ඔපරේෂන් ගානියා ප‍්‍රැන්සිස්…. මෙහෙයුමේ වෙස් මුහුණ ගැලවෙයි
Posted on January 25th, 2020

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

gani555

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියේ අබිරහස් තොරතුරු රැසක් මේ වන විට හෙළි වී ඇත.

එම සිද්ධියට අදාළ සිදුවීම් මෙසේය.

2019 නොවැම්බර් 20 දා ගෝඨාභය රාජපක්‍ෂ ජනපති ලෙස දිවුරුම් දීම.

2019 නොවැම්බර් 21 රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරිය වූ ඞී. බී. නමින් හඳුන්වන තැනැත්තිය හිටි හැටියේම ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑම.

ස්විට්සර්ලන්තයට යෑමට වීසා බලපත‍්‍රයක් ලබා ගැනීමට වී. එස්. එෆ්. ග්ලෝබල් සමාගම හරහා අයැදුම් කළ යුතු අතර ඊට සති 2 – 3 ක් අතර කාලයක් ගත වේ.

එහෙත් ඞී. බී. නමැත්තියට පැය 24 කදී ස්විස් තානාපති කාර්යාලයෙන් වීසා බලපත‍්‍රය ලබා ගැනීමට හැකිිවිය.

ඉන්පසු නොවැම්බර් 24 වැනිදා රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ පවුලේ අය ස්විස් එයාර් යානාවකින් සුරිච් බලා ගෙන යනු ලැබීය.

එසේ වුවත් කටුනායක රහස් පොලිස් කාර්යාලය මේ බව රජයට දැන්වූයේ නැත. මොහු සුරිච් නුවරට පැමිණීම ගැන ස්විස් මාධ්‍ය පැවසුවේ මරණීය තර්ජන එල්ලවීම නිසා ස්විට්සර්ලන්තයට පැමිණි බවය.

නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පැමිණියාට පසු නොවැම්බර් 25 දා ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැවසුවේ තමාව පැහැර ගැනීමට උත්සාහ කළ බවයි. එහෙත් ඇය පොලිසියට පැමිණිලි කළේ නැත.

මේ සිද්ධිය මුලින්ම හෙළිකළේ ජර්මනියේ සිටින රංජිත් ලොහොබිලර් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටි මෙහෙයවන වෙබ් අඩවියයි.

එම හෙළිදරව්වෙන් පසු ස්විස් තානාපති කාර්යාලය කෝපාවිෂ්ට වී රජයට චෝදනා කරනු ලැබීය. ඒ සමගම ඩොලර් අරමුදල් ලබන කොළඹ එන්.ජී. ඕ. කල්ලිය ස්විස් තානාපති පීටර් මොක් හමුවී අපි නුඹ සමඟ සිටිනවා යැයි පවසනු ලැබීය.

මේ නිසා රජයට එරෙහිව අවි අමෝරාගත් පීටර් මොක් සුරිච් ගුවන්තොටුපලේ සිට කටුනායකට ගිලන් ගුවන් යානාවක් ගෙන්වා ගානියා ප‍්‍රැන්සිස්ව සුරිච් ගෙන යෑමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. මෙම සිද්ධිය ගැන විමර්ශන පැවැත්වීමට රහස් පොලිසියේ අලූත් කණ්ඩායමකට හැකි විය.

මේ වන විට එනම් නොවැම්බර් 27 දා ශ‍්‍රී ලංකාවේ රජය විවේචනය කරන්නන්්, මර්දනය ආරම්භ වීම ගැන බියට පත් වී සිටින බවත් සමහරු රටින් පලාගොස් ඇති බවටත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තාවක් පළකර තිබිණි.

මේ වාර්තාවේ ඉලක්කය ජනපති ගෝඨාභය රාජපක්‍ෂයි. මේ වාර්තාව එම පුවත්පතට ලියා තිබුණේ මාරියා අබි හබිඞ් සහ සමීර් යසිර් යන වාර්තාකරුවන් දෙදෙනායි. එහෙත් ‘දිවයින’ මේ වාර්තාව පසුබිමේ සිටියේ ඞී. බී. නමැත්තිය බව හඳුනාගනු ලැබීය. මේ ඞී. බී. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කොළඹ වාර්තාකාරිනියයි.

ga444

ඇය මෙයට පෙර එනම් 2015 මැතිවරණය සඳහා මහින්ද රාජපක්‍ෂ චීනයෙන් අරමුදල් ලබාගත් බවට වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර තිබුණි. යහපාලන රජය සමයේ ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණි අතර ඇගේ සමීප පුටුවේ වාඩි වී සිටියේ එන්.ජී. ඕ. ක‍්‍රියාකාරිනියක් වූ නිමල්කා ප‍්‍රනාන්දුය. (අප සතුව ඡුායාරූප කිහිපයක් ද ඇත.*

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ දේශපේ‍්‍රමීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ විරෝධතා දක්වන අවස්ථාවේ ඞී. බී. නමැත්තිය එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ව ඡුායාරූපගත කළාය.

මේ අතර බළලා මල්ලෙන් පැන්නා යන කියමන සනාථ කරමින් රහස් පොලිසිය ගානියා ළඟ තිබූ ජංගම දුරකථනය විමර්ශනයට ලක් කරනු ලැබීය. එහිදී හෙළිවූයේ ගානියා භාවිතා කළ සිම්පත ප‍්‍රංශ පුවත් සේවයේ ලංකා පරණමාන නමැත්තියට හිමිව තිබූ බවත්, එය ඞී. බී. නමැත්තියට ලබා දී තිබූ බවත් ය. මේ ඞී. බී. නමැත්තිය එය ගානියා ප‍්‍රැන්සිස්ට ලබා දී තිබේ.

දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව ගානියා මේ දුරකථනයෙන් රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා, ඞී. බී. නමැත්තිය සමඟ ද රජයේ මාධ්‍ය ආයතනයක හිටපු ප‍්‍රධානියා ඞී. බී. නමැත්තිය සමඟ ද සාකච්ඡුා කර ඇති බව හෙළිවිය.

එසේම රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර, පො. පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමඟ ද සාකච්ඡුා කර ඇතැයි වැඩිදුරටත් හෙළිවිය.

මේ තොරතුරු හෙළිවුයේ ජනවාරි 21 දා රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වලිනි. එහෙත් ඞී. බී. නමැත්තිය ස්විට්සර්ලන්තයට පැනගිය බව ‘ඉරිදා දිවයින’ විසින් මුලින්ම හෙළිකරනු ලැබීය.

ඞී. බී. නමැත්තිය ස්විට්සර්ලන්තයට ගොස් ඇතැයි රහස් පොලිසිය හෙළිකරන අවස්ථාවේ ඇය ලන්ඩන් නුවරට පැමිණියාය. දැන් ඇය ලන්ඩන් නුවර කෙන්ට් ප‍්‍රදේශයේ නතර වී සිටී. එසේ වුවත් රහස් පොලිසියට ඒ බව හෙළි වී නැත.

මේ ඞී. බී. නමැත්තියගේ සැමියා විදේශ සේවයේ නිරත වූවෙකි. වත්මන් රජය හෝ රහස් පොලිසිය මේ බව දන්නේ ද? ඇය ස්විට්සර්ලන්තයට ගිය දිනයේම සිය ජංගම දුරකථනය අක‍්‍රිය කර තිබිණි. ඞී. බී. නමැත්තිය නොවැම්බර් 21 දා මෙරටින් යෑමට පෙර ගානියා ප‍්‍රැන්සිස් සමග තත්පර 160 ක කාලයක් සාකච්ඡුා කර ඇති බව හෙළි වී ඇත.

මේ නිසා තහවුරු වන්නේ ගානියා – ඞී. බී. – නිශාන්ත – ශානි එක්ව ඉතා රහසිගතව ජනපතිට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බවය.

මේ අතර ඞී. බී. නමැත්තිය ලන්ඩන් යන විට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ද ලන්ඩන් වෙත පැමිණ සිටි බව අනාවරණය විය.

ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියේ පසුබිම මෙලෙස හෙළිවන අවස්ථාවේ නොවැම්බර් 27 සිට ශ‍්‍රී ලංකාවට එරෙහිව තදින් සිටි තානාපති පීටර් මොක් අසරණ තත්ත්වයට පත්වී ඇත. බර්න් නුවර ස්විස් විදේශ කටයුතු කාර්යාලය ද මේ දක්වාම ගානියාගේ දුරකථන දත්තවලින් හෙළි වූ තොරතුරු ගැන කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

මෙම දුරකථන දත්ත හෙළිදරව්වීම වැළැක්වීම සඳහා ස්විස් තානාපති කාර්යාලය ගානියා ප‍්‍රැන්සිස්ට වියානා සම්මුතිය යටතේ තානාපති වරප‍්‍රසාද හිමි වී ඇති බව දක්වා තිබේ.

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කිරීමට පුනපුනා බලා සිටින මාධ්‍ය සංවිධාන ද පුටුවෙන් බිමට ඇද වැටුණු තත්ත්වයට පත්වී ඇත.

ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියෙන් මතුවන ප‍්‍රශ්න මෙසේය.

1. ගානියාට වෙනත් අයකුගේ සිම්පතක් භාවිතා කළ හැකිද?

2. ගානියා පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ ඞී. බී. සමඟ සාකච්ඡුා කළේ කුමක්ද?

3. රජයේ මාධ්‍ය ආයතනයක හිටපු ප‍්‍රධානියා සහ හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකරගේ අබිරහස් සාකච්ඡුාවලට මුල් වූ කරුණු කුමක්ද?

4. රහස් පොලිසිය ගානියාගේ වත්කම් සහ ස්විට්සර්ලන්තයටත්, එතනින් ලන්ඩන් නුවරටත් යෑමට ඞී. බී. ට මුදල් සැපයුවේ කව්ද යැයි පරීක්‍ෂණ පවත්වා තිබේද? පැහැර ගැනීමට ලක් වූ බව කියමින් ගානියාට අදාළ සිදුවීම ගැන දේශපාලකයන් සිව්දෙනෙක්

පසුගිය කාලයේ විවිධ ප‍්‍රකාශ ඉදිරිපත් කළ අතර ඔවුහු අද නිහඬව සිටිති. රහස් පොලිසිය ඞී. බී.

නමැත්තියගෙන් මෙතෙක් ප‍්‍රකාශයක් ගෙන නැත. ඊට හේතු වී ඇත්තේ ඇය බි‍්‍රතාන්‍යයට යෑමයි. බි‍්‍රතාන්‍ය රජය ඇයව මෙරටට එවීමට ක‍්‍රියාකරනු ඇතැයි සිතිය නොහැකිය.

රහස් පොලිස් විමර්ශනවලදී ගානියා භාවිතා කළ අනුන්ගේ දුරකථනයෙන් රහස් රැුසක් හෙළි වුවත් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ ගානියා පැහැර ගැනීමට ලක් වූ බව කියා සිටී.

එම වාර්තාවට විදේශ කටයුතු බලධාරීන් අභියෝග කර නැත. එසේම ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය ගැන රජයේ බලධාරින් ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පැහැදිලිය.

මෙම සිදුවීමේ බරපතළ බව තහවුරුවන්නේ විදේශ ප‍්‍රවෘත්ති සේවාවක සේවය කරන්නියකගේ සිම්පත වෙනත් මාධ්‍යවේදිනියක් ලබාගෙන එය ගානියා ප‍්‍රැන්සිස්ට ලබා දීමයි.

ඉන් ගානියා සබඳකම් පැවැත්වූ ‘ජාලය’ සනාථ වී තිබේ.

එසේම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ගානියා සිද්ධියේ කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි නොකිරීම ද සැකයට තුඩු දෙන කරුණකි. මේ අතර රහස් පොලිස් නිලධාරීන් ගානියාගෙන් ඇය පැවැත්වූ දුරකථන සංවාද ගැන ප‍්‍රශ්න කර තිබේ. එසේ වුවත් මේ ගානියා ප‍්‍රබන්ධයෙන් ශ‍්‍රී ලංකාවට මහත් අවමානයක් සිදුවිය.

කොළඹ ස්විස් තානාපති කාර්යාලය ද ගානියාව විශ්වාස කළේය. ඇගේ රහස් මෙහෙයුමේ නළු නිළියන් මේ වන විට හෙළි වී ඇතත් ස්විස් තානාපති නිහඬව සිටී. මෙරට එන්.ජී. ඕ., මාධ්‍ය චක‍්‍රවර්තිලා ද බලා සිටියේ රජයට හොඳ හැටි පහර දීමටය. එහෙත් එම ප‍්‍රයත්නය අසාර්ථක විය.

ගානියා මෙහෙයුම ගැන වත්මන් රජය දුර්වල පිළිවෙතක් අනුගමනය කළේය. 2015 ට පෙර මහින්ද රාජපක්‍ෂ රජයට වැරදුනේ සතුරන් මිතුරන් හඳුනා නොගැනීම නිසාය. අදත් එය සිදු වී තිබේ.

බටහිර තානාපති කාර්යාලවල න්‍යාය පත‍්‍රයට අනුව ක‍්‍රියාකරන මාධ්‍ය පාර්ශ්ව මෙරට සිටී. රජය ඔවුන් ගැන විමසිලිමත් නොවීමෙන් ගානියා ප‍්‍රැන්සිස් ප‍්‍රබන්ධය වැනි මෙහෙයුම් ක‍්‍රියාත්මක විය.

මේ හැර ස්විස් තානාපති කාර්යාලය සමග සබඳකම් පවත්වන එන්.ජී. ඕ. ප‍්‍රධානීන් කව්දැයි රජය නිරීක්‍ෂණය කළ යුතුව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress