රතන හිමියන්ට සහය දැක්වීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ
Posted on June 2nd, 2019

උපුටාගැණීම  මව්බිම

දැනට උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පළ කිරීම සඳහා ධ්‍යම පළාතේ මාතලේ මහනුවර දඹුල්ල නගර නගරවල 03 දින එනම් හෙට  සවස 3.00 සිට 5.00 දක්වා කඩසාප්පු වසා විරෝධතා දක්වන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු . බී .ඒකනායක මහතා පැවසීය.

මේ වන විට මහනුවර මාතලේ සහ දඹුල්ල පිහිටි සියලුම වෙළඳ සංගම් දැනුවත් කරමින් සංවිධානය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම නගරයේ සියලුම වෙළඳසැල් කඩසාප්පු වසා ගොවීන් සහ ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන්එ ක්ව පැය දෙකක කාලයක් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් රැඳී සිටීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

රතන හිමියන් සිදු කරන ඉල්ලීම් කිහිපය පෞද්ගලික සුඛ විහරණය සඳහා රතන හාමුදුරුවන් ගේ ඉල්ලීමක් නො වන බැවින්එය රටේ හෙට දවස තීරණය කිරීම සඳහා ඉවහල්වන ඉල්ලීම් කිහිපයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress