පාස්කු බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇත්තේ සතොස වාහනවලින්.. බදියුදීන්ට සාක්‍ෂි සහිතව චෝදනා ගොනු කෙරේ..
Posted on June 5th, 2019
lanka C news
පාස්කු ඉරිදා මෙරට ස්ථාන ගණනාවකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට නායකත්ව දුන් මොහොමඩ් සහරාන් සහ ඇමති රිෂාඩ් බදියුදීන් අතර ඇති සම්බන්ධය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බව ජාතික නිදහ්ස පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
කඩුවෙලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන්නට කලින් දා සතොස වාහනවලින් අදාල බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇති බවයි.
කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ මරාගෙන මැරුණ නිවසට සතොස වාහනවලින් ගමන් ගෙන ඇති බවටද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
හැකිනම් මෙම චෝදනා නෑ කියන්නැයි බදියුදීන් ඇමතිට අභියෝග කරන බවත් එසේ කලහොත් ඊලග දිනයේ සාක්‍ෂි සහිතව තමන් ඔප්පු කර පෙන්වන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
June 5th, 2019 at 5:32 pm
රිෂාඩ් බදියුදීන් accept the challenge of Wimal and if possible prove your innocents.