කොරෝනා වෛරසය මර්දනය කළ හැකි ප්‍රතිකාර ගැන සොයන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්
Posted on January 31st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට හැකි බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය, විදේශ සබඳතා, සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා.

පූර්ණ කැපවීමෙන් ඊට සහය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයාගේ ප්‍රසාදය පළ කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත් චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ විමසුමට ලක්වුනා.

වූහාන් නගරයේ සිට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නා ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වර්තමාන තත්වයට මුහුණදීමට ගත යුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කළා.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුලුල් කරන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress