RANJANGATE SCANDAL – FCID හිටපු ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකුට කළ බලපෑම් ගැන හෙළිවන රන්ජන්ගේ තවත් හඬපට එළියට
Posted on January 11th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් නව සිංහල රාවය සංවිධානය අද මාධ්‍ය වෙත අනාවරණ කළා.

එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කරවීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අදහස් පළ කරන අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව හෙළිදරව් කළේ නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින්.

මේ අතර, සිංහල රාවය සංවිධානය ද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ ස්විස්ටර්ලන්තයට පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයක් අද මාධ්‍ය වෙත අනාවරණ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress