පොලීසියේ රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ එජාප මන්ත්‍රීවරිය රිමාන්ඩ්
Posted on August 21st, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු, සහ ඇගේ් වැඩිමහල් සහෝදරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධියට අදාළව චෝදනා එල්ලවී වරෙන්තු ලබා සිටි මන්ත්‍රීවරියගේ පියා සහ 16 හැවිරිදි ඇගේ බාල සහෝදරිය මෙහිදී ඇප මත මුදා හැරුණා.
මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුව – සීනෝර් මංසන්ධියේදී පෙරේදා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා