RANJANGATE SCANDAL-ශානි අබේසේකරගේ වැඩ තහනම් – පොලීසිය අපකීර්තියට පත් කළ බවට චෝදනා
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරු කර වැඩතහනමට ලක් කර තිබෙනවා.

ඔහුට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇති බවයි එහි ලේකම් නිශාන්ත වීරසිංහ කියා සිටියේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress