පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනපති කියයි
Posted on November 21st, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට අගරදගුරු නිල නිවස වෙත පැමිණියේ අද පස්වරුවේයි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු සටහනක් ද තබනු ලැබුවා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංසරණයවීම පිලිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress