RANJANGATE SCANDAL – රන්ජන් සහ දිල්රුක්ෂි වික්‍රමසිංහගේ හඬපටයකුත් එළියට
Posted on January 10th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර සිදුවූ දුරකතන සංවාදයක හඬ පටයක් අද සිංහලේ සංවිධානය මාධ්‍ය වෙත අනාවරණ කළා.

එහිදී අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න සම්බන්ධයෙන් ද ඔවුන් සංවාදයේ යෙදෙන අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ සංවිධානයේ, ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව විසින්.

එමෙන්ම, සිංහලේ සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත අනාවරණ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress