ශ‍්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500/- ක දීමනාව නොගෙවීමටත් නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමටත් එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ගයන් දැනුම්දීම.
Posted on August 7th, 2019

ප‍්‍රධාන ලේකම්,  සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

ගරු ප‍්‍රධාන අමාත්‍ය අර්ජුන,
ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය,
07 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

ගරු ඇමතිතුමනි,

ශ‍්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500/- ක දීමනාව නොගෙවීමටත් නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමටත් එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ගයන් දැනුම්දීම.


2019 අගෝස්තු මාසයේ වැටුපට ශ‍්‍රී ලංගම සේවකයන් හට රු 2500 යේ අන්තර් දීමනා මුදල ලබාදීමට සහ විධායක සහ විධායක නොවන නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙෂ ඔබතුමාගෙන් ප‍්‍රථමයෙන් ඉල්ලා සිටිමු. රජයේ සේවකයන්ට 2019 අයවැය තුලින් ලබාදුන් රු 2500 ක දීමනා මුදල මෙතෙක් ශ‍්‍රී ලංගම සේවකයන්ට මෙතෙක් ලබා දී නැත. අප සංගමයෙන් දිගින් දිගටම ශ‍්‍රී ලංගම සේවකයන් හට එම මුදල ලබා දීමට මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු කිරීමට විධිමත් මැදිහත් වීමක් ඔබතුමා මෙතෙක් සිදුකර නැත.

මීට අමතරව 2018 අගෝස්තු 31 වන දින ප‍්‍රවාහන අමාත්‍යාංශය තුලදී සියලූම ශ‍්‍රි ලංගම වෘත්තීට සමිති වලට 2018 ඔක්තෝම්බර් පලවෙනි දින සිට ශ‍්‍රී ලංගම සියලූම සේවකයන්ගේ වැටුප් 2006 අංක 30 දරන කළමණාකාර සේවා චක‍්‍රලේඛනයට සහ 2016 අංක 02 දරන චක‍්‍රලේඛනයට අනුගතව සංශෝධන කරන බවට හිටපු ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සහ හිටපු ශ‍්‍රි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා ඇතුළු ප‍්‍රවාහන බලධාරීන් ලිඛිතව පොරොන්දු විය. වර්ෂයකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් ශ‍්‍රි ලංගම සේවය කරන විධායක නිලධාරින්ට සහ විධායක නොවන නිලධාරීන්ට මෙතෙක් එම වැටුප් සංශෝධනය ලබා දී නැත. මෙය ඔවුනට කරනු ලබන බලවත් අසාධාරණ ක‍්‍රියාවලියකි.

ඉහත ඉල්ලීම් ලබාදීමට මැදිහත් වන ලෙස අප සංගමය 2019.06.27 දින සහ 2019.07.17 යන දින සඳහන්ව ජනාධිපති තුමාගෙන් ඔබතුමාගෙන් හා කළමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමාගෙන් ශ‍්‍රි ලංගම සභාපති තුමා ඇතුලූ සියලූම අදාල නිළධාරීන්ගෙන් ඉල්ලා ඇත. මීට අමතරව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහතා ද මෙම අන්තර් දීමනා මුදල සියලූම ව්‍යවස්ථාපිත ආයතන සේවකයන්ට ලබාදීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

ගරු ඇමති තුමනි  2019 අගෝස්තු මාසය ඉක්ම යාමට ප‍්‍රථම ශ‍්‍රි ලංගම සේවකයන්ගේ වැටුපට රුපියල් 2500 ක අන්තර් දීමනා මුදල ලබාදීමට සහ විධායක සහ විධායක නොවන නිළධාරින්ගේ වැටුප සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබ තුමාගෙන් ඉල්ලා සිටින අතර අගෝස්තු මාසය තුල එම ඉල්ලීම ඉටුකිරීමට අපොහෙසෙත් වන්නේ නම් කිසිදු  පුර්ව දැනුම් දීමකින් තොරව ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති එකතු වී වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවට අප සංගමය අවධාරනයෙන් ඔබතුමාට දන්වා සිටිමු.

ස්තුතියි.

මෙයට,
සේපාල ලියනගේ,
ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

සම්බන්ධීකරණය – 0715152319
Coordinating – +94715152319

පිටපත් –
01. ගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා
02. ගරු කම්කරු කොමසාරිස් මැතිතුමා
03. කළමණාකරන දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්‍ෂ ජනරාල්තුමා
04. ශ‍්‍රි ලංගම ගරු සභාපති – උපාලි මාරසිංහ මැතිතුමා
05. ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිතිවෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress