RANJANGATE SCANDAL – දුමින්ද ඉල්ලා මාලඹේදී තවත් උද්ඝෝෂණයක්
Posted on January 25th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදුකිරීම් පිළිබදව කරුණු විමර්ශනය කර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් අද පැවැත්වුණා.

ඒ මාලඹේ ප්‍රධාන බස් නැවතුම්පොල ආසන්නයේදීයි.

කඩුවෙල ජනතාව එම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඊට සිංහලේ ජාතික සංවිධානය, ලාංකික අපි ජාතික සංවිධානය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සහ තවත් සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියා.

මාලඹේ ප්‍රධාන බස් නැවතුම්පොල අසල විරෝධතාවයේ නිරත වූ ඔවුන් පසුව තලාහේන මංසන්ධිය දක්වා පාගමනින් පැමිණියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress