ඉලක්කය – ගෝඨාභය අදියර තුනකින් දියත්වූ ස්විස් රහස් මෙහෙයුම… තානාපති කාර්යාල සේවිකාව පැහැරගත් බව කියන සිද්ධියේ වරදකරු ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය බව ස්විස් රජය චෝදනා කරයි
Posted on December 29th, 2019

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම ඉරිදා දිවයින

arakshava499
arakshava2
arakshava3
arakshava4

⋆ ගෝඨාභය රාජපක්‍ෂ ගැන නිශාන්ත සිල්වා පරීක්‍ෂණ පවත්වන බව ස්විස් ප‍්‍රවෘත්ති ප‍්‍රධානියා දන්නේ කෙසේද?
⋆ ස්විස් තානාපති මොක් මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීම ගැනද එරෙහිවූවෙක්
⋆ රහස් පොලිස් පරීක්‍ෂණ හොඳ නැතිලූ
⋆ ස්විස් විදේශ ඇමැති ගානියාගේ ප‍්‍රබන්ධයට යළි මැදිහත් වෙයි
⋆ රටින් පැනගිය බස්තියන්
 
 මේ වසරේ මාර්තු මස ජිනීවාහි පැවැති මානව හිමිකම් සැසියේදී කොමසාරිස් මිචෙලි බැචලට් සිය විමර්ශන වාර්තාවෙන් රහස් පොලිසියේ නිලධාරියෙක් නීතිය කැපකිරීමට මුල්වූ විරුවකු ලෙස ඇගයීමට ලක්කළේය. ඒ රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වායි.
 
 ඇගේ එම විමර්ශන වාර්තාවේ මෙලෙස සඳහන් කර තිබුණි.
 
 ‘‘ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය – ප‍්‍රගීත්  එක්නැලිගොඩ අතුරුදන්වීම, කෙයිත් නොයාර් පැහැරගෙන යෑම, රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සහ නාවික බුද්ධි සේවාව විසින් 11 ක් අතුරුදන් කිරීම වැනි සිදුවීම ගැන විමර්ශන කළ ප‍්‍රධාන පරීක්‍ෂකවරයා වූයේ නිශාන්ත සිල්වායි. ඔහු මාරුකිරීමට කි‍්‍රයාකිරීමෙන් තහවුරුවන්නේ තවදුරටත් විමර්ශන සිදුකිරීම නතර කිරීමට උත්සාහයක් ඇති බවයි. ඔහු මාරුකිරීම ගැන පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු යළි රහස් පොලිසියට අනුයුක්ත කරනු ලැබීය. දේශපාලන මැදිහත්වීම නොතකා කටයුතු කිරීම පිළිබඳව මගේ ආචාරය ඔහු වෙත පිරිනමන්නෙමි.’’
 
 නිශාන්ත සිල්වා විමර්ශන සිදුකළේ පසුගිය රජයේ බලවත් පාර්ශ්වලට එරෙහිවය. මේ නිසා ඔහුගේ ජීවිතයටද බරපතල තර්ජනයක් මතුවිය. පසුගිය පාලනයට සම්බන්ධ දේශපාලකයන් සහ නීතිවේදීහු ප‍්‍රසිද්ධියේම ඔහුට තර්ජනය කළහ. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් නිශාන්ත සිල්වාට එරෙහිව පැවරූ නඩුව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක් පෙනී සිටියේ නැත.
 
 මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මේ ප‍්‍රකාශය ඇතුළත් වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයට ගෙන ඒමේ මෙහෙයුම දියත් විය.
 
 මේ සඳහා අවස්ථාව පැමිණෙන තුරු මෙහෙයුමට සම්බන්ධ වූවෝ බලාසිටියහ.
 
 රහස් පොලිසියේ පරීක්‍ෂකවරයා තමන්ට වටිනා නිලධාරියකු බව මේ මෙහෙයුමට සම්බන්ධ කණ්ඩායම අවබෝධ කරගෙන තිබුණි.
 
 එසේම 2016 දී රහසිගත රහස් පොලිස් වාර්තා කීපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබුණි. මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් රාද් හුසේන් එම රහස් පොලිස් වාර්තා තමා දුටු බව පිළිගෙන තිබූ අතර ඒ බව ඔහුගේ වාර්තාවේද සඳහන් කර තිබුණි.
 
 මේ බව 2016 ජනවාරි 24 වැනිදා ආරක්‍ෂක විශේෂාංගයෙන් විශේෂයෙන් :ෑංජකමිසඩැ* අප හෙළිකළත් යහපාලන රජය නිහඬ විය. ඉන් සනාථ වූයේ යහපාලන රජයද එම රහස් ලියවිලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යැවීමට සහාය වූ බවයි. මෙම රහස් ලියවිලිවල තිබුණේ පසුගිය රජය සිදුකළ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්ය. එලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන පරීක්‍ෂා කළේ වෙනින් කවුරුත් නොව නිශාන්ත සිල්වායි.
 
 මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් ප‍්‍රංශයේ සිට පැමිණි ජෙයනි ත්‍යාගරාජා නමැති තරුණිය තම සොහොයුරා අතුරුදන්වී නැති බවත් ඔහුව පැහැරගෙන ගොස් ඇති බවත් නිශාන්ත සිල්වා හෙළිකළ බව කියාසිටියාය. මේ පැහැර ගැනීම් සිදුකළේ 
 
 ගෝඨාභය රාජපක්‍ෂ සහ වසන්ත කරන්නාගොඩ මෙහෙයවූ සුදු වෑන් වලින් බව නිශාන්ත සිල්වා තවදුරටත් පැවසූ බව ජෙයනි සඳහන් කළාය.
 
 හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව ජෙයනි හෙළිකළ තොරතුරු ගැන අවධානය යොමුකළේ එම දෙදෙනා පමණකි. එවකට විපක්‍ෂයේ සිටි කිසිදු දේශපාලනඥයෙක් මේ බරපතල සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේදී හඬක් නැඟුවේ නැත. එදා නිශාන්ත සිල්වා සම්බන්ධ වූ එම සිද්ධිය ඉරිදා දිවයින විසින් අනාවරණය කරනු ලැබීය.
 
 මේ නිසා හිටපු ආරක්‍ෂක ලේකම්ට සහ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිශාන්ත සිල්වා වටිනා සාක්කිකරු බව බටහිර රටවල් සහ මානව හිමිකම් කවුන්සිලය තීරණය කළේය.
 
 ඒ අනුව සැලසුම ඒ :ඡුක්බ ්* දියත් විය. එම සැලසුම නොවැම්බර් 24 දා දියත්විය.
 
 මේ අනුව රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ප‍්‍රමුඛ පවුලේ අය නොවැම්බර් 24 දා ඉරිදා දිනයේ කටුනායකට පැමිණෙන ස්විස් එයාර් යානාවෙන් සුරිච් නුවර බලා ගෙනයනු ලැබීය. ඔහු කටුනායකට ඒමට පෙර නතරව සිටියේ කොළඹ තරු පහේ හෝටලයක බව අනාවරණය විය.
 
 කටුනායක ගුවන් තොටුපලින් ස්විස් එයාර් යානාවට ගොඩවනතුරු ඔහු සහ පවුලේ අය රැුඳී සිටිය යුත්තේ පිටත්වන ස්ථානයේයි. ඊට පෙර ඔහුගේ සහ පවුලේ අයගේ ගමන් බලපත‍්‍ර සහ වීසා බලපත් පරීක්‍ෂාවට ලක් කෙරේ.
 
 මෙම ස්ථානයේ සිටින නිලධාරියා වීසා බලපත් පරීක්‍ෂා කරන්නේ කුඩා විශේෂ උපකරණයකිනි.
 
 ස්විස් වීසා බලපත‍්‍රය දුටුගමන් ඔහු අසන්නේ ඔබ ස්විස් යන්නේ කුමකටද කියායි.
 
 එහෙත් නිශාන්ත සිල්වා සහ පවුලේ අයට එම නිලධාරියාගෙන් ප‍්‍රශ්නයක් ඇතිවුණේ නැත.
 
 රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් ඉවත් කරගැනීමේ :ැඩ්ජම්එසදබ* සැලසුම සාර්ථක වූයේ කිසිදු ආකාරයකින් ඔහුගේ ගමනට අවහිර නොවූයේ රජයේ බලධාරීන් ඔහු කටුනායකට යෑම ගැන වසන් කිරීම නිසාය.
 
 එහිදී සිදුවූයේ නිශාන්ත සිල්වා රටින් පැනගියා නොව ඇමරිකාව – බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඔහු ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමේ සැලසුම කි‍්‍රයාත්මක වීමෙනි.
 
 නොවැම්බර් 24 දා සවස නිශාන්ත සිල්වාගේ සිද්ධිය රජයේ බලධාරීන්ට අනාවරණය වූ අතර ඒ ගැන ස්විස් බලධාරීන් රජය කිසිදු තොරතුරක් හෙළිකළේ නැත.
 
 මෙම රහස් පරීක්‍ෂක නිලධාරියා මෙරටින් ඉවත්කර ගැනීමට දියත් වූ සැලැස්ම කි‍්‍රයාත්මක වී පැය 24 ක් ගතවීමට මත්තෙන් බී සැලසුම :ඡුක්බ ඊ* දියත් විය. ඒ නොවැම්බර් 25 දා ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සුදු වෑන් එකකින් පැහැරගෙන ගිය බවට ප‍්‍රචාරයක් ස්විස් තානාපති කාර්යාලය සමඟ සබඳකම් පවත්වන වෙබ් අඩවියක් සහ කොටි වෙබ් අඩවියක් විසින් හෙළිකිරීමයි.
 
 එහෙත් ස්විස් තානාපති කාර්යාලය නිලවශයෙන් ඒ ගැන රජයට හෝ රහස් පොලිසියට පැමිණිලි කර තිබුණේ නැත.
 
 නොවැම්බර් 27 දා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වී දින කිහිපයකට පසු එම පැහැරගැනීම් සිදුවී ඇති බවත් රජය විවේචනය කළ සමහරු පලාගොස් ඇති බවත්ය.
 
 එසේවුවත් ඒ වනවිට කිසිදු අයෙක් මෙරටින් පලාගොස් තිබුණේ නැත.
 
 මෙවන් පසුබිමක් මැද රහස් පොලිසිය නිශාන්ත සිල්වා සුරිච් නුවරට ගියේ කෙසේදැයි විමර්ශන කිරීම ආරම්භ කර නොතිබුණි.
 
 රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ පවුලේ අයට සංක‍්‍රමණික වීසා ලබාදී තිබුණේ ස්විස් තානාපති කාර්යාලයෙනි. මේ බව ස්විස් තානාපති පීටර් ගාන්ස් මොක් නොදැන සිටි බව කිවහැකිද?
 
 ඔහුට සහ පවුලේ අයට ගුවන් ටිකට් පත් නිකුත් කර තිබුණේ ස්විස් එයාර් ගුවන් සේවාවේ නියෝජිත කොළඹ ව්‍යාපාරික සමාගමකි. ඒ ගැන රහසේ පොලිසිය මෙතෙක් පරීක්‍ෂණ කර නැත.
 
 මේ අතර ඡුක්බ ක්‍ සැලසුම කි‍්‍රයාත්මක විය. එම සැලසුම නම් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් බව කියන සිද්ධිය බරපතල කි‍්‍රයාවක් බව ස්විස් රාජ්‍ය ඇමැතිනිය කියා සිටීමයි.
 
 මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ කොළඹ එන්.ජී. ඕ ප‍්‍රධානියකුට පාක්‍යසෝති සරවනමුත්තු හෙවත් පී. සරා මෙහෙයවන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙරට මාධ්‍යවලට චෝදනා කරමින් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගැනීමට ලක්වීම සහ ලිංගික හිංසනයකට ගොදුරුවී ඇති බවත් එම නිලධාරිනියගේ අනන්‍යතාව හෙළිකිරීමට මාධ්‍ය කි‍්‍රයාකර ඇති බවත් කියා සිටියේය.
 
 මෙවන් පසුබිමක් මැද ස්විස් තානාපති කාර්යාලය සිය ඞී සී සැලසුම :ඡුක්බ ක්‍* ආරම්භ කළේය. සුරිච් නුවර සිට කටුනායකට පැමිණෙන ස්විස් එයාර් ගිලන් යානාවකින් ගානියා ප‍්‍රැන්සිස් නමැත්තිය ස්විට්සර්ලන්තයට ගෙනයාම ස්විස් තානාපතිගේ අරමුණ විය. එහෙත් රජය රහස් පොලිසිය ලවා ඇයට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් එම සැලසුම ව්‍යර්ථ විය. යම් ලෙසකින් නිශාන්ත සිල්වා ඉවත්කරගැනීමට කි‍්‍රයාකළ අයුරින් ගානියාට ස්විට්සර්ලන්තයට යාමට හැකිවූයේ නම් ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව සුදු වෑන් කතාව ඇය සිය බොරු සාක්කි වලින් ජාත්‍යන්තරය හමුවේ ප‍්‍රචාරය කරනු නියතය.
 
 ගානියා සම්බන්ධ රහස් පොලිසිය අනුගමනය කරන කි‍්‍රයාමාර්ග සෑම දිනකම කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යැවීමට කි‍්‍රයාකරන බව දැන් අනාවරණය වී ඇත.
 
 මේ අතර තවත් විස්මයජනක සිද්ධියක් හෙළි විය. පසුගිය දෙසැම්බර් 10 දා දහවල් ස්විස් තානාපති පීටර් හාන්ස් මොක් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය. ඔහු පැමිණියේ තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය වූ සිඩෝනියා 
 
 ගබ්රියෙල් සමගය.
 
 ස්විස් තානාපතිනිය ජනපති හමුවූයේ ජනපතිවරණ ජයග‍්‍රහණයෙන් දින 29 කට පසුවය.
 
 ඔහු කපන්නට බැරි අත සිඹින්නාක් මෙන් ජනපති වෙත පත්වීම ගැන ශුභ පැතීය. තානාපති හාන්ස් පීටර් මොක් ජනපති හමුවීමට විසිනවදිනකට පසුව පැමිණියේ ස්විස් තානාපති කාර්යාලයේ බී සැලසුම රහස් පොලිස් විමර්ශනවලින් හෙළිවීම නිසාය.
 
 මෙලෙස ගානියා ප‍්‍රැන්සිස් ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රතිරූපය කුඩුපට්ටම් කිරීමේ ප‍්‍රබන්ධයක් ගෙතූ බවට තහවුරු වීම නිසා ඇය අත්අඩංගුවට 
 
 ගැනීමෙන් ස්විස් රජය කලබලයට පත්විය.
 
 එම අත්අඩංගුවට ගැනීම ගැන ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය දෙසැම්බර් 17 වැනිදා ප‍්‍රකාශයක් කරමින් පැවසුවේ රහස් පොලිසිය පැය 30 ක් තිස්සේ ගානියාගෙන් ප‍්‍රශ්න කිරීම වැරදි බවයි. එහෙත් රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා යුද හා නාවික හමුදා නිලධාරීන්ගෙන් දින ගණනක් ප‍්‍රශ්න කිරීම ගැන ස්විස් රජය නිහඬව සිටියේය.
 
 මේ හැර ගානියාගෙන් ප‍්‍රශ්න කළ යුත්තේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්වලට අනුකූලව බවද පරීක්‍ෂණ නිසි ලෙස සිදු නොවන බවද ස්විස් රජය ශ‍්‍රී ලංකාවට චෝදනා කළේය.
 
 යහපාලන රජය සමයේ රහස් පොලිසිය විමර්ශන කටයුතු ගැන ඇගයීමට ලක්කළ බටහිර තානාපති කාර්යාල (ස්විස් රජය ඇතුළුව* අද රහස් පොලිස් පරීක්‍ෂණ නිසිලෙස නැතැයි පවසන්නේ මන්ද?
 
 එසේම තානාපති කාර්යාලයේ නිලධාරිනියට උපරිම සහාය දක්වන බවද ස්විස් රජය තවදුරටත් කියා සිටියේය.
 
 මේ අතර මෙරට ස්විස් තානාපති හාන්ස් පීටර් මොක්ගේ යටගියාවද විමර්ශනය කළ යුතුය. 
 
 පසුගියදා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික‍්‍රමසිංහ පහකර මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත්කළ අවස්ථාවේ ඊට එරෙහි වූයේ මේ තානාපතියායි. ඔහු රනිල් සහ මෛත‍්‍රිපාල සමඟ විටින් විට සාකච්ඡුා පවත්වා ඇත. මේ නිසා ස්විස් තානාපති මොක් තානාපතිවරුන් සඳහාවූ වියනා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙද්දී විදේශ කටයුතු අමාත්‍යාංශය නිහඬ විය.
 
 මේ තත්ත්වය මැද ස්විස් රජය බලාපොරොත්තු වන්නේ 
 
 ගානියා ප‍්‍රැන්සිස් නමැත්තිය රහස් පොලිස් පරීක්‍ෂණ සහ අධිකරණ කි‍්‍රයාදාමයෙන් මුදාගෙන ස්විස්ටර්ලන්තයට ගෙනයෑමයි.
 
 එහෙත් රජය දැඩි ස්ථාවරයක් ගෙන ඇත. ඒ අපේ 
 
 පැහැරගැනීමේ ප‍්‍රබන්ධය පසුපස සිටින ඩොක්ටර් ජැකිල් ඇන්ඞ් මිස්ටර් හයිඞ් නමින් හැඳින්වෙන එකම පුද්ගලයා සොයා 
 
 ගැනීමයි.
 
 මේ වනවිට එම පසුබිමේ සිදුවීම්වලට සම්බන්ධ බස්තියන් නමැත්තිය මෙරටින් පැනගොස් තිබේ. එහෙත් ඇගේ සහායක තැනැත්තියක් තවදුරටත් රජයේ ඉංග‍්‍රීසි මාධ්‍යයක සේවය කරයි. මේ විදේශ සම්භවයක් ඇති තැනැත්තිය කවුදැයි බුද්ධි සේවාවන්ට හෙළිවී ඇත. ඇය උදේට පුවත්පත් කාර්යාලයේත් සවසට ද්‍රවිඩ සන්ධාන නීතිවේදියකුගේ කාර්යාලයේත් සේවය කරයි.
 
 රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා යුද සහ නාවික හමුදා නිලධාරීන් ගැන සාවi තොරතුරු රැුසක් සපයා ඇත්තේ මෙම තැනැත්තිය බව හෙලිවිය. නිශාන්ත සිල්වා ලබාදුන් තොරතුරු මත ඇය පසුගිය ඔක්තෝබර් 18 වැනිදා රහස් පොලිසිය අත්අඩංගුවට ගත් ආරක්‍ෂක හමුදා නිලධාරීන් සංඛ්‍යාව 48 ක් බව හෙළිකළාය.
 
 මේ අනුව නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන් පිරිස මෙසේය.
 
 නාවික හමුදා නිලධාරීන් 17
 
 හමුදා නිලධාරීන් 30
 
 මේ අතර මේ සතියේ සඳුදා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වනු ලැබීය. මේ මාධ්‍ය සාකච්ඡුාවට පැමිණි ඇතැම් පාර්ශව දුටු අපි මවිතයට පත්වූයෙමු. ඒ හිට්ලර් – මිනීමරුවා – ටර්මිනේටර් යැයි ගෝඨාභය රාජපක්‍ෂට ඇමතූ පිරිස ලැජ්ජාවකින් තොරව පැමිණ සිටීමයි. ඔවුන් අතර ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ධුරය දරන සමයේ හමුදා භටයන් තමාව මරාදැමීමට නිවසට රිංගූ බවට මහත් ඝෝෂාවක් කළ තැනැත්තියක්ද විය.
 
 ඊට අමතරව එන්ජී ඕ වලට සම්බන්ධ දෙදෙනෙක්ද විය. මෙහිදී එන්ජී ඕ කාරයෙක් ජාතික ආරක්‍ෂාව සහ සමගිය එක්ව කි‍්‍රයාකළ යුතු බවට ජනපති වෙත උපදෙසක් දීමටද ඉදිරිපත් විය. ඔහුට බඩපිරෙන්න ප‍්‍රතිචාර ලැබුණි. ත‍්‍රස්තවාදය මර්දනය කරන තුරු මොන සමගියක්දැයි ජනපතිවරයා ඔහුට ප‍්‍රතිචාර දැක්වීය. ලන්ඩන් නුවර සිට කි‍්‍රයාත්මක වන අයි. බී. සී නමැති කොටි හිතවාදී රූපවාහිනියේ නියෝජිතයකුද එම මාධ්‍ය සාකච්ඡුාවට පැමිණ සිටියේය.
 
 ඔහු අතුරුදන්වූවන් ගැන ප‍්‍රශ්න කළේය. සටන් බිමට ගොස් ආපසු නොපැමිණි අය අතුරුදන්වූවන් ලෙස සලකනවා. අපේ හමුදා භටයන් 6000 ක් අතුරුදන් වුණා. මුහමලෙයි සටනේදී මියගිය අපේ භටයන්ගේ සිරුරු ආපසු ගෙනඒමට පවා හැකිවුණේ නැතැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් කියා සිටියේය.
 
 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි කොටි හිතවාදීන් එක්ව ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව හඬ නැඟූ ද්‍රවිඩ පුවත්පතක කොටි හිතවාදියෙක්ද මේ සාකච්ඡුාවට පැමිණ සිටියත් ඔහු ප‍්‍රශ්න ඇසීමෙන් වැළකුණි.
 
 මේ පසුබිම මැද ස්විස් ප‍්‍රවෘත්ති සේවයේ ප‍්‍රධානි බයිස් රින්පෙන්සිජෙර් වත්මන් රජය සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පවා නොදන්නා පුවතක් හෙළිකර ඇත. ස්විට්සර්ලන්තයට පැමිණි රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ගෝඨාභය රාජපක්‍ෂ 
 
 ගැන පරීක්‍ෂණ කළ බව ස්විස් ප‍්‍රවෘත්ති සේවය හෙළිකිරීමට කි‍්‍රයාකිරීම එම පුවතයි.
 
 මේ අතර ස්විස් තානාපති හාන්ස් පීටර් මොක් පසුගිය සඳුදා දහවල් ජනපති 
 
 ගෝඨාභය රාජපක්‍ෂ හමුවී පැය 2 කට පසු ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා රජයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප‍්‍රකාශයක් නිකුත් කළේය.
 
 එහි සඳහන් වූයේ නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන බවත් අසනීප තත්ත්වයෙන් පසුවූ ගානියා බැරිස්ටර්ගෙන් රහස් පොලිසිය පැය 30 ක් ප‍්‍රශ්න කළ බවත්ය.
 
 එසේම ඇගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් පරීක්‍ෂණ පැවැත්විය යුතු බව ශ‍්‍රී ලංකාවට උපදෙස් දෙන ස්විස් රජය එම පරීක්‍ෂණ වර්ධනය වන අයුරු ගැන අවධානයෙන් සිටින බවද වැඩිදුරටත් කියාසිටියේය.
 
 මෙහිදී නැෙඟන බරපතල ප‍්‍රශ්නය ස්විස් රජයට රහස් පොලිසිය පරීක්‍ෂණ කළ යුතු ආකාරය ගැන උපදෙස් දිය හැකිද? යන්නය.
 
 මේ අතර ස්විස් විදේශ ඇමැති ඉග්නේසියස් කැස්සිස් යලිත් වරක් ගානියා ප‍්‍රැන්සිස්ගේ ප‍්‍රබන්ධයට මැදිහත් විය. ඔහු විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන අමතනු ලැබීය. ගානියා ප‍්‍රැන්සිස් ශ‍්‍රී ලාංකික කාන්තාවක් බවත් සියළු විමර්ශන නීතිය මත කි‍්‍රයාත්මක වන බවත් ඇමැතිවරයා ඔහුට කියා තිබිණි. පසුගිය රජය සමයේ සිදුවූයේ තානාපතිවරුන්ට හිස නැමීමයි. එහෙත් මෙවර එවැන්නක් සිදුවූයේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress