානුෂික පදනමක් මත හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීමට රටේ සම්පත් ප්‍රමාණය සමානාත්මකව බෙදී යන සාධාරණ සමාජයක් බිහි කිරීම

පුද්ගල අපේක්ෂාවන්, අභිමතාර්ථයන් හා පාරිභෝජන හැසිරීම් එම පුද්ගලයාගේ මනෝමූලික (subjective) අවශ්‍යතාවයන් මත ඉටු කර දීම වෙනුවට පොදු ක්‍රියාදාමයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස හඳුනාගෙන පුද්ගල දක්ෂතාවයට ලබාදිය හැකි උපරිම ශක්තිය හා අවස්ථාව ලබා දීම හා එවැනි පුද්ගලයින් සමාජ විරෝධී බලවේග වලින් ආරක්ෂා කර දීම.

පුද්ගල දක්ෂතාවයන් දේශයේ සම්පතක් හැටියට හඳුනාගෙන එම දක්ෂතාවයන් සමාජ, ආර්ථික හා අධ්‍යාත්මික දියුණුව නමැති සන්දර්භය (context) තුළ වර්ධනය වීමට සැලැස්වීම හා රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ එක් වැදගත් නිර්ණායකයක් ලෙස එම පුද්ගල ගුණාංග හඳුනා ගැනීම හා ඇගයුමට ලක් කිරීම.

පුද්ගල පරිහානිය සමාජ පරිහානියට මුල් වන අන්දම පැහැදිලි කර, පුද්ගලයන් සමාජ ධර්මතාවයන්ගෙන් අපගමනය වීමට තුඩු දෙන හේතු සාධක සොයා බලා ඒවාට වැට කඩුලු බැන්ද ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලියේ පුද්ගල දායකත්වයට විශේෂ ස්ථානයක් හිමිකර දීම

වැරදි දේශපාලනයේ සෘජු ගොදුරු  බවට පත්ව අකර්මණ්‍යව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය කර ජාතිය ගොඩනැංවීමේ ක්‍රියා ක්‍රියාදාමයට සම්බන්ධ කර ගැනීම (උදා : මත් කුඩු භාවිතා කරන්නන් )

රටක සිටිය යුත්තේ උගතුන් නොව නිරෝගී පුද්ගලයන් ය. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට අධ්‍යාපනය දීම බල්ලන්ට ලෙලි පොල් දීම වැනි ය. ඉගෙන ගත්ත ලෙඩුන්ගෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාගත නොහැක. කායික දුබලතාවයට වඩා මානසික දුබලතාවය ජාතියක් පිරිහීමට ප්‍රධාන හේතුවකි.

පොදු සෞඛ්‍ය පිළිබඳ සාධනය රාජ්‍ය සේවයේ වැදගත්ම සාධකයක් ලෙස පිළිගත යුතුය. ජනතාව රෝගී වූ විට, ඔවුන්ගේ මනස ද රෝගී වී සේවයේ කාර්යක්ෂමතාවය පහත වැටීමක් සිදුවේ. ඊට අමතරව මහජන නියෝජිතයන් වීමට ඉදිරිපත් වන අයත් බොහෝවිට මානසික රෝගීන් වනවා පමණක් නොව, එවැනි මානසික රෝගීන් විසින් භාවිතා කරන ඡන්දයෙන් ජනාධිපති ධූරයේ සිට මන්ත්‍රීවරයා දක්වා තේරී පත්වීමට ඉඩකඩ බොහෝය (— පාර්ලිමේන්තු ඉතිහාසය ඊට කදිම නිදසුනක්)

ආරෝග්‍යා පරමා ලාභා-  සන්තුට්ඨි පරමං ධනං යන්න ජාතියේ ජප මන්ත්‍රය විය යුතුය. හෙළයේ මුතුන් මිත්තෝ ඉහත සඳහන් බුදු වදන අනුව ජීවත්වීම නිසා නිරෝගී ජාන ඇති අනාගත පරම්පරාවක් බිහිවීමට අවශ්‍ය ජීව විද්‍යාත්මක පදනම මෙන් ම සමාජ ආර්ථික හා අධ්‍යාත්මික පරිසරය ද සකස් කර දුන්හ.

සත්ව හිංසාවෙන් වැළකුණු ඔවුන් බොහෝවිට බොහෝ විට ආහාරයට ගත්තේ පෝෂණයෙන් හා ඖෂධීය වටිනාකමකින් යුතු එළවලු, පලතුරු, ධාන්‍ය හා පලා වර්ගයන්ය. අදටත් අප තුළ ශාරීරික හා මානසික සෞඛ්‍යයත්, නිවුණු ගතියත්, ප්‍රඥාවන්ත බවත්, ශේෂ වී ඇත්තේ මුතුන් මිත්තන් ඔවුන්ගේ ඊයේ ගැන පමණක් නොව අපේ හෙට ගැනත් සිතු නිසාය. ජනතාවට වස විස කැවීම දූෂිත දේශපාලනයේ එක් අවජාතක දරුවෙකි.

විශාල ධනයක් වැය කොට ශරීරයට ඉතාමත් අහිතකර ආහාර ද්‍රව්‍ය —- කර ජනතාවට කෑමට බීමට සලස්වා දී ඇත්තේ වස විෂ ය. මෙය දූෂිත දේශපාලකයින් ආනයනකරුවන්ගෙන් ලබාගන්නා කොමිස් මුදල් වෙනුවෙන් කරනා අපරාධකාරී ක්‍රියාවකි. මීට විරුද්ධව නැගී සිටින දේශප්‍රේමීන් හා විද්වතුන් රැකගන්නා නෛතිකමය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු ම ය. (උදා : මහාචාර්ය සේනක බිබිලේගේ සැක කටයුතු මරණය )

අධ්‍යාපනයේ පරමාර්ථය රැකියාවක් ලබාගැනීම පමණක් නොව පුද්ගලයා සම්පූර්ණ මිනිසෙකු කිරීම බව මුළු මහත් ජාතිය විසින් ම වටහා ගත යුතුය. නිදහස් අධ්‍යාපනයේ පියා වන C.W.W කන්නන්ගර මහතා එම නිදහස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වූ ඉලක්කය ළඟා කර ගැනීමට නොහැකි වූයේ නිදහසින් පසු බලයට පත්වූ සෑම කණ්ඩායමක්ම වාගේ අධ්‍යාපනය හා ජාතික සංවර්ධනය අතර පාලමක් ඉදි කිරීමට අපොහොසත් වීම නිසයි.

රටේ ජනගහනය වැඩිවීමත් සමග ප්‍රසාරණය වන ශිෂ්‍ය සංඛ්‍යාවක්, ගුරුවරුන් හා පරිපාලන නිලධාරීන් ප්‍රමාණයක්, අධ්‍යාපනයට ප්‍රමාණාත්මක බවක් ලබා දුන්නා මිස ඊට ගුණාත්මක බවක් ලබා දීමට උත්සාහ කළේ නැත. ඒ සඳහා පාලක පිරිස් වලට දැනුමක් තිබුණේ ද නැත. අධ්‍යාපන බල පත්‍රිකා හා ප්‍රතිසංස්කරණ වරින් වර කරලියට පැමිණිමත්, රටේ සංවර්ධනයට සෘජුව බලපාන තිරසාර අධ්‍යාපන ක්‍රියාවලියකට කිසිදාක අඩිතාලමක් නොවැටුණේ කාලකන්නි පක්ෂ දේශපාලනයක නූගත් දේශපාලකයින්  හිර වී සිටි නිසයි. ඔවුන් සදා අන්ධකාරයේ සිටියා පමණක් නොව ජාතියේ අනාගතය භාර ගැනීමට සිටින පාසල් හා විශ්වවිද්‍යාල පරපුරද අන්ධකාරයට ඇද දැමූහ. (උදා: ශිෂ්‍ය අරගල හා විප්ලවකාරී හැසිරීම් 1971 සහ 1988-89 )

රටේ අධ්‍යාපනය ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන නිසා පාසල් දරුවාගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා තමන් ලබන අධ්‍යාපනයෙන් ජනතාවට පෙරළා යමක් දිය යුතු බව පසක් කරගත හැකි චර්යා ධාර්මික ඇගයුම් පද්ධතියක් ස්ථාපිත කළ යුතුය. අධ්‍යාපනය මුළුමනින්ම ප්රතිව්යුහගත කර දේශයේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය අන්දමේ උගතුන් බිහි කරන අතර ජාන උරුමයක් වූ බුද්ධිමත් බව මතුකර ගත හැකි මානසික උත්තේජනයක් හා ප්‍රදානයන් (psychological stimulation and —–) අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත් කළ යුතුය. (උදා; වෛද්‍යවරුන් හා රෝගීන් අතර අන්තර් ක්‍රියාවලිය බිඳ වැටී ඇති අන්දම )

ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ප්‍රධානතම දුර්වල කමක් වන්නේ දැනුම ලබාගත හැක්කේ පොතෙන් පමණක් යැයි විශ්වාස කිරීමයි. විශ්වය පුරා විහිදී ඇති දැනුම දේශනා ගාරයකට හා පුස්තකාලයකට සීමා කර විභාගයෙන් සමත් වීමට පමණක් ශිෂ්‍යයන් උනන්දු කිරීම අවම කර පර්යේෂණාත්මක හා ගවේෂණාත්මකව සිසුන්ට මෙන් ආචාර්යවරුන්ටත් නිම් වළලු පුළුල් කිරීමට රජය විසින් ප්‍රතිපාදන වැඩි කළ යුතු ය.

ගෙවීගිය දශක හතරක කාල පරිච්ඡේදය තුළ සිදු වූ තත්ත්වයන් සැලකිල්ලට ගත් කල රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ තැනක් දිය යුතුව තිබෙනවා. රජය වශයෙන් ගත් කළ සමස්ත පාලනය හා  පරිපාලන ව්‍යුහයම ඊට අයත් වුවත් කපටි දේශපාලකයන් එය රාජ්‍ය ආරක්ෂාව හෝ ආණ්ඩුවේ ආරක්ෂාව නැත්නම් කාලකන්නි දේශපාලකයන්ගේ ආරක්ෂාව කියන තත්ත්වයට ඇද දමා ඇත. ජනතා නියෝජිතයින්ට වෙඩි නොවදින රථ මෙන්ම කොමාන්ඩෝ බලකායේ ආරක්ෂාව ලබා දෙන එකම රට ශ්‍රී ලංකාව විය හැක. මෙසේ ආරක්ෂාව ලබාගත් නූගත් දේශපාලකයින් රටේ ආරක්ෂාව දිනෙන් දිනම ප්‍රපාතයට හෙලා ඇත. (උදා: ශ්‍රී ලංකා දේශපාලනයේ මහ දැවැන්තයකු වූ ජේ. ආර්. ජයවර්ධන 1983 දී රූපවාහිනිය ඔස්සේ කියා සිටියේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් සපයා ගත යුතු බවයි) ඔහුව සෘජුව අනුගමනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ ආරක්ෂාවට හමුදා භටයින් තුන්දාස් පන්සියයකට ආසන්න පිරිසක් අරලියගහ මන්දිරය භූමියේම නේවාසිකව නතර කරගෙන සිටියේය.

ආරක්ෂාව සොයන සෑම පාලකයෙක්ම ඉතිහාසය පුරාම පෙන්නුම් කළේ දැඩි අනාරක්ෂිත බවක්. මේ අනාරක්ෂිත බවින් මිදීම සඳහා ඉතිහාසය පුරාම බියගුළු පාලකයින් විසින් කළේ තමන්ගේ ප්‍රතිවාදීන් ව ඝාතනය කිරීමයි.( උදා:  එවකට සෝවියට් දේශයේ පාලකයා වූ ස්ටැලින් තමාට අභියෝගයක් වූ  ට්‍රොට්ස්කිව මරා දැමීමට ක්‍රියා කිරීම)

ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට මුහුණ දීමට සන්නද්ධ හමුදාවන් ක්‍රියාන්විතයේ යෙදවීම අවශ්‍ය වුවත් ත්‍රස්තවාදය බිහි වීමට තුඩු දෙන සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික හේතූන් අවම කර ගත හැක්කේ උගතුන්, බුද්ධිමතුන් හා ආගමික නායකයන්ගේ සහය ඊට ලබා ගැනීමෙනි. ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය (context) තුළ වූ විවිධ කැරලි කෝලාහල හා සන්නද්ධ නැගීටීම් වලදී එය වළක්වා ගැනීමට හැකියාවක් තිබූ, මේ කියන සුවිශේෂී පුද්ගලයින් එම කැරලි ගැසීම් වල කොටස් කාරයින් වීම සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලට භාජනය කළ යුතු වැදගත් මාතෘකාවකි.

අවාසනාවකට මෙන් ආගමික නායකයින් ලෙස පෙනී සිටින ඇතැම් ආගමික නායකයින්, තම තමන්ගේ ආගම් වල සාස්තෘන් වරුන්ටත් පිටු පාමින් බංකොලොත් දේශපාලකයින්ගෙන් ලැබෙන පඬුරු —-(සුඛෝපභෝගී රථ ද ඇතුළුව ) වෙනුවෙන් අවිහිංසාව පාවා දුන් අවස්ථා බොහෝය. ඇතැම් ආගමික අන්තවාදී කණ්ඩායම් තමන් අදහන දෙවියන්ගේ නාමයෙන් අන්‍ය ආගම් ලබ්ධිකයින් මරා දැමීම ගෝලීය මට්ටමෙන් සිදු වුවත් අපගේ අතීන්ද්‍රිය දැනුමට අනුව අවි ගත්තෝ අවියෙන්ම නැසෙන නිසා එවැනි පාපතරයන්ගෙ හෙට විශ්ව ධර්මතාවයන්ටම විසඳීමට ඉඩ තබා ඒ ශක්තිය කෙරෙහි විශ්වාසයක් තබා රටේ ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීමත් ඊට සහාය දීමත් කළ යුතු ව ඇත.

යැපීම් ආර්ථිකය හෙවත් ණයට ඉල්ලන් කෑම තුළින් අභිමානවත් ජාතියක් වූ  හෙළයාගෙන් බහුතරයක් අද හිඟන්නන් බවට පත්වී ඇත. ඉස්ලාම් භක්තිකයන්ගේ දරිද්‍රතාවය මැඩලීමට පොහොසත් අරාබි රටවල් ඉදිරිපත් වන අතර දමිළ, ක්‍රිස්තියානි කොටස්වලට පිහිටවීමට ජාත්‍යන්තර කතෝලික හා ක්‍රිස්තියානි සංවිධාන හා පල්ලි ඉදිරිපත් වෙති. සුළුවෙන් හෝ හින්දු දමිල පිරිස් වලට උදව් කිරීමට ඉන්දියාව සමහරවිට ඉදිරිපත් වුවත්, අසරණ වන සිංහල බෞද්ධයාට සරණ වීමට ඉදිරිපත් වෙන ලෝක සංවිධාන විරල ය.

ශ්‍රී ලංකාව තුළ වෙනත් ජනවාර්ගික කොටස් උදාර පාරිභෝජනයට” (conspicuous consumption) ගොදුරු වූවා කියා සිංහල බෞද්ධයින් හැසිරීම් හා පරිභෝජනය තුලින් එවැනි ජන කොටස් වල චර්යාව අනුගමනය කළ යුතුව නැත. භෞතික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට අපොහොසත්වීම නිසාම අපි අසරණ වූවා කියන තත්ත්වයට පත්විය යුතු නැත. මේ කියන තත්ත්වයන් තුළ  සිංහල බෞද්ධයින් අනාරක්ෂිත බවට පත් වේ නම්, අප ඒ අනාරක්ෂිත බවින් මිදී මේ මාර්ගයට අවතීරණය විය යුතුය. අනාගත දේශපාලන බලවේගයක ප්‍රධානම පිරිස සිංහල බෞද්ධයින්ගෙන් සමන්විය යුතු නම් අනාරක්ෂිත බවට හේතු හඳුනාගෙන, අනාරක්ෂිත බවෙන් මිදී මේ මාර්ගයට අවතීර්ණ ව අනාරක්ෂිත භාවයෙන් මිදී සුරක්ෂිත බව තහවුරු කර ගත යුතුය.

දුක පදනම් කරගත් චතුරාර්ය සත්‍ය හරහා භෞතිකව  නො වන එහෙත් ආධ්‍යාත්මික විමුක්තියක් වෙනුවෙන් බුදු දහම ප්‍රයෝජනයට ගත හැකි වුවත්, භෞතික සාධක මත පදනම් වූ සමාජ ආර්ථික ක්‍රමයක් තුළ වෙනත් ආගමික ලබ්ධිකයින් ට ද පොදු වූ සාධකයක් වන සමාජ අනාරක්ෂිත” භාවයට අපට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළින් සියලුම ජන කොටස් වල සහයෙන් පොදු අනාරක්ෂිත භාවයෙන් මිදී මේ දේශපාලන” ( ජනතා සේවය) ක්‍රියාදාමයකට අපට පැමිණිය හැක. මේ කියන සුරක්ෂිතභාවයට පහත සඳහන් කරුණු ඇතුළත් විය යුතුය.

  1. අනාරක්ෂිතභාවයට තුඩු දෙන ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් වල දුර්වලතාවයන් හා බිඳවැටීම් අධ්‍යනය කිරීම.
  2. ජාතික ආරක්ෂාව තුළින් පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම.
  3. අනාරක්ෂිතභාවයට තුඩු දෙන මනෝභාවයන් සමනය කළ හැක්කේ තුවක්කුවෙන් හා උණ්ඩයෙන් නොවන බව තේරුම් ගත හැකි පාලකයින් හා සන්නද්ධ හමුදා අධිපතිවරුන් මෙන්ම ආරක්ෂක ලේකම් වරුන් ද පත්කර ගැනීම.
  4. අනාරක්ෂිත භාවය, සමාජ ප්‍රශ්නයක් ලෙස සලකා, සමාජ ක්‍රියාවට (social action) හා අන්තර් ක්‍රියාවට (social interaction ) මූලික සාධකයක් වන අනාරක්ෂිතභාවය පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනය දක්වාත්, පශ්චාත් උපාධි අධ්‍යාපන යේ පර්යේෂණාත්මක විෂය ධාරාවන්ට ද ඇතුළත් කර, අනාගත අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණදිය හැකි දේශීය මෙන්ම ගෝලීය සුරක්ෂිතතාවය වෙනුවෙන් ලෝක ප්‍රජාවට ද සහාය විය හැකි දැනුම විශේෂයක් දියුණු කර ගැනීම.
  5. රටේ නිෂ්පාදන කටයුතු වලට බාධා වන සාධකයන් හඳුනා ගෙන ඒවා ඉවත් කිරීම.
  6. දේශීය අමු ද්‍රව්‍ය පිළිබඳ සමීක්ෂණ වාර්තා ඇසුරින් සකස් කළ දත්ත අනුසාරයෙන් දේශීය අවශ්‍යතාවයේ ඉල්ලුමට භාණ්ඩ සැපයීම හා ප්‍රමිතිකරණය තුළින් නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, අතිරික්තය විදේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීම.
  7. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ වගාවන්ගෙන් ලැබෙන බෝග හා ශාකමය ද්‍රව්‍ය වලට ජාත්‍යන්තර වෙළඳපොලක් සොයා ගැනීම. එමෙන්ම මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති ශාක වලින් හෙළ වෙදකමට අනුව දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළට ඖෂධ නිපදවා දේශයේ මෙන්ම දේශයේ මෙන්ම විදේශ වල ජනයාට නිරෝගී ජීවනයක් ලබා දීම.
  8. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස, ලොවට සාමයත්, දුකින් මිදීමේ මාර්ගය මෙන් ම අනාරක්ෂිත භාවයෙන් මිදීමේ මාර්ගයක් න්‍යායිකව මෙන් ම ප්‍රායෝගික ව කියා දෙන, සුරක්ෂිත ලොවක් බිහි කිරීමේ දැවැන්ත අභියෝගය ට ජාතියක් වශයෙන් මුහුණ දීම.
  9. ශ්‍රී ලංකාව තුළ ඇත්තේ විවිධ ජාතීන් නොව විවිධ ජනවාර්ගික කොටස් බව දේශයේ මුග්ධයින් ට  කියා දෙන අතර එය ශ්‍රී ලංකාව තුළ මුළාවට පත්ව ජාතික අනන්‍යතාවයක් ගැන කතා කරන සුළු ජන කොට්ඨාස එම මුලාවෙන් ගලවා ගැනීම.
  10. ඓතිහාසික හා භූගෝලීය වශයෙන් මේ භූමියට උරුමකම් ඇති සිංහල ජාතියට නැති ජාතික අනන්‍යතාවය වෙනත් කිසි ම ජනවාර්ගික කොටසකට අයිති නැති බව ව්‍යවස්ථාවෙන් තහවුරු කර එම ජන කොටස්
  11. දැනට පත්ව ඇති අනාරක්ෂිත භාවයෙන් මුදවා, ශ්‍රී ලංකාව තුළ එකම ජාතියක් ලෙස සිංහල ජාතිය සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමට අවශ්‍ය භෞතික හා මානසික ප්‍රතිපාදන සැපයීම.
  12. වහලුන් හා අර්ධ වහලුන් ලෙස මැද පෙරදිග හෝ වෙනත් කිසිම රටකට අපේ ශ්‍රමිකයන් නොයැවීම, විශේෂයෙන් කාන්තා හිංසනයෙන් ශ්‍රමිකයින් රැකගැනීම, තාක්ෂණයෙන් ඉහළම දැනුමක් හා පුහුණුවක් ලැබූ ශ්‍රමිකයින් ලොව පුරා බෙදා හැර දළ ජාතික වත්කම් වල ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති කිරීම.

Professor Dr. Edward Perera

Dr.Rer.Pol.(Berlin), Diplom.HD, (Kassel), B.A & B.A Hon. (Sri Lanka), MCP (Microsoft)

One Response to “Social Insecurity and its impact on Socio-Economic and Political conditions in Sri Lanka”

  1. Christie Says:

    Dear Professor;

    Sri Lanka is an Indian Colony like the Andaman Islands.

    The natives of Andamans have disappeared since they became part of India. Genocide of natives of Andaman Islands.

    Genocide of Sinhalese continues under Indian imperialism and colonialism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress