RANJANGATE SCANDAL – රන්ජන් කලේ කැත වැඩත්… ඔහුගේ නිවසේ තිබී පොලිසිය හඬ පටවල මුල් පිටපත් ගෙන කියා..- රන්ජන්ගේ හඬපට සත්‍ය ඒවා බව හිරුණිකා කියයි..
Posted on January 8th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

රන්ජන් රාමනායක මහතා විසින් දුරකථන ඇමතුම් හරි පටිගත කිරීම වැරදි වැඩක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අවසානයේ සිදුවූයේ එම වරදම ඔහුට පාරාවළල්ලක් වී පැමිණීම බවද ඇය කියා සිටියාය.

දුරකථන සංවාද සීඩී තැටිවලට පිටපත් කර තමන් ළඟ ඔහු ළඟ තබාගෙන සිටිය බවද ඇය සඳහන් කරන්නීය.

රාමනායක මහතා ළඟ රාජකාරි කරමින් සිටි පුද්ගලයකු තරහ වී එතනින් ඉවත් වී යද්දී මෙම සංයුක්ත තැටි පිටපත් රැගෙන ගිය බවත් පසුව එම තොගය කිසියම් රූපවාහිනි නාලිකාවන්ට භාරදී ඇතැයිද තොරතුරු ඇති බව ඇය කියා සිටියාය.

ඉන්පසු පොලිසිය මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි කිරීමේදී අදාළ පිටපත් වල මුල් සීඩී තැටි සොයා ඒවා රැගෙන ගොස් ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොළඹදී පැවැති මාධ්‍ය ඇය මෙම අදහස් පල කරන ලදී.

හිරුනිකා..

ගොඩක් අයගේ හිතේ තියෙන ප්‍රශ්නයකට හිරුනිකර් අක්කා උත්තර දෙනවා ..

Posted by Tharuna Aruna on Þriðjudagur, 7. janúar 2020

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress