හිටපු ඇමති මංගලට මහා සංඝරත්නයෙන් විරෝධය
Posted on November 22nd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මෙරට සංඝ සමාජය කහ සිවුරක් දවටාගත් පමණින් ගෞරවය බලාපොරොත්තු නොවිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෞරවය ලබා ගැනීම සඳහා සංඝයාවහන්සේ බුදුන් වහන්සේගේ ධර්මයෙහි හැසිරිය යුතු බවයි.

මීට පෙර අවස්ථා ගණනාවකදී භික්ෂුන් වහන්සේට අගෞරව වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුගේ නවතම ට්විටර් පණිවුඩයක් හරහා මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

උපුටා ගැනීම
“කහ සිවුරු ගත වෙලාගත් පමණින් සංඝයා වහන්සේ ගෞරවය බලාපොරොත්තු නොවිය යුතුයි. ඔවුන් එම ගෞරවය ලබා ගැනීමට කළ යුත්තේ සැබෑ ලෙසින්ම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයෙහි හැසිරීමයි. ” උපුටා ගැනීම අවසන්.

මේ අතර, මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress