යහපාලන ආණ්ඩුව මානව හිමිකම් කොමිසමට එකඟ වූ යෝජනා දෙකකින් ඉවත් වීමට දිනේෂ් ජිනීවා යයි
Posted on February 18th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාව පළ කළ 30 -1 සහ 40 -1 යෝජනා ද්විත්වයෙන් ශ්‍රී  ලංකා රජය ඉවත්වන බව දැනුම්දීමට විදේශ කටයුතු අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම මස 25 දා  ජිනීවා බලා යාමට නියමිත බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුධ අප‍රාධ චෝදනා ලත් හමුදා සෙබළුන් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරවිම ,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදහන්වුවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙක ට ඇතුළත්වනවා.

ජනාධිපති කාර්යාලයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඒ සදහා ජනාධිපති වරයා ඇතුළු රජයේ ඇමති වරු කිහිප දෙනෙක් සහභාගිවී තිබෙනවා .

මෙම යෝජනා දෙක මගින් අපේක්ෂා කර ඇත්තේ පවත්නා ව්‍යවස්ථා තත්වය අබිබවා පුළුල් ලෙස බලය බෙදීමක් බවයි වාර්තාවන්නේ .

මේ අතර මෙම යෝජනා දෙකෙහි ඇතුළත් එම කාරණාවලට රජයට එකග විය නොහැකි භයානක කාරණා බැවින් වහාම එම යෝජනා දෙකෙන් ඉවත් වීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය රජය මෙම යෝජනා දෙක පාර්මේලින්තුවට හෝ කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට කටුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress