ඩිලන්ත ආරක්ෂාව ඉල්ලයි
Posted on December 17th, 2019

Hiru News

තමන් ඝාතනය කිරීමට තැත් කළ එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාට නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව අද රජයෙන්  ඉල්ලීමක් කළා.

තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව 2018 වසරේ ජුලි මස 7 වනදා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබුණා.

එ පාතාල කල්ලි සාමාජිකයෙකු තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරකට අනුවයි.

නාවලපිටියේ පිහිටි තමන්ට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත එවකට එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායක, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයාව සිටි බෙවන් පෙරේරා මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවටයි ඔහු සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමන්ගේ ජීවිතයට අවදානමක් පැවතුනද කිසිදු ආරක්ෂාවක් තවමත් ලැබී නොමැති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress