රාජ්‍ය නිලධාරින් සිය වෘත්තිය ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි
Posted on January 14th, 2020

– ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ කියයි

රාජ්‍ය නිලධාරීන් සිය වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි අරියවංශ මහත්මිය මාධ්‍ය නි‍වෙදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ෙ පසුගියදා හෙළිදරව් වූ හඩපට ආදිය මඟින් රාජ්‍ය නිලධාරීන්ගේ විනිවිද භාවය පිළිබඳ ගැටළු රැසක් මතුවී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සතුව පැවති බව සඳහන් වන හඩ පට රැසක අධිකරණ, පොලිසිය ඇතුළු අංශ ගණනාවක රාජ්‍ය නිලධාරීන්ගේ බව කියන හඩ කොටස් ඇතුළත්ව තිබූ බවත් එම හඩපට අනුව මෙරට සමස්ත රාජ්‍ය සේවයේම විනිවිද භාවය පිළිබඳව ගැටළුවක් මතුවන බව සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. විශේෂයෙන් අධිකරණය සහ පොලිසිය ස්වාධින බවට මෙරට ජනතාව අතර පැවති මතය එම හඩපට මඟින් අහෝසි වී ගොස් ඇති බව ඇය සඳහන් කර තිබේ. මෙරට සාමාන්‍ය ජනයා තවදුරටත් නීතිය සහ පොලීසිය  පිළීබඳව තබා ඇති විශ්වාසය එම හඩ පට නිසා පළුදු වී ඇති බවත් එය ඉතා බරපතල තත්වයක් බවත් ආරියවංශ මහත්මිය සඳහන් කරයි.

මුදලට හෝ වෙනත් වරප්‍රසාද සදහා වහල් වන රාජ්‍ය සේවාවකින් සැබෑ ජනතා සේවයක් අපේක්ෂා කළ නොහැකි බව ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. ස්වාධින රාජ්‍ය සේවා කෙමිෂන් සභා වැනි ආයතන කොතරම් පිහිටුවා තිබුනද මෙරට ස්වාධින රාජ්‍ය සේවාවක් පිහිටුවාගැනීමට නොහැකි වීම ඉතා කණගාටුදායක තත්වයක් බව ද ශ්‍රීි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. මේ නිසා විශේෂයෙන් ජනතා බදු මුදලින් වැටුප් ලබන ජනතා  සේවකයින් මීට වඩා විනිවිද භාවයකින් යුක්තව සිය වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය අවධාරණය කරයි.

(මෙම නිවේදනයට අදාලව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මියගේ හඩ පටය සහ ඡායාරූප මේ සමඟ යොමු කර ඇත)

මාධ්‍ය ඒකකය

ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය

2020 ජනවාරි 14 වනදා 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress