දැනුම ඒකරාශී කිරීමට ඉදිරියේ දී විද්‍යාත්මක සමුළුවක් පවත්වා එම තොරතුරු රජයට යොමු කරනවා. – රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල.
Posted on January 2nd, 2020

ප්‍රවෘත්ති නිවේදනය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය.

දැනුම ඒකරාශී  කිරීමට ඉදිරියේ දී විද්‍යාත්මක සමුළුවක් පවත්වා එම තොරතුරු රජයට යොමු කරන බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. අද දින (02)  මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ 2020 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. මෙහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ වගවීම තිබෙන්නේ හෙට දවස වෙනුවෙන්. අපේ රටේ දරුවන්ට ඉදිරියේදී මීට වඩා දියුණු රටක් උරුම කර දීම අපේ යුතුකමක් වෙනවා. විද්‍යාත්මක පදනමක් හා අත්දැකීම් තුළින් තාක්ෂණය ගොඩනැගෙනවා. ඒ තුළින් සමාජයක් රටක් සංවර්ධනයට ඉඩ සැලසෙනවා. ඒ නිසා රටේ සංවර්ධනය වෙනුවෙන් විශ්වාසයක් ඇති වැඩපිළිවෙළක් තුළින් රජයට තාක්ෂණික උපදේශයක් අපේ අමාත්‍යාංශය ලබා දිය යුතුයි.  ඒ සඳහා ඉක්මනින්ම විද්‍යාත්මක සමුළුවක් පැවැත්වීමට අපි සූදානම් වෙනවා. ඒ තුළින් දැනටමත් නිර්මාණය කර ඇති ජාතික පර්යේෂණ හා සංවර්ධන රාමුව පිළිබඳව නැවත කතිකාවක් සිදුකරමින්, එහි සඳහන් තාක්ෂණික අංශ තුළ අපි දැන් සිටින තත්ත්වය පිළිබඳවත්  ලෝකයට ගැළපෙන ලෙස ඉදිරියේ දී යා යුතු ඉලක්ක පිළිබඳවත් අවධානය යොමු කරමින් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමට කටයුතු කරනවා. ”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය.

One Response to “දැනුම ඒකරාශී කිරීමට ඉදිරියේ දී විද්‍යාත්මක සමුළුවක් පවත්වා එම තොරතුරු රජයට යොමු කරනවා. – රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල.”

  1. aloy Says:

    This is an excellent idea. We can then hear from the experts who have been appointed to high powered panels and separate wheat from chaff.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress