මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචා දූෂණ සෙවීමට විමර්ශන කමිටුවක්
Posted on January 29th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුණුවලට පරිබාහිරව 2016 වසරේ සිට 2019 වසර දක්වා සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ සෙවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුව විසින් අදාළ අක්‍රමිකතා සොයා බැලීම සඳහා පෙබරවාරි 10 වැනිදා දක්වා මහජන පැමිණිලි භාරගන්නා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව අදාළ පැමිණිලි තැපැල් මගින් බුද්ධශාසන සංස්කෘතිය හා ආගමික කටයුතු අමාත්‍යාංශය, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකරන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress