විමල්ගෙන් තවත් හෙළිදරව්වක්
Posted on November 11th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය දරා ගත නොහැකි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ඉදිරියේදී පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රහාරයක් එල්ල කොට එහි වගකීම තමන් පිට පැවරීමේ උත්සාහයක නිරත වන බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට ඩලස් අලහප්පෙරුම මහතාද එක්වුණා.

මේ අතර මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress