දහදිය සිත්තම ‘‘ජයලත් මනෝරත්න උපහාර’’ කෙටි නාට්‍ය උළෙල
Posted on February 11th, 2020

දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල. (ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය.)

ජනමාධ්‍ය නිවේදනය හා ආරාධනයයි

දහදිය සිත්තම ‘‘ජයලත් මනෝරත්න උපහාර’’ කෙටි නාට්‍ය උළෙල අපේ රටේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්‍ෂේත‍්‍රයන්හි සේවයේ නියුතු ජනතාවගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම හා ජනගත කිරීමේ අරමුණු සහිතව මෙම කලා උළෙල වසර 12 ක් පුරාවට අඛණ්ඩව සිදුකරනු ලබයි.
වැඩකරන ජනතාවගේ නිර්මාණශීලී හැකියාවන් එකම වේදිකාවක ඇගයීමට ලක්කරන ලාංකීය එකම කලා උළෙල මෙම උළෙල බවද සිහිපත් කරමු.

ඊට සමගාමීව වාර්ෂිකව සිදුකරන දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල පෙබරවාරි 13 සවස 2.00 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල වෙනුවෙන් පුරා වසර 12 ක් තිස්සේ කරනු ලැබූ දායකත්වය සිහිකරමින් මෙවර කෙටි නාට්‍ය උළෙල ‘‘ජයලත් මනෝරත්න උපහාර’’ උළෙලක් ලෙස පැවැත්වීමට සාහිත්‍ය අනුකමිටුව තීරණය කරන ලදී.

එම කෙටි නාට්‍ය උළෙල පළමු වටයේ පිටපත් විනිශ්චයකින් අනතුරුව දෙවන වටයේ විනිශ්චය වෙනුවෙන් වේදිකාගත කර අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය අවසන් උළෙල වෙනුවෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇත. වේදිකාගත කිරීමට නියමිත කෙටි නාට්‍ය,
හේෂාන් කුරුප්පු අධ්‍යක්‍ෂණය කල බෝම්බ ගැහුවට කමක් නෑ අපි සින්දු කියමු
ගාමිණී ප‍්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කල සිල්ලර මිනිස්සු
පේ‍්‍රමරත්න තෙන්නකෝන් අධ්‍යක්‍ෂණය කල වෘක අස්වැන්න
චතුරංග පෙරේරා අධ්‍යක්‍ෂණය කල ස්පෙෂල් ඩොට් කොම්
චරිත් මධුරංග අධ්‍යක්‍ෂණය කළ අන්කලූයි මමයි
සරත්චන්‍ද්‍ර වල්පොල අධ්‍යක්‍ෂණය කල කර්ටර්න් කෝල්

පෙබරවාරි 13 දින සවස 2.00 ට මරදාන ටවර් රඟහලේ පැවැත්වෙන කෙටි නාට්‍ය උළෙල නැරඹීම සඳහා ඇතුල්වීමේ ගාස්තු අය නොකරන අතර කලාකාමී සියලූ සහෘදයින්ට මේ හා සම්බන්ධ වන මෙන් විවෘතව ආරාධනා කරන්නෙමු.

මෙම කලා කටයුත්ත පිළිබඳව ඔබ මාධ්‍ය ආයතනයෙන් ප‍්‍රචාරය කරන මාධ්‍යයන් වල පූර්ව ප‍්‍රචාරක කටයුත්තක් කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, එදින එම කටයුත්ත ආවරණය කිරීම සඳහා ද ආරාධනා කරමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
සභාපති
සාහිත්‍ය අනුකමිටුව
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress