RANJANGATE SCANDAL – එක්නැලිගොඩ හා දයා රත්නායක ඝාතකයා චම්පිකයි..- රන්ජන්ගේ තවත් හඬ පටයකින් සාක්‍ෂි ලැබේ..
Posted on January 11th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ රහස් පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා අතර සිදු වූ දුරකථන සංවාදයකින් ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් හෙළිවී ඇති බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.

එක්නැලිගොඩ අතුරුදහන් වූ දිනයේදීම දයා රත්නායක නම් පුද්ගලයකු අතුරුදහන් වූ එය සිදු කර ඇත්තේ එකම කණ්ඩායමකින් බවත් ශානි අබේසේකර විසින් රන්ජන් රාමනායක මහතාට එම හඬපටයේදී සඳහන් කරයි.

දයා රත්නායක යනු චම්පික රණවක මහතාගෙන් ළඟම හිතවතෙක් බවත් රණවක මහතාගේ පුද්ගලික ජීවිතයේ සියලු දේ දන්නා පුද්ගලයෙක් බවද අජිත් ප‍්‍රසන්න මහතා පැවසීය.

දයා රත්නායකගේ මිනීමරුවාද චම්පික රණවක යැයි චෝදනා කල අජිත් ප‍්‍රසන්න මහතා ප්‍රදීප් එක්නැලිගොඩ හා දයා රත්නායක යන දෙදෙනාගේම මිනීමරුවා චම්පික රණවක යයි බිය නැතුව පවසන්නේද කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress