ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කම්පාවට පත්වෙයි
Posted on August 14th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් මේ දක්වා සිදු නොවීම සම්බන්ධයෙන් තමන් බලවත් කම්පාවට පත්වන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ එම ඛේදවාචකයට වගකිව යුතු සියලුදෙනා වහා නීතිය හමුවට පමුණුවන ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රැස්වීමක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ සිත් තුළ තවමත් බිය සහ සැකය පවතින බැවින් රටේ සෑම දෙනාටම නිතිය එක ලෙස බලපවත්න බවට රජය සහතිකයක් ලබාදිය යුතු බවයි.

සහතික කළ ලෙසින් පරීක්ෂණවල ප්‍රතිඵල දැනගැනීමට ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවත්, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම හදිසි සහ අත්‍යාවශ්‍ය කරුණක් බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා ජාතිය ආගම හෝ වෙනත් තත්ත්වයන් නොතකා රටේ නීතිය හමුවට වහා පමුණුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඊයේ නල්ලූරු කෝවිලේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress