භික්ෂූන් වහන්සේට අපේක්ෂකත්වය එපා – අස්ගිරි පාර්ශවය ඉල්ලයි
Posted on March 3rd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

රට තුළ අද සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පළමුව බැහැදුටුවා.

අනතුරුව ඔවුන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් බැහැදුටුවා.

හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි කොමිෂන් සභාවේ නියෝජිතයින් රාමඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ද බැහැදුටු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.  

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග වසර 5 ක නිල කාලය සපුරා නොතිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වනවා.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු සිටින අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුද සිටීම විශේෂත්වයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress