අගමැති අපේක්ෂකත්වය බාරගැනීමට නම් පක්ෂ නායකත්වය අවශ්‍යයි – සජිත්
Posted on December 17th, 2019

Courtesy Hiru News

පක්ෂ නායකත්වය නොමැතිව කුමන ලෙසකින්වත් අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළ ජනතාවට ස්තූතිය පල කිරීම සඳහා දිවයින පුරා පැවැත්වීමට නියමිත රැස්වීම් මාලාවේ පළමුවැන්න අද කොලොන්නාව ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

එම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතාද එක්වූ අතර, ඔහු ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ප්‍රසිද්ධ වේදිකාවකට පැමිණි පළමු අවස්ථාවද මෙයයි.

කෙසේවෙතත්, සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීමට විරෝධය පල කරමින් කොලොන්නාව ජනතා පවුර සංවිධානය අද කොලොන්නාව නගරයේදී විරෝධතාවක් පැවැත්වුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress