යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම
Posted on August 16th, 2019

වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන

කෙටුම්පතකි
අතින් භාරදීම

2019 අගොස්තු මස වන දින.

රවින්ද්‍ර සමරවීර,
කම්කරු සහ වෘත්තීය සමිති අමාත්‍යතුමා
කම්කරු සහ වෘත්තීය සමිති අමාත්‍යංශය,
02 වන මහල,
කම්කරු මහ ලේකම් කාර්යාලය,
නාරාහේන්පිට,
කොළඹ 05.

ගරු අමාත්‍යතුමනි,

යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම

ඔබ අමාත්‍යංශය විසින් 2019 ජුලි මස 09 වන දින පවත්වන ලද කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරන ලද සේවා නියුක්ති පනතේ කෙටුම්පත එහි අඩංගුවන කම්කරු අයිතීන් බරපතල ලෙස කප්පාදු කිරීමේ නෛතික අවකාශ නිසාවෙන් එය වහා ඉල්ලා අස් කර ගැනීමට පියවර ගන්නා මෙන් ඔබගෙන් ඉල්ලා සිටීමට පහත අත්සන් කරන වෘත්තීය සමිති එAකමතිකව තිීරණය කළ බැව් මෙයින් දන්වා සිටින්නෙමු.

පුද්ගලික අංශයේ ලක‍ෂ 80 ක් පමණ වන සේවකයින්ගේ අවම සේවා කොන්දේසි නියමව ඇති පඩි පාලක සභා පනත, සාප්පු සහ කාර්යාල පනත, ප්‍රසූතිකාධාර පනත සහ ළමා හා තරුණ කාන්තාවන් සේවයේ යෙදවීමට බලපාන පනත යන පනත් අහෝසි කරන මෙම යෝජිත සේවා නියුක්ති පනත මගින් පැය 08 ක වැඩ දිනය අහෝසි කිරිම ඇතුලූ කම්කරුවන් මෙතෙක් බුක්ති විඳී නෛතිකව තහවුරු කර ඇති අයිතිවාසිකම් අහෝසි කරන්නකි. සේව්‍යා හා සේවකයා අතර එළැඹෙන සේවා නියුක්ති ගිවිසුම මගින් සේවා යෝජකයින් හට ඔවුන්ගේ අභිමතය පරිදි සේවා කොන්දේසි තීරණය කිරීමට ඉන් නෛතික අවසරයක් දෙන අතර එම සේවා කොන්දේසි සඳහා නීතිමය වලංගුතාවක් ලබා දීමටද පියවර ගෙන ඇත

මුලූ රටට පිලිලයක්ව ඇති zzමෑන් පවර්ZZ එAජන්සි සේවා මගින් සේවයේ යොදවන ඉතාමත් අශිලාචාර ක්‍රමවේදය නීත්‍යානුකූල කිරිමටද මෙම යෝජිත සේවා නියුක්ති පනත යොදා ගෙන ඇති අතර එමගින් සේවකයින්ගේ රැකියා සුරක‍ෂිතතාවය බලවත් තර්ජනයකට ලක් කරනු ඇත.

මෙම යෝජිත සේවා නියුක්ති පනත පුද්ගලික අංශයේ සේවකයින්ට පමණක් බලපාන්නක් ලෙස හැඳින් වුවද එහි දැක්වෙන අණ පනත් කි්‍රයාත්මක වුවහොත් එමගින් කිසිදු රැකවරණයක් නොමැති ශ්‍රම බලකායක් තහවුරු කෙරෙන බැවින් එය සමාජ ප්‍රශ්නයක් වනු ඇත. එලෙසින් එය රාජ්‍ය අංශයේ සේවකයින්ටද සමස්ත රටවැසියන්ටද අගතියක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

මෙම අගතිගාමී කෙටුම්පත සකස් කිරීමේදී, කම්කරු නීති සංශෝධනයකර ඉදිරිපත් කිරීමේ සිය`ඵම සම්ප්‍රදායන් බිඳිමින් ඇමෙරිකානු රාජ්‍ය ආයතනක්වන zzයූඑස්ඒඩ්ZZ ආයතනය සමග සංවර්ධන උපාමාර්ග හා විදේශ වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය අත්සන් තැබූ ව්‍යාපෘතියක එක් කි්‍රයාකාරකමක් ලෙස ඇමෙරිකානු උපදේශන සේවා සමාගමක් වන zzකෙමොනික්ස් ඉන්ටනැෂනල් ඉන්කෝපරේෂන්ZZ සමාගමේ උපදේශන මත සිදුවූවක් බව අපි දනිමු. එවගේම ජාතික කම්කරු උපදේශක සභාවෙහි ඒ ගැන සාකච්ඡා වූයේද නැත. එනිසා සියලූ සම්මතයන්ට පිටින් සියල්ලන්ට අහිතකර මෙම යෝජිත සේවා නියුක්ති පනත කිසිදු සාකච්ඡාවකින් තොරව මුලූමනින් ඉවත්කරන ලෙස පහත අත්සන් කරන අප වෘත්තීය සමිති එAකමතිකව ඔබගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී
අනු අංකය නම වෘත්තීය සමිතිය අත්සන

පිටපත් :-

  1. අතිගරු ජනාධිපතිතුමා
  2. ගරු අග්‍රාමාත්‍යතුමා
  3. ගරු විපක‍ෂනායකතුමා
  4. සියළු ජනමාධ්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress